දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මාස දෙක තුනක් තුල සියළු ප‍්‍රශ්ණ විසදෙනවා... දෙගුණයක් වේගයෙන් වැඩ කරලා අපි රට ගොඩදානවාමයි - ඇමති ප්‍රසන්න
Homeප්‍රවෘත්ති

මාස දෙක තුනක් තුල සියළු ප‍්‍රශ්ණ විසදෙනවා... දෙගුණයක් වේගයෙන් වැඩ කරලා අපි රට ගොඩදානවාමයි - ඇමති ප්‍රසන්න

PropellerAds

කොවිඩ් නිසා රටට අහිමි වු සියලු දේ නැවත දිනා ගැනීම සදහා ආණ්ඩුව දෙගුණයක වේගයකින් වැඩකරමින් සිටින බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ...

නමක් පමණක් ඇති සමාගමකට ඩොලර් මිලියන 600 ක් රැස්කර ගත් චමත් පලිහපිටිය.
'අපිට හිරේ යන්න උනේ බැසිල් නිසා' - අනුෂ පැල්පිට.
යාපනයේ විරෝධතා පවත්වනවා නම් එ්ක නිදහසේ උත්තරීතරභාවය - රාජිත
කොවිඩ් නිසා රටට අහිමි වු සියලු දේ නැවත දිනා ගැනීම සදහා ආණ්ඩුව දෙගුණයක වේගයකින් වැඩකරමින් සිටින බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ ඉදිරි මාස කීපය තුළ රටතුළ පවතින අර්බුද රැසකට විසදුම් ලැබීම ස්ථිර බවයි. ආණ්ඩුව ඒ සදහා උපරිම ශක්තියෙන්  කටයුතු කරමින් සිටින බව ද ඇමතිවරයා පෙන්වා දෙයි.

මීරිගම ප්‍රා දේශිය ලේකම් කොට්ඨාශයේ කොවිඩ් නිසා මියගිය අඩු ආදායම්ලාභි පුද්ගලයන් 50 දෙනෙකු වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වලට රුපියල් 25,000 බැගින් වන ආධාර ප්‍රදානය වෙනුවෙන් උඩුගම්පොළ රෙජී රණතුංග ශ්‍රවණාගාරයේ පැවති වැඩසටහනක දී ඇමතිවරයා මේ බව සදහන් කළේය.

මෙම ආධාර ප්‍රදානය සිදු කෙරුණේ රෙජී රණතුංග ශිෂ්‍යත්ව භාරකාර අරමුදල මගිනි. මිට පෙර ද දොම්පේ මැතිවරණ බල ප්‍ර දේශයේ කොවිඩ් වසංගතය හේතුවෙන් මියගිය අඩු ආදායම්ලාභී පුද්ගලයන්ගේ පවුල් 50 කට මෙම ආධාරය ලබා දි තිබේ.

මෙහි දි වැඩිදුරටත් අදහස් දැක් වු ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

කොවිඩ් වසංගතය නිසා මේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය අපේ රටට පමණක් ඇති වු තත්ත්වයක් නෙමෙයි. මේක මුලු ලෝකයටම පොදු තත්ත්වයක්. මුලු ලෝකයකම කොවිඩ් වසංගතය නිසා දරුණු ආර්ථික අර්බුදයකට ලක්ව තිබෙනවා. කොවිඩ් වලට මුහුණ දෙමින් ලෝකය නව සාමාන්‍යකරණයකට ලක්වෙමින් තිබෙන කාලයක් මේක.

මේ තත්ත්වය අපේ රටටත් දරුණු ලෙස බලපාලා තිබෙනවා. පහුගිය වසර දෙකක කාලය තුළ කොවිඩ් නිසා රටට බොහෝ ජයග්‍රහණ මග හැරුණා. ඒ ජයග්‍රහණ යළි අත්පත් කර ගැනීම සදහා අපි රටක් ලෙස දෙගුණයක වේගයෙන් කටයුතු කරමින් ඉන්නවා. ආණ්ඩුව මේ අභියෝගය ජයග්‍රහණය කරන්න දිවා රෑ නොබලා උපරිමයෙන් කටයුතු කරද්දි අපේ රටේ විපක්ෂය කරන්නේ මොකක්ද? ආණ්ඩුවේ කකුලෙන් අදිනවා. ආණ්ඩුවට එරෙහි ව ජනතාව උසිගන්නනවා. ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණය කරනවා. අපේ රටේ විපක්ෂය තරම් ජනතා ද්‍රෝහි විපක්ෂයක් ලෝකේ කොහෙවත් නෑ. මේ විපක්ෂයට ඕනෑ කොවිඩ් වලට මුවා වෙලා රටේ ආණ්ඩු බලය ගන්නයි. හැබැයි මේ අයට ආණ්ඩු බලය වැරදිමකින් හරි ලැබුණොත් අපේ රටේ තත්ත්වය යහපත් වෙයිද? නෑ.. විපක්ෂයට මේ මොහොතේ බලය ගියොත් වෙන්නේ මේ රට දැනට තියෙන තත්ත්වයෙනුත් තවත් පහළට යාමයි.  මොකද රට ගොඩ ගැනීමේ දැක්මක් හා වැඩපිළිවෙලක් විපක්ෂයට නෑ. පවතින තත්ත්වය කළමණාකරණය කරන්නටවත් විපක්ෂයට හැකියාවක් නෑ. ඔවුන්ට පුළුවන් සම්පප්ප්‍රලාප දොඩවන්න විතරයි.

අපි මේ රට යළි ගොඩනගනවාමයි. රටේ ජනතාව කොවිඩි වලින් මිය යද්දි කොවිඩ් එන්නත ගෙනවිත් මරණ සංඛ්‍යාව අඩු කරගන්න හැකියාව ලැබුණා. කොවිඩ් වසංගතය නිසා විනාශ වුණ බොහෝ කර්මාන්ත දැන් යළි ක්‍රියාත්මක වෙමින් පවතිනවා. සංචාරක හා ගුවන් සේවා ක්ෂේත්‍රය ද මේ වන විට යථා තත්ත්වයට පත්වෙමින් තිබෙනවා. තෙල්, විදුලිබල, ප්‍රවාහනය වගේ  ක්ෂේත්‍ර වල දැන් තිබෙන අර්බුදත් අපි කළමණාකරණය කර ගනිමින් තිබෙනවා. ඉදිරි මාස දෙක තුන තුළ මේ අර්බුද සියල්ල විසදෙනු ඇතැයි අපි තුළ දැඩි විශ්වාසයක් තිබෙනවා. ඇත්තටම අපි ඒ සදහා උපරිම ලෙස කටයුතු කරනවා. විපක්ෂය මොන අවලාද නැගුවත් ආණ්ඩුව උපරිම ශක්තිය යොදවා තිබෙන්නේ වත්මන් ආර්ථික අර්බුදයෙන් රට මුදා ගන්නයි. බල්ලෝ බිරුවට කදු පාත්වෙන්නේ නෑ. ඒ වගේ විපක්ෂය මොන අවලාද නැගුවත් මොනතරම් කෑ ගැහුවත් කුමන බාධක පැමිණියත් කොවිඩ් වසංගතයෙන් පසු රට ගොඩ ගැනීමේ අපේ සටන අපි නතර කරන්නේ නෑ.

මිරිගම ප්‍රා දේශිය සබාවේ සබාපති සරත් නන්දසිරි රණතුංග, රන්ලිය අරුණ කාන්තා සංවිධානයේ සභාපතිනි අර්චනා රණතුංග යන මහත්ම මහත්මිහු ද මෙහි දි අදහස් පළ කළහ.

– ප්‍රදීප් අනුර කුමාර


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මාස දෙක තුනක් තුල සියළු ප‍්‍රශ්ණ විසදෙනවා... දෙගුණයක් වේගයෙන් වැඩ කරලා අපි රට ගොඩදානවාමයි - ඇමති ප්‍රසන්න
මාස දෙක තුනක් තුල සියළු ප‍්‍රශ්ණ විසදෙනවා... දෙගුණයක් වේගයෙන් වැඩ කරලා අපි රට ගොඩදානවාමයි - ඇමති ප්‍රසන්න
https://blogger.googleusercontent.com/img/a/AVvXsEiRl5d9_mbj_Ltsc1te3vzSVLZZXSdPPc5V0-0OJqnbuMOXH3fAiVmdICHXXcI2Eelli54gQuJVqGuyvrIPuZxVegspvUc41tb4OFjaW7ve0ZTTczPXElasfmnYM78YggiXQqHWQu6lKV1bWozK-L6brHySwDROk1goM65nEoXEUUH1OAhL-k3aIU2Pww=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEiRl5d9_mbj_Ltsc1te3vzSVLZZXSdPPc5V0-0OJqnbuMOXH3fAiVmdICHXXcI2Eelli54gQuJVqGuyvrIPuZxVegspvUc41tb4OFjaW7ve0ZTTczPXElasfmnYM78YggiXQqHWQu6lKV1bWozK-L6brHySwDROk1goM65nEoXEUUH1OAhL-k3aIU2Pww=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/03/blog-post_55.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/03/blog-post_55.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy