දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
යාපනයේ විරෝධතා පවත්වනවා නම් එ්ක නිදහසේ උත්තරීතරභාවය - රාජිත
Homeප්‍රවෘත්ති

යාපනයේ විරෝධතා පවත්වනවා නම් එ්ක නිදහසේ උත්තරීතරභාවය - රාජිත

PropellerAds

  රටට භීතිකාවක්ව පැවති සුදු වෑන් සංස්කෘතිය අවසන් කර ඇති බවත් ඒ නිසා ජනතාව නිදහස භුක්ති විඳින බවත් ඇමතිවරයා පවසයි. සෞඛ්‍ය අමාත්‍ය රාජිත ...

'පොහොට්ටුව ගැන අහන්න ඕන පොහොට්ටුව අතගාපු කෙනෙක්ගෙන්' - තලතා (VIDEO)
කවුරුත් නොකළ වැඩක් මෛත්‍රී ජනපති මන්දිරයේදී කරලා (VIDEO)
සිතාසි බෙදන්නා අල්ලස් ගනිද්දී මාට්ටු
යාපනයේ විරෝධතා පවත්වනවා නම් එ්ක නිදහසේ උත්තරීතරභාවය - රාජිත

 

රටට භීතිකාවක්ව පැවති සුදු වෑන් සංස්කෘතිය අවසන් කර ඇති බවත් ඒ නිසා ජනතාව නිදහස භුක්ති විඳින බවත් ඇමතිවරයා පවසයි.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙම අදහස් පළකළේ ඊයේ (17) මාතර, ගොඩගම නව දිස්ත්‍රික් රෝහල් භූමියේ පිහිටි හෙද විද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාරය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි. තවදුරටත් එහිදී අදහස් දැක්වූ ඇමතිවරයා,

'මාතර මහ රෝහල වසර 2020 වනවිට සංවර්ධනය කිරිමට අපි තීරණය කර තිබෙනවා. රෝගී සුරක්ෂිතතාවය සිදු කිරීමේ දී රෝග ප්‍රතිකාර විධිමත්ව සිදු කිරිම වැදගත් කරුණක්. රෝහල්වල යටිතල පහසුකම් සංවර්ධනය කළ යුතුයි. හම්බන්තොට, නුවරඑළිය නව මහ රෝහල් කඩිනමින් විවෘත කිරීමට පියවර ගන්නවා. එහි තිබූ ගැටලු මේ වනවිට විසදා අවසන්. තවත් රෝහල් රැසක් සංවර්ධනය කිරීමට කටයුතු යොදා ඇති අතර මෙතෙක් ප්‍රතිකාර ක්‍රම ආරම්භ නොකළ රෝග සදහා ද ප්‍රතිකාර ක්‍රම ආරම්භ කර තිබෙනවා. දුප්පත් ජනතාවට නිදහස් සෞඛ්‍ය සේවාව මෙතෙක් ක්‍රියාත්මක වූයේ නැහැ. නමුත් යහපාලන රජය යටතේ දුප්පත් ජනතාවට නොමිලයේ සියලුම සෞඛ්‍ය සේවාවන් සපයනවා. නිර්දන පංතිය වෙනුවෙන් සේවය කළ යුතුයි.'

'සෞඛ්‍ය සේවාවේ මානව සම්පත් ගැටලුව ප්‍රශ්ණයක්. විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද හෙදියන් ප්‍රමාණවත් තරම් නැහැ. හෙද හෙදියන් අවම වීම නිසා තමයි රෝගීයෙක් පිළිබදව විමසූ විට හෙද හෙදියන් විවිධ වචන කියන්නේ. රෝගීන් බලාගන්නා ප්‍රමාණයට වඩා වැඩ කොටසක් ඔවුන්ට පැවැරී තිබෙනවා. නමුත් සෞඛ්‍ය සේවකයින්ට එවැනි වචන ප්‍රකාශ කරන්න බැහැ. “ආරෝග්‍යා පරමා ලාභා” කියලා බුදුරජාණන් වහන්සේ ද ප්‍රකාශ කර තිබෙනවා. එම නිසා රෝගීන්ට අවශ්‍ය දත්ත ලබාදීමට හෙද හෙදියන් කටයුතු කළ යුතුයි. රෝගයකට ගොදුරු වූ පසු කෝටිපතියන් පවා අසරණ වෙනවා. මුදල් තිබුනට වැඩක් නැහැ. හෙද හෙදියන්ගේ වැටුප් වැඩි කිරිමට පියවර ගෙන තිබෙනවා. නමුත් නොලැබුනු දේ ගැන තමයි කථා කරන්නේ. ලැබුනු දේ ගැන කථා කරන්නේ නැහැ. සුදු වෑන් සංස්කෘතිය අද නැහැ. උතුරේ ජනතාව නිදහසේ අයිතිය භුක්ති විදනවා. පසුගිය රජය සමයේ උතුරේ ජනතාව පාරට බැස්සා නම් යන්න වෙන්නේ වෙනම ගමනක්. අද දිනයේ යාපනයේ ජනතාව විරෝධතා පවත්වනවා නම් ඔවුන්ට නිදහසේ උත්තරීතරභාවය ලැබී තිබෙනවා. සෞඛ්‍ය සේවාවේ මානව සම්පත වැඩි කිරිමට පියවර ගෙන ඇතත් එහි ප්‍රතිඵල ලැබෙන විට කාලයක් ගත වෙනවා. සෞඛ්‍ය සේවාව තුල රාජකාරී ඉටු කිරීමේ දී පිනක් ලැබෙනවා. දෙවියන්ට පුද පූජා පවත්වා ලබාගන්නා පිනට වඩා එය වටිනවා. කතරගම දේවාලයේ පසුගියදා ඇති වූ ගැටුම් වලටත් මුල මුදල්. කළ හොද පිටුපසින් එනවා. රෝගීන්ට හොදින් කථා කරන්න. රෝගීන්ට උදවු කරන්න. සමහර දවස් වල මහජන දිනය දවසේ ඇතැම් රෝගීන් පැමිණ සෞඛ්‍ය අමාත්‍යධූරය මටත් උගන්වනවා. එය හොදයි. මම අහගෙන ඉන්නවා. ධීවර හා ජලජ සම්පත් අමාත්‍යධූරය දරන සමයේ දී මට තිබුනේ මත්ස්‍ය සම්පත වැඩි කිරිමයි. එහිදී මසුන් මරන්න සිදු වුනා. මත්ස්‍ය සම්පත ටොන් ප්‍රමාණයකින් වැඩිවීම පිළිබදව තමයි මම කථා කලේ. නමුත් අද අසරණ රෝගීන්ට පිහිටවීමට මට අවස්ථාව උදාවී තිබෙනවා. එය පිනක්. නිදහස් සෞඛ්‍ය සේවාව විනාශ කරන බවට ඇතැමුන් චෝදනා කරනවා. නිදහස් සෞඛ්‍ය සේවාව ආරක්ෂා කිරිමට රජය පියවර ගෙන තිබෙනවා.'

මෙම උත්සවයෙන් පසු සෞඛ්‍ය අමාත්‍යවරයා මාතර දිස්ත්‍රික් නව රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට ද එක්විය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29288,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: යාපනයේ විරෝධතා පවත්වනවා නම් එ්ක නිදහසේ උත්තරීතරභාවය - රාජිත
යාපනයේ විරෝධතා පවත්වනවා නම් එ්ක නිදහසේ උත්තරීතරභාවය - රාජිත
http://ift.tt/2fe4g0E
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_644.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_644.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy