දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නමක් පමණක් ඇති සමාගමකට ඩොලර් මිලියන 600 ක් රැස්කර ගත් චමත් පලිහපිටිය.
Homeප්‍රවෘත්ති

නමක් පමණක් ඇති සමාගමකට ඩොලර් මිලියන 600 ක් රැස්කර ගත් චමත් පලිහපිටිය.

PropellerAds

ඒකාබද්ධ ප්‍රාග්ධන අරමුදල් (venture-capital) සම්පාදන සමාගමක් වන Social Capital හි නිර්මාතෘ චමත් පලිහලිටිය විසින් දියත් කරනු ලැබූ මූලික මහජන...

උතුරු පලාත් සභා මන්ත්‍රී ටී.රවිහරන් අත්අඩංගුවට
ඒකාබද්ධයේ ජනපති අපේක්ෂකයා නම් කිරීමට මහින්ද සූදානම්! රහස් රකින්න තීන්දුවක් ගනී
"මහින්දගේ කාලෙවත් මෙහෙම වුණේ නැහැ" - ෆොන්සේකා ආණ්ඩුවට දෙහි කපයි

ඒකාබද්ධ ප්‍රාග්ධන අරමුදල් (venture-capital) සම්පාදන සමාගමක් වන Social Capital හි නිර්මාතෘ චමත් පලිහලිටිය විසින් දියත් කරනු ලැබූ මූලික මහජන කොටස් නිකුතුව මගින් ඇමරිකානු ඩොලර් මිලියන 600 ක් එක්රැස් කර ගෙන තිබේ.

ලන්ඩලයේ තවත් මෙවැනිම ඒකාබද්ධ ප්‍රාග්ධන අරමුදල් සම්පාදන සමාගමක් වන Hedosophia හා ඒකාබද්ධ වෙමින් ස්ථාපිත කරන ලද Social Capital Hedosophia Holdings Corp විසින් දියත් කරනු ලැබූ මෙම මූලික කොටස් නිකුතුව තුළින් තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ ඉහළම ආයෝජනයට මුල පුරන ලද පුද්ගලයා බවට චමත් පලිහපිටිය හඳුන්වා දීමට විදෙස් මාධ්‍ය කටයුතු කර ඇත.

පසුගිය බදාදා (13) සමාගම විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මූලික මහජන කොටස් නිකුතුව හරහා ඩොලර් මිලියන 600 ක් සම්පාදනය කර ගෙන ඇති බවයි. බදාදා දිනයේ දී නිව්යෝර්ක් ව්‍යාපාර වස්තු හුවමාරුවෙහි මෙම කොටසක් ඩොලර් 10 බැගින් ලැයිස්තුගත කරනු ලැබූ අතර පසුදින එනම් බ්‍රහස්පතින්දා පළමු භාගය තුළ දී 3.5% කින් මෙම කොටසක් ඉහළ නැග තිබේ.

කෙසේ වෙතත් මෙහි ඇති විශේෂත්වය වන්නේ Social Capital Hedosophia සතුව කිසිදු භාණ්ඩයක්, ගනුදෙනුකරුවකු හෝ සේවාවක් මේ වනතුරුත් නොමැති වීමයි. සැබැවින්ම එය නම පමණක් හැරෙන්නට එය කිසිවක් නැති සමාගමකි.

මෙම අරමුදල් සම්පාදනය තුළින් සමාගම අපේක්ෂා කරනු ලබන්නේ පුද්ගලික තාක්ෂණික සමාගම්වල, මූලාරම්භ (startups) කොටස් මිල දී ගැනීමයි. එය සුළුතර කොටස් ප්‍රමාණයක සිට බහුතර, පාලන බලය සහිත කොටස් ප්‍රමාණයක් මෙන්ම සම්පූර්ණ අයිතිය අත්පත් කර ගැනීමක් දක්වා විය හැකිය. විශේෂයෙන්ම මහජන නිකුතු හරහා අරමුදල් සම්පාදනය කර ගැනීමට නොහැකි සමාගම්වලට චමත් ගේ මෙම ක්‍රියාව විශාල ආශිර්වාදයකි.

AOL හි උපසභාපතිධූරයට පත් ලාබාලම පුද්ගලයා ලෙසින් ඉතිහාසගත වන චමත් පලිහපිටිය පසුකාලයේ දී මාර්ක් සකර්බර්ග් සමඟ එක්වූයේ ෆේස්බුක් සමාජ ජාලයේ ආරම්භක වකවානුවේ දීය. එහි විධායක නිලධාරියෙකු ලෙස කටයුතු කළ ඔහු ෆේස්බුක් සාමාජිකයින් සංඛ්‍යාවෙහි දැවැන්ත වර්ධනය අත්පත් කර ගැනීම සඳහා සාධනීය බලපෑමක් කළ අයෙකි.

Social Capital Hedosophia ඇස්තමේන්තු කර ඇති ආකාරයට මේ වන විට සිය ආයෝජන යෙදවීමට සූදානම් startups සමාගම් 150 ක් පමණ ඇති අතර ඒවා සියල්ලගේ වටිනාකම් ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවා තිබේ. වර්තමානයේ දී ලැසිස්තුගත තාක්ෂණික සමාගම් 200 ක් පමණ වන අතර ඒවායේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ඩොලර් බිලියන 1 කි.

මේ අනුව තවත් වසරක කාලයක් තුළ දී Social Capital Hedosophia ආයෝජිත සමාගම්, ලැයිස්තුගත කිරීමට බලාපොරොත්තු වන අතර තොරතුරු තාක්ෂණ අංශයේ ඔහු සිදුකරනු ලබන මෙම ආයෝජන සමඟම අනාගතයේ දී මෙම කර්මාන්තයේ වොරන් බෆේ කෙනෙකු බවට චමත් පලිහපිටිය පත්වනු ඇති බවට විශ්ලේෂකයින් අනාවැකි පළ කරනු ලබයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නමක් පමණක් ඇති සමාගමකට ඩොලර් මිලියන 600 ක් රැස්කර ගත් චමත් පලිහපිටිය.
නමක් පමණක් ඇති සමාගමකට ඩොලර් මිලියන 600 ක් රැස්කර ගත් චමත් පලිහපිටිය.
http://ift.tt/2ykzAzc
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/600.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/600.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy