දිවි නැගුම මුදල් අවභාවිතා කළ බවට චෝදනා ගොනු කරමින් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඒ මහතා නිදොස් කොට නිදහස් කර ති...
දිවි නැගුම මුදල් අවභාවිතා කළ බවට චෝදනා ගොනු කරමින් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඒ මහතා නිදොස් කොට නිදහස් කර තිබේ.
අද කොළඹ මහාධිකරණය විසින් මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේ බැසිල් රාජපක්ෂ මහතා සහ එවකට දිවිනැගුම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක මහතා මෙසේ නිදොස් කොට නිදහස් කර ඇත.
2015 වසරේ පැවති ජනාධිපතිවරණ සමයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ලිත් ලක්‍ෂ පනහක් මුද්‍රණය කිරීමට දිවිනැගුම දෙපාර්තමේන්තුවේ රුපියල් කෝටි 3කට ආසන්න මුදලක් යොදා ගනිමින් රාජ්‍ය මුදල් අවභාවිතා කළේ යැයි මෙම නඩුවෙන් චෝදනා කර තිබිණි.

COMMENTS