දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

එංගලන්තයේ ත්‍රස්තයින් කණ්ඩායමක් අවුරුදු 10 ක්ම ශ්‍රී ලාංකික තරුණියක් සිරකරගෙන?

වසර දහයක් තිස්සේ ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් සඟවාගෙන සිටින ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳව සංවේදී පුවතක් දිවයින පුවත්පත වාර්තා කර සිටිනවා.එ...

වසර දහයක් තිස්සේ ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් සඟවාගෙන සිටින ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳව සංවේදී පුවතක් දිවයින පුවත්පත වාර්තා කර සිටිනවා.එම පුවත පහතින්.

ගාල්ල නගරය සහ තදාසන්න ප්‍රදේශවලදී නිතරම දක්නට ලැබෙන සුවිශේෂි කුඩා වෑන් රථයකි. වැන් රථය පුරාම සිංහලෙන් සහ ඉංග්‍රීසි භාෂාවෙන් මෙසේ ලියා ඇත.


 "එංගලන්තයේ ත්‍රස්ත කල්ලියක් විසින් වසර දහයක් තිස්සේ සිරකරගෙන සිටින මාගේ දියණිය නිදහස් කරනු"... 
 
මේ වෑන් රථය ධාවනය කරන්නේ එසේ එංගලන්තයේදී පැහැරගෙන ඇති තරුණියගේ පියාය.

මෙසේ පැහැර ගැනීමට හේතුව දැන ගැනීමට අප එම තරුණියගේ පියා සොයා උණවටුනට ගියෙමු. ඔහු සේනක සොයිසා සිරිවර්ධනය. සේනක කියන මේ කතාව හද කම්පා කරවන කතාවකි. 

"මගේ උපන්ගම ගාල්ල රත්ගම. විවාහයෙන් පසු ස්ථිර පදිංචිය වුනේ කැළණිය පට්ටිය හන්දිය. ඇත්තටම මම උණවටුනට ඇවිල්ල ඉන්නේ මගේ ජිවිත ආරක්ෂාවටයි. මගේ තාත්ත එංගලන්තයේ හිටියේ. මම කොළඹ වේළුවන විද්‍යාලයේ සහ නාලන්දා විද්‍යාලයේ ඉගෙන ගත්තේ. පසුව මමත් බිරිඳත් එවකට
අවුරුදු තුනක් වූ මගේ ආදරණිය දුවත් එක්ක 2001 වසරේ එංගලන්තයට ගියා. එහි ගොස් මම Leicester විශ්ව විද්‍යාලයෙන් සාගර පරිවහන කළමනාකරණය පිළිබඳ උපාධියක් ලබා ගත්තා. තාත්තත් මමත් බිරිඳත්
දියණියත් එංගලන්තයේ ලන්ඩන් නුවර ජීවත් වෙමින් සිටියදි 2010 ජනවාරි 31 වැනිදා තාත්තා මිය ගියා.

ඉන්පසු මමත් බිරිඳත් දුවත් නිවසේ සිටියදී 2012 ජනවාරි මස දිනක රාත්‍රි නිවසට කඩා වැදුන එංගලන්තයේනැෂනල් ක්‍රයිම් ඒජන්සි (එන්.සී.ඒ) නමැති ත්‍රස්ත කල්ලිය විසින් නිවස තුළදීම මගේ දාහතර හැවිරිදි දියණිය සමූහ දූෂණයට ලක්කොට පැහැරගෙන ගියා. පියෙක් හැටියට මම කොහොම බලාගෙන ඉන්නද? එදා සිට මම කියන්න ඕන සියලුම දෙනාට කිව්වා. ලිව්වා. නමුත් තවමත් කිසිම ප්‍රතිපලයක් නැහැ. ඇය සිටින තැනක් මේ වනතුරු දැන ගැනීමට නැහැ. මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාරලිමේන්තුවට, සාමි මණ්ඩලයට, ඇමැති මණ්ඩලයට,
,පොලිසියට – ඇතුලු අධිකරණයට
සියලු ආයතන දැනුවත් කළා. පසුව මගේ ජීවිතයටත් තරජන එල්ල වෙන්න පටන් ගත්තා. එනිසා මම රුසියානු ජනාධිපතිතුමාගෙන් සහ විදේශ කටයුතු ඇමැතිතුමාගෙන් කළ ඉල්ලිමක් අනුව ලන්ඩන් නුවර කෙන්සින්ටන්හි රුසියානු තානාපති කාර්යාලයේ රැකවරණ පතන ලෙස දැනුම් දුන්නා.

කෙසේ නමුත් මම 2018 පෙබරවාරි 12වෙනිදා ලංකාවට ආවා. ඇයට විෂ මත් ද්‍රව්‍ය ලබාදෙමින් විවිධ වධ හිංසා කරමින් දූෂණ කටයුතු සඳහා යොදවන බවට ආරංචියි. එංගලන්තයේ මෙම ත්‍රස්ත කල්ලියෙන් මෙරටදිත් අනතුරක් වියහැකි නිසා මම මේ පිළිබඳව පොලිස් මුලස්ථානයට, මිටියාගොඩ පොලිසියට, කිහිප විටක්ම කරුණු දක්වා තිබෙනවා. එයට අමතරව කොළඹ ඇල්විටිගල මාවතේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයටත් 2018 අගෝස්තු 24 පැමිණිලි කළා.නමුත් එම පැමිණිල්ලට කුමක් වුනාද දන්නේ නැහැ. මගේ ආදරණිය තිරශ්මි සොයිසා සිරිවර්ධන දුව බේරා ගැනීමට උදව්වන ලෙස මම සියලු ලෝකවාසීන්ගෙන් බැගෑපත්ව ඉල්ලා සිටිනවා.

අහංගම සුගතපාල දීයගහගේ,ගැමුණු චන්ද්‍රලාල්

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28553,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එංගලන්තයේ ත්‍රස්තයින් කණ්ඩායමක් අවුරුදු 10 ක්ම ශ්‍රී ලාංකික තරුණියක් සිරකරගෙන?
එංගලන්තයේ ත්‍රස්තයින් කණ්ඩායමක් අවුරුදු 10 ක්ම ශ්‍රී ලාංකික තරුණියක් සිරකරගෙන?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEizxgwv40lqP_AUj2LCPFJiYONpyl32_kxxqNcEBz737NtdJZWUEKHxV3SRczRFfmeCGRGNLnslb_pJhxbzYDRhbB9n1pjCKlOPmm1G70Nm4AuhcqzxLj6-DpHvouxN7z81hc6G4waxpz_NNlx2sg2E7nKHMovTucjpI1CoMQZQrjWdbVnl8W2bQrKvGg/s320/download.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEizxgwv40lqP_AUj2LCPFJiYONpyl32_kxxqNcEBz737NtdJZWUEKHxV3SRczRFfmeCGRGNLnslb_pJhxbzYDRhbB9n1pjCKlOPmm1G70Nm4AuhcqzxLj6-DpHvouxN7z81hc6G4waxpz_NNlx2sg2E7nKHMovTucjpI1CoMQZQrjWdbVnl8W2bQrKvGg/s72-c/download.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/08/10.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/08/10.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy