දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහ රහතුන් වැඩි මඟ ඔස්සේ දම් දෙසන රාජගිරියේ අරියඥාන හිමිගෙන් රාජ්‍ය නායකයාට මතක හිටින බණක්!
Homeප්‍රවෘත්ති

මහ රහතුන් වැඩි මඟ ඔස්සේ දම් දෙසන රාජගිරියේ අරියඥාන හිමිගෙන් රාජ්‍ය නායකයාට මතක හිටින බණක්!

PropellerAds

සැබෑ බෞද්ධ රාජ්‍ය පාලකයකු යනු තනි මතයට අනුව ක්‍රියා කරන්නකු නොවිය යුතු බවත් නිතර රැස්වී සමගිව කතා බහ කොට අන් අයගේ අදහස්ද ගෙන නිවැරදි ලෙස ර...

එජා සංවිධානය අප ගැන මනා විපරමිකින් පසුවෙනවා - ඇමති මහින්ද 
දිස්ත්‍රික්ක 14කදී හෙට සුනාමි පෙරහුරුවක් (VIDEO)
ඡන්දෙ තියන්න පුළුවන්නම් මේ වෙනකොටත් තියලා
සැබෑ බෞද්ධ රාජ්‍ය පාලකයකු යනු තනි මතයට අනුව ක්‍රියා කරන්නකු නොවිය යුතු බවත් නිතර රැස්වී සමගිව කතා බහ කොට අන් අයගේ අදහස්ද ගෙන නිවැරදි ලෙස රට පාලනය කරන්නකු විය යුතු බවත් ‘මහ රහතුන් වැඩි මඟ ඔස්සේ’ ධර්මය දේශනා කරන පූජ්‍ය රාජගිරියේ අරියඥාණ හිමියෝ පවසති.

රුවන්වැලි සෑයට හෝ කතරගම කිරි වෙහෙරට පුද පූජා කළාට හෝ නායක ස්වාමීන් වහන්සේලා හමුවුණාට තමා හෝ බෞද්ධ නායකයකු යයි කියාගත්තාට සැබෑ බෞද්ධ රාජ්‍ය පාලකයකු නොවන බවත් සැබෑ බෞද්ධ රාජ්‍ය නායකයකු රටේ ජනතාවට ආර්ථික වශයෙන් සහ මානසික වශයෙන් නිදහස්ව ජීවත් වීමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කළ හැකි පුද්ගලයකු විය යුතු බවද ප්‍රකාශ කළ උන්වහන්සේ වර්තමානයේ පවතින සියලු ප්‍රශ්නවලට මුල අන් අදහස් නොසලකා තනි මතයට තීන්දු තීරණ ගැනීම බව භික්ෂුවක ලෙස තමන් විශ්වාස කරන බව ප්‍රකාශ කළ අතර තමන්ට අවශ්‍ය විවේචනය කිරීම නොව පවතින අඩුපාඩු නිවැරදි කර ගැනීමට බවද පෙන්වා දුන්හ.

ගුවන් විදුලි ධර්ම සාකචඡාවකට සහභාගී වෙමින් තවදුරටත් අදහස දැක්වූ අරියඥාණ හිමියෝ

“මට හිතිල තියෙන්නේ අද සමාජයට බණ කියන එකත් තේරුමක් නෑ කියල. ජනතාව තුළ මානසික ආර්ථික ප්‍රශ්න අඩුවෙල තිබෙන්න ඕන. ඔවුන් නිදහසේ ජීවත් වෙනන් ඕන. එහෙම නැතිනම් මේ කියන බණවලින් වෙන්නේ අපි ජනප්‍රිය වීම පමණයි. එයින් සමාජයට සෙතක් වෙන්නේ නෑ.

නායකයෝ සමගියෙන් රැස්වෙන්න ඕන. මේ මොහොතේ රට තුළ මතුවෙලා තිබෙන බරපතල ප්‍රශ්නය කුමක්ද, කළ යුත්තේ කුමක්ද යනන් සමගියෙන් සාකච්ඡා කළ යුතුයි.

අද ඒ දෙවල් වෙනවද? නෑ… මාධ්‍ය සංදර්ශන නැතිව නිවැරදි දේ දැන්වත් ක්‍රියාත්මක කළ යුතුයි. බුදු රජාණන් වහන්සේ මීට අවුරුදු 2600කට ඉස්සර දේශනා කරන්නේ වර්තමානය දැකල වගේ. උන්වහසේ තම දෙශනාවල සඳහන් කර තිබෙනවා, රටේ කෘෂිකර්මාන්ත තුළින් ජීවත් වන ජනතාවට අවශ්‍ය පොහොර අවශ්‍ය ණය මුදල් නොකඩවා ලබා දෙන්න. ඒවා දුර්වල කරන්න එපා. මේ දේශනා අදටයි වැදගත් වෙන්නේ. කෘෂිකාර්මික කටයුතු කරන ජනතාවට බීජ ටික අඩු මිලට දෙන්න. පොහොර ටික සහනාධාරවලට දෙන්න. වගා පහසුකම් ණය අඩු පොලියට දෙන්න. ඒවා රාජ්‍ය නායකයාගේ යුතුකම්.

ඒ වගේම පුංචි ළදැරියගේ පටන් වැඩිහිටි කාන්තාව දක්වා කාන්තාවගේ ආත්ම ගරුත්වය විනාශ වෙනන් දෙන්න එපා. මාතෘත්වය විනාශ වූ තැන ඒ සමාජයම විනාශ වෙලා. රාජ්‍ය නායකයා මම බෞද්ධයෙක් කියනවා. ඒ බෞද්ධ ගති එකක්වත් වෑ. මේ මොහොතේ පටන් නිවැරදි වෙන්න. බුදුන් වහන්සේ දේශනා කළ තැන් සිට රාජ්‍යය විචාරන්න.

රටේ ජනතාව මේ තත්ත්වයට පත් කරන්න කිසිම රාජ්‍ය නායකයකුට අයිතියක් නෑ. මේ ලැබුවාවූ අවුරුද්දේ මමත් ඇතුළුව අපිත් මානසික රෝගීන්. බුදුන් වහන්සේ ප්‍රකාශ කර තිබෙන්නේ උතුම් සෝවාන් ඵලයට පත් නොවූ අප සැම මානසික රෝගීන්. අප තනි මතයට වැඩ නොකළ යුතුයි. සාකච්ඡා කරන්න.

අපි නිහතමානී වෙන්න ඕන. රටේ රාජ්‍ය නායකතුමාට අපි ගරුකරනවා. බලවත් කොටි ත්‍රස්තවාදයක් තිබුණු වෙලාවේ නායකත්වය දුන් නායකයෙක්. එදා යුද්ධය කියන කාරණයක් දේශපාලනය කියන කාරණයත් කාරණා දෙකක්. කොටි ත්‍රස්තවාදියට එරෙහිහව මේ රටේ සෑම සාමකාමී කොටසකගේම සහයෝගය ලැබුණා. එදා මේ රටේ ජීවත් වුණ සියලුම ජනතාව සහය දුන්නා, කොටි ත්‍රස්තවාදියට එරෙහිව. කොටි ත්‍රස්තවාදියට උදව් කළේ ජාත්‍යන්තරය පමණයි. ඊට වඩා දේශපාලනය වෙනස්. දේශපාලනයේදී පිරිසක් ඡන්දය දුන්නට පිරිසක් විරුද්ධයි. මේ සියලු තත්ත්ව සලකා රාජ්‍ය පාලය කළ යුතුයි. “

එහිචී තවදුරටත් තම විචාරය දක්වමින් රාජගිරියේ අරියඥාණ හිමියන් සඳහන් කළේ රාජ්‍ය නායකයා රටේ හැම තැන ගොස් විහාර ආරාම රජයේ වියදමින් සෑදීම නොව විය යුත්තේ රටේ ධාර්මිකව උපයන බෞද්ධ ව්‍යාපාරික ප්‍රජාවක් හොඳ ආර්ථිකයක් සැකසීමට උදව් කිරීම බවත් එයින් බිහිවන දානපතියන් අතින් මේ විහාර ආරාම නිර්මාණය විය යුතු බවත්ය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහ රහතුන් වැඩි මඟ ඔස්සේ දම් දෙසන රාජගිරියේ අරියඥාන හිමිගෙන් රාජ්‍ය නායකයාට මතක හිටින බණක්!
මහ රහතුන් වැඩි මඟ ඔස්සේ දම් දෙසන රාජගිරියේ අරියඥාන හිමිගෙන් රාජ්‍ය නායකයාට මතක හිටින බණක්!
https://blogger.googleusercontent.com/img/a/AVvXsEhR8UIa9nHmCb8XY1--3wj3Kfq052i6yYmy7hGQs61HTpQfh2yEw78sB3H-np3VMPspP-bmCmMYCrfM9GXAI0V9krEtTQThBnPDqD2PrlxS_rpubIpafb9R41pBH3Ov7miqv6YMAlYNJPOpN4ZVI8vjUerQgM9nKhL_n8LdWGn1ePX3FQUL2tMrxhD1wA=w320-h214
https://blogger.googleusercontent.com/img/a/AVvXsEhR8UIa9nHmCb8XY1--3wj3Kfq052i6yYmy7hGQs61HTpQfh2yEw78sB3H-np3VMPspP-bmCmMYCrfM9GXAI0V9krEtTQThBnPDqD2PrlxS_rpubIpafb9R41pBH3Ov7miqv6YMAlYNJPOpN4ZVI8vjUerQgM9nKhL_n8LdWGn1ePX3FQUL2tMrxhD1wA=s72-w320-c-h214
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/01/blog-post_83.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/01/blog-post_83.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy