දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එජා සංවිධානය අප ගැන මනා විපරමිකින් පසුවෙනවා - ඇමති මහින්ද 
Homeප්‍රවෘත්ති

එජා සංවිධානය අප ගැන මනා විපරමිකින් පසුවෙනවා - ඇමති මහින්ද 

PropellerAds

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් මහතා පසුගියදා ශ්‍රී ලංකාවේ කළ සංචාරයේ දී එතුමා විසින් කළ ප්‍රකාශයන් අනූව එක්සත් ජාතීන්ගේ ස...

වැලිපැන්නේ වෙඩි තැබීමකින් කතක් මරුට - 3ක් රෝහලේ
පොලිස්පති මානව හිමිකම් කොමිසමට කැඳවයි
රජරට පීඨ 3ක් වසා දමයි
එජා සංවිධානය අප ගැන මනා විපරමිකින් පසුවෙනවා - ඇමති මහින්ද 

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් මහතා පසුගියදා ශ්‍රී ලංකාවේ කළ සංචාරයේ දී එතුමා විසින් කළ ප්‍රකාශයන් අනූව එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාව පිළිබඳව මනා පසු විපරමකින් සිටින බව පැහැදිලිවන බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි. 

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිනි. 

සංහිඳියාව ඇති කිරීමේ කටයුත්ත එක් රැයකින් සිදු කළ නොහැකි බව, 2009 වසර හා සැසඳීමේ දී ශ්‍රී ලංකාවේ සුබවාදී තත්ත්වයක් දක්නට ඇති බව, 19වැනි සංශෝධනය සිදු කිරීම, තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීම වැනි එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් පෙන්වා දුන් කරුණු ගත් කළ ඔවුන් අප පිළිබඳ ව පසු විපරමකින් ඉන්නා බව තහවුරු වන බව මෙහිදී අමාත්‍යවරයා විසින් පෙන්වා දුන්නේය.  

එමෙන් ම සංහිඳියාව කරා ගමන් කිරීමේ කාර්යය ඉක්මනින් කළ නොහැකි යන මතයේ වත්මන් රජය ද පසුවන බවත් පුළුල් දේශපාලන අවබෝධයකින් එම ගමන යාමේ කටයුතු රජය විසින් ආරම්භ කොට ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය. 

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතවරු මීට ඉහත දී ශ්‍රී ලංකාවට පැමිණෙන අවස්ථාවලදී රාජ්‍ය අනුග්‍රහය ඇති ව අමාත්‍යවරුන් විසින් ම විරෝධතාවන් සිදු කළ බවත් වත්මන් රජය යටතේ එවැන්නකට කිසිඳු ඉඩ අවස්ථාවක් නොවන බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා එම අවස්ථාවන්වලදී රජයක් ලෙසින් වගකීමකින් කටයුතු නොකළා යන්න ඔවුන් අවබෝධ කරගෙන සිටින බවත් සඳහන් කළේය. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් පක්ෂය අත්හැරීමට ඇති අකමැත්ත පසුගිය දා පැවැති 65වැනි සංවත්සරයට පැමිණි ජන ගඟෙන් අවබෝධවන වන බවත් සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් පක්ෂය සමඟ සිටින බවත් මාධ්‍යවේදියෙකු නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසී ය. 

පසුගියදා මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයාට පහරදීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවේ මැලේසියානු තානාපතිවරයා විදේශ කටයුතු අමාත්‍යංශය වෙත කැඳවා රජයේ මතය මෙන් ම අප්‍රසාදය ද පළ කර ඇති බවත් මේ වන විටත් ඒ සඳහා සම්බන්ධ පුද්ගලයන් 05දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඊට එරෙහිව මැලේසියානු රජය කටයුතු කරමින් පවතින බවත් ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එජා සංවිධානය අප ගැන මනා විපරමිකින් පසුවෙනවා - ඇමති මහින්ද 
එජා සංවිධානය අප ගැන මනා විපරමිකින් පසුවෙනවා - ඇමති මහින්ද 
http://ift.tt/2cyzaeo
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_629.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_629.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy