අන්තර්ජාතික සුනාමි පෙරහුරුවක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී හෙට (07) දිනයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ න...
අන්තර්ජාතික සුනාමි පෙරහුරුවක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී හෙට (07) දිනයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කරයි.
ඉන්දීය කලාපීය සුනාමි ආපදා ඇගවීමේ මධ්‍යස්ථාන හරහා පූර්ව අනතුරු ඇගවීමේ ක්‍රමවේදය සහ වේලාවන්ට සමගාමීව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ තාක්ෂණික දත්ත උපයෝගී කරගනිමින් මෙරට දිස්ත්‍රික්ක 14කදී මෙම පෙරහුරුව ක්‍රියාත්මක කිරීමට නියමිත බව ඒ මහතා මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.
ඒ අනුව හෙට දිනයේදී සුනාමි ආපදාවන්ට ලක්වන දිස්ත්‍රික්ක 14ක තෝරාගත් ගම්මානවල බලපෑමට ලක්විය හැකි ප්‍රජාවන්ට පූර්ව අනතුරු ඇගවීම් ලබාදීම, එම ප්‍රජාවන් ඉවත් කිරීම සහ දැනුවත් කිරීම යන ක්‍රියාවලින් සංවිධාන කර තිබේ.
කොළඹ, ගම්පහ, පුත්තලම, මන්නාරම, කිලිනොච්චිය, යාපනය, මුලතිව්, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, හම්බන්තොට, ගාල්ල සහ කළුතර එම දිස්ත්‍රික්ක වේ.
වීඩියෝව පහතින්.
COMMENTS