තමාට හැකියාවක් ඇත්නම් පළාත් පාලන ඡන්දය මේ වනවිටත් පවත්වා අවසන් බව ජාතික මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. ඒ මහතා ...
තමාට හැකියාවක් ඇත්නම් පළාත් පාලන ඡන්දය මේ වනවිටත් පවත්වා අවසන් බව ජාතික මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (06) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී අදහස් දැක්වූ මැතිවරණ දේශප්‍රිය මහතා කියාසිටියේ මැතිවරණයට අදාළ සීමා නිර්ණය කිරීමේ කටයුතු සැප්තැම්බර් මස 15 වන දින වනවිට නිමාකරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවයි.
මහනුවර දිස්ත්‍රික්කයේ සීමා නීර්ණ කටයුතු 40%ක් පමණ අවසන්ව ඇති බවත් යාපනය හා කොළඹ දිස්ත්‍රික්කවල එය සම්පූර්ණයෙන්ම පාහේ අවසන්ව ඇති නමුත් ඒ පිළිබඳ සාකච්ඡා පැවැත්වෙන බවත් ඔහු එහිදී කියාසිටියේය.
පළාත් පාලන ආයතනවල ඡන්දය කල්තැබීම සම්බන්ධයෙන් කතා කරන බොහෝ දෙනෙකු 2013 මාර්තු මාසයේ සිට උතුරේ ඇතැම් පළාත් පාලන ආයතනවල කල් ඉකුත්වී තිබීම සම්බන්ධයෙන් නොදන්නා බවද ඔහු සිහිපත් කළේය.
විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ ඡන්ද අයිතිය සම්බන්ධයෙන් නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත් එහිදී දේශපාලන පක්ෂ 2ක් පමණක් යෝජනා ඉදිරිපත් කළ බවත් සෙසු පක්ෂ පාර්ලිමේන්තු කාරක සභාවට එම කරුණු ඉදිරිපත් කරන බව පවසා සිටි නමුදු තවමත් යමක් ඉදිරිපත්ව නොමැති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
වීඩියෝව පහතින්.
COMMENTS