දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
යුගදනවු ගිවිසුම සෞභාග්‍යයේ දැක්මට විරුද්දයි.. සම්මත කලේ සංවාදයකින් තොරවයි.. අප ඒකට රණ්ඩු කරනවා..
Homeප්‍රවෘත්ති

යුගදනවු ගිවිසුම සෞභාග්‍යයේ දැක්මට විරුද්දයි.. සම්මත කලේ සංවාදයකින් තොරවයි.. අප ඒකට රණ්ඩු කරනවා..

PropellerAds

ආණ්ඩුව ජනතා අභිලාෂයට එරෙහිව කටයුතු කරන්නේ නම් ආණ්ඩුව නිසි මගට ගැනීමට ආණ්ඩුව ඇතුලේ විපක්ෂය ලෙස කටයුතු කරන බවට තමන් සහ විමල් වීරවංශ මහතා පසු...

LTTE තවමත් ත්‍රස්ත සංවිධානයක් - යුරෝපා සංගමය.
මහඉලුප්පල්ලම බංග්ලාදේශයට බදුදෙයි.
හෙට සිට බැඳුම්කර වෙන්දේසිය විවෘත වෙළෙඳපොළේ !
ආණ්ඩුව ජනතා අභිලාෂයට එරෙහිව කටයුතු කරන්නේ නම් ආණ්ඩුව නිසි මගට ගැනීමට ආණ්ඩුව ඇතුලේ විපක්ෂය ලෙස කටයුතු කරන බවට තමන් සහ විමල් වීරවංශ මහතා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය අතරතුර ජනතාවට ලිඛිතව පොරොන්දු වූ බවත් අද ආණ්ඩුව තුල අරගල කරමින් ඉටු කරනුයේ එම පොරොන්දුව බවත් බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශකර සිටියේය .

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඒ මහතා ලබාගත් මනාප 136,331 වෙනුවෙන් පැළ 136,331ක් ජාතියට දායාද කිරීමේ “මනාපයට පැළයක්” වැඩ සටහනේ සමාරම්භක උත්සවය (13) මුතුරාජවෙල දී පැවති අවස්ථාවේ දී උත්සව සභාව අමතමින් ඒ මහතා මේ බව සදහන් කර සිටියේය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ සදහන් කර සිටියේය.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ වලදී සෑම විටම අපි අලුත් දෙයක් හඳුන්වලා දුන්නා. පළවෙනි මැතිවරණයේදී දසවිධ දළදා ප්‍රතිඥාවක් ලබා දුන්නා. අපි ඒකෙදි කිව්වා පරිසර හිතකාමී මැතිවරණ ව්‍යාපාරයක්, බොරු නොකියන මැතිවරණ ව්‍යාපාරයක්, මඩ නොගසන මැතිවරණ ව්‍යාපාරයක්, NGO වලින් සල්ලි නොගන්නා මැතිවරණ ව්‍යාපාරයක් වශයෙන් පොරොන්දු දහයක් දළදා වහන්සේ ඉදිරියේ දීලයි අපි මැතිවරණය පටන් ගත්තේ.

ඒ වගේම 2014 මැතිවරණයේදී අපි පොරොන්දු වුණා රටට, මගේ මැතිවරණයේදී මට රුපියල් 50,000ට වඩා මුදල් ලබා දෙන සියලු අයගේ නම් හෙළි කරනවා ,මොකද මැතිවරණයෙන් පස්සේ ඒ අයට වාසියක් වන ආකාරයට මම ඇමති ධුරයේ කටයුතු කරනවා ද කියන එක ජනතාවට හොයලා බලන්න පුළුවන් වෙන්න. ඒ වගේම පොරොන්දු වුණා මගේ මැතිවරණ ව්‍යාපාරය ගිණුම් ප්‍රසිද්ධ කරනවා කියලා .අපි ඒ පොරොන්දුව ඉටු කරා.

ඒ වගේම මෙවර මැතිවරණයේදී අපේ පොරොන්දුව උනේ මට ලැබෙන සෑම මනාපයටම මේ මිහි මවට පැළයක් දායාද කරනවා කියන එකයි. මට කොළඹ ජනතාව මනාප 136,331 ක් ලබා දුන්නා, එහෙනම් මම දැන් පැළ136,331ක් හිටවන්න ඕනේ. දැනටත් ටිකක් ප්‍රමාදයි මොකද ප්‍රමාණය දැවැන්තයි.

හැබැයි අපිට මේ ව්‍යාපෘතිය ආරම්භ කරන්න සූදානම් කරන සෑම මොහොතකම රට වසා දැමීමක් සිද්ධ වුණා. උත්සව තහනම් කිරීමක් සිදු වුණා. ඒත් සමහරු නම් උත්සව විතරක් නෙමෙයි දැවැන්ත උද්ඝෝෂණත් සිදු කළා. රටේ නීතියට ගරු කරලා අපි හැමදාමත් මේ ව්‍යාපෘතිය කල් දැම්මා. මේ පාර නොවැම්බර් පළවෙනිදා තමයි උත්සව සම්බන්ධ සීමාව ඉවත් කළේ. අපි අයවැයෙන් පස්සෙ මේ දේ කරන්න ඕනෙයි කියලා හිතාගෙන හිටියත් රටේ තත්ත්වය එන්න එන්නම නරක වෙනවා. පහළට යමින් තිබුණු රෝගීන් ගණන, මරණ ගණන නැවත වැඩිවෙමින් රට නැවතත් කොරෝනා අලුත් රැල්ලකට ගොදුරු වෙමින් පවතින බව තමයි අපිට පේන්නේ. ඒ නිසා අපි මෙය හදිස්සියේම සූදානම් කරලා ඉක්මනින් කළ යුතුයි කියලා හිතුවා.

එදා මම මේ ප්‍රතිඥාව ලබාදෙද්දී අපේ පූජනීය පාහියන්ගල ආනන්ද සාගර ස්වාමීන් වහන්සේ, සමන්ත ගුණසේකර මැතිතුමා, මහාචාර්ය සරත් කොටගම මැතිතුමා, මහාචාර්ය හේමන්ති රණසිංහ මැතිනියත් යන අපේ පරිසර ක්ෂේත්‍රයේ ඉන්න දැවැන්තයින් ඒ අවස්ථාවට සහභාගි වුණා.

අපි ඉතා සුළුවෙන් වුණත් මේ ව්‍යාපාරය ආරම්භ කරලා හිතුවේ ආරම්භ කරාට පස්සේ අපිට මෙය දිනපතා කරගෙන යන්න පුළුවන් ව්‍යාපාරයක් ලෙසයි. දැන් පසුගිය සතියේ ශ්‍රී ලංකාව සුළි සුළඟකට මුහුණ දුන්නා.ඒ සුළි සුළඟට මුහුණ දීලා මේ වන විට අපට තියන තොරතුරු අනුව 24 දෙනෙක් මිය ගියා.දෙලක්ෂ පනස් දහසකට ආසන්න පිරිසක් අවතැන් වෙලා ඉන්නවා.පරිසරය අද අපිට දඬුවම් කරමින් ඉන්නවා. ඒ නිවාස අහිමි වුණු, නෑදෑයන් අහිමි වුණු ජනතාව හිතන්න පුළුවන් අපි අහිංසකව ජීවත් වෙන අය ,අපි පරිසරයට කිසිම හානියක් නොකරන අය, පරිසරය දඬුවම් කරමින් ඉන්නවා නම් ඇයි ඒකට අපිව තෝර ගත්ත කියලා .

ලංකාවේ වැඩියෙන්ම කර්මාන්ත තියෙන්නේ බස්නාහිර පළාතේ, ලංකාවේ වැඩියෙන්ම වාහන වලින් කාබන් විමෝචනය සිදුවෙන්නේ බස්නාහිර පළාතේ ඇයි මේ රත්නපුරයෙ, කෑගල්ලේ ජනතාවගේ නාය යෑම් සිද්ධ වෙන්නෙ කියලා ඇතැමෙකුට හිතෙන්න පුළුවන්. අපි පළාත මායිම් ඉරි ඇඳගෙන මේක බස්නාහිර මේක සබරගමුව කියලා ඉරි ඇද ගත්තට පරිසරය ඒක පිළිගන්න ලෑස්ති නෑ .අපි ලංකාව, ඉන්දියාව, රුසියාව, ජපානය, ඇමරිකාව කියලා ඉරි ඇඳ ගෙන මේ මහ පොළොව රට රටවල් විදිහට වෙන් කර ගත්තට සොබාදහම ඒක පිළිගන්න සූදානම් නෑ.සොබාදහමට නම් මේ සමස්ත ලෝකයම එකිනෙකට ගැට ගැසුණු එකිනෙක මත රැඳෙන එකම ඒකකයක් පමණයි.ඒ නිසා තමයි ඇමරිකාව වැඩියෙන්ම ලෝකය කාබන් විමෝචනය කරද්දී ගංවතුර එන්නෙ බංගලිදේශයට, සුළි සුළඟ එන්නේ මියන්මාරයට. එහෙම නැත්තං ගිනිකඳු පුපුරන්නෙ ජපානයේ, සුනාමි එන්නෙ ඉන්දුනීසියාවේ. මේවට මුහුණ දෙන්නෙ වෙනත් රටවල්. මොකද අපි මේ ඉරි ගහගත්තට සොබාදහමට පේන්නේ අපි ඔක්කොම එකටයි. එහෙම නම් මේ සොබාදහම සුරැකීමේ කාරණය මේ ගෝලීය උණුසුම පාලනය කරගැනීම මුළු ලෝකයම එකට එකතු වෙලා කළ යුතු දෙයක්.

අපි දීර්ඝ කාලයක් ගෝලීය උණුසුම වැඩිවීම ගැන කතා කරා.මේ සමස්ත මානව ඉතිහාසයෙහි මානවයා මුහුණ දුන් දැවැන්තම අභියෝගය තමයි ගෝලීය උණුසුම ඉහළ යෑම.මිනිසා මහ පොළොවෙන් අතුරුදහන් කිරීමට තරම් ප්‍රබල අභියෝගයකට මීට පෙර මිනිසා කවදාවත් මුහුණ දීලා නෑ. අවාසනාවකට මෑතක් වනතුරු ලෝකය ගෝලීය උණුසුම වැඩි වන්නේ කාබන් විමෝචනය නිසාය කියන එක පිළිගන්න ලෑස්ති වෙලා හිටියේ නෑ . කිව්වේ මේක රටාවක්, කලින් කලට උෂ්ණත්වය වැඩි වෙනවා අඩු වෙනවා කියලයි.

අපි දීර්ඝ කාලයක් ගෝලීය උණුසුම වැඩිවීම ගැන කතා කරා.මේ සමස්ත මානව ඉතිහාසයෙහි මානවයා මුහුණ දුන් දැවැන්තම අභියෝගය තමයි ගෝලීය උණුසුම ඉහළ යෑම.මිනිසා මහ පොළොවෙන් අතුරුදහන් කිරීමට තරම් ප්‍රබල අභියෝගයකට මීට පෙර මිනිසා කවදාවත් මුහුණ දීලා නෑ.අවාසනාවකට මෑතක් වනතුරු ලෝකය ගෝලීය උණුසුම වැඩි වන්නේ කාබන් විමෝචනය නිසාය කියන එක පිළිගන්න ලෑස්ති වෙලා හිටියේ නෑ . කිව්වේ මේක රටාවක්, කලින් කලට උෂ්ණත්වය වැඩි වෙනවා අඩු වෙනවා කියලයි. 2007 බාලි වල තිබ්බ එක්සත් ජාතීන්ගේ කාලගුණික විපර්යාස පිළිබඳ සම්මේලනය දි තමයි ප්‍රථම වතාවට පිළිගත්තේ මේ කාබන් විමෝචනය නිසයි මේක සිද්ධ වෙන්නේ කියලා. හැබැයි ඒකටත් උත්තරයක් හදා ගත්තෙ නෑ. ඔන්න 2015 දී ලෝකයේ රාජ්‍ය නායකයන් සාතිශය බහුතරයක් එකඟ වුණා මේ කාබන් විමෝචනය 2050 වන විට ඛනිජ තෙල් භාවිතයෙන් සම්පූර්ණයෙන්ම නතර කරන්න. චීනය කිව්වා අනේ අපිට 2050 බෑ අපි 2060 වෙනකන් කරන්නම් කියලා.ඉන්දියාව තවත් ටිකක් ගිහිල්ලා කියනවා නෑ අපිට 2070 වෙනකම් කාලෙ ඕනෙයි කියල. හැබැයි අපි ආඩම්බර වෙනවා ශ්‍රී ලංකාව ඉන්නේ 2050 ගොඩේ. හැබැයි 2050 වෙනකන් අපි කල් ගත්තට සොබාදහම කල් දෙන්න ලෑස්ති නැහැ.

2050 තෙක් අපි කාබන් විමෝචනය කරනවා නම් ඒවා පරිසරයෙන් ඉවත් කිරීමේ ක්‍රමවේදයක් සොයා ගත යුතුයි. තියෙන එකම එක ක්‍රමය ගස්වැල් වැවීම පමණයි. ගස් වලටයි මේ කාබන් උරාගැනීමේ හැකියාව තියෙන්නේ.ඒ නිසා අපි පොරොන්දු වුණා මැතිවරණයේදී කාබන් විමෝචනය කරන ශාක පැළෑටි ලැබුණු සෑම මනාපයටම එක බැගින් සිටුවනවා කියලා. එක අතකට දෛවයේ සරදමක් වගේ මටත් ලැබුණේ අපූරු අමාත්‍යංශයක්. හැමදාම පරිසරය වෙනුවෙන් පෙනී හිටපු පරිසර හිතකාමීව මැතිවරණ ව්‍යාපාර කරපු මට ලැබුණේ ලංකාවේ වැඩියෙන්ම පරිසර දූෂණය කරන අමාත්‍යාංශය බලශක්ති අමාත්‍යංශය. එක වෙලාවකට හිතෙනවා අර දොස්තර ඉන්න ඕනේ රෝගීන් ගාවනේ, හාමුදුරුවෝ වැඩ ඉන්න ඕනේ පිංවතුන් එක්ක නෙවෙයි පව්කාරයන් එක්ක. එතකොටනෙ ඒගොල්ලන්ව පවෙන් පිනට බේරගන්න පුළුවන්. දොස්තර නිරෝගි කට්ටිය ගාව ඉඳලා වැඩක් නෑ. දොස්තර ඉන්න ඕන රෝගීන් ගාව. එහෙම හිතලා වෙන්න ඇති පරිසරවේදියෙක් වුණු මට වැඩියෙන්ම පරිසරය දූෂණය කරන අමාත්‍යංශය භාරදුන්නේ.ඒ නිසා මේ පැළ සිටුවීමේ සංකල්පයට මගේ අමාත්‍යාංශය යටතේ තියෙන සියලුම ආයතන එකතු කරගන්නත් මං ඉදිරියේදී කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම ඔබතුමන්ලා නරඹපු වීඩියෝ පටයෙන් දැක්කා අපි මේ ව්‍යාපෘතිය කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද කියලා. මේ ව්‍යාපෘතිය තුළ එක පැත්තකින් අපි මැදිහත් වෙලා ගස් සිටුවමින් යනවා. අනෙක් පැත්තෙන් ජනතාව ගස් සිටුවීමට පොලඹවන තරග රාශියක් අපි බිහි කරලා තියෙනවා. ඒ හරහා මනාපයට පැළයක් පැළයට මිලියනයක්,ඒ වගේම දුර්ලභම පැළ වැඩියෙන් වවන කෙනාට තෑග්ගක් දෙනවා, පැළ ගණන වැඩියෙන්ම වන කෙනාට තෑග්ගක් දෙනවා. තමන්ගේ දරුවා ඉපදුන දවසේ පැළයක් සිටුවලා ඒක අපේ දත්ත ගබඩාවේ ලියාපදිංචි කරන එකට තෑග්ගක් දෙනවා. ඒ වගේම විවාහ වෙන දවසේ දෙන්න එකතු වෙලා පැළයක් සිටුවන එකට දැන් තියෙන්නෙ කේක් කපන එක ,පෝරුවට ගොඩවෙලා අෂ්ඨක කියන එක. ඒ අතරට දෙන්නම එකතුවෙලා පැළයක් හිටුවා ලා පැළය ගැන තොරතුරු අපේ දත්ත බැංකුවට යොමු කළාම ඔන්න ඒ ගොල්ලන්ටත් අපෙන් තෑග්ගක් තියෙනවා. ඔය යන ආදී වශයෙන් තරග ගණනාවක් අපි බිහි කරලා තියෙනවා.

අපි මේ උත්සාහ කරන්නේ පරිසරය පිවිතුරු කරගන්න. .මේ මැතිවරණ පොරොන්දුවක් ඉටුකරන්නේ. බොහෝ වෙලාවට මැතිවරණ වලට කියන කතා සාමාන්‍යයෙන් ඡන්දෙන් පස්සේ අමතක කරලා දානවා.අපි හැම මැතිවරණයෙම දුන්න පොරොන්දු ජනතාවට ඉටු කරලා තියෙනවා.

මේ දවස් වල ජනතාවට පේනවා අපි ආණ්ඩුවත් එක්ක රණ්ඩු වෙමින් ඉන්නවාය කියලා. ඔව් ආණ්ඩුවත් එක්ක මේ දවස්වල රණ්ඩු වෙන්නෙත් මැතිවරණ පොරොන්දුවක් ඉටු කරන්න. 2020 ජූලි මාසේ 18 වෙනිදා මැතිවරණ ව්‍යාපාරය යන අතරෙ විමල් වීරවංශ ඇමතිතුමත් මමත් ලිඛිත ප්‍රතිඥාවක් ජාතියට ලබා දුන්නා. අපේ ආණ්ඩුව ජනතාවට දුන්නු ප්‍රතිඥාවට පිටින් යනවනම් ,ජනතා අභිලාෂයට පයින් ගහලා කටයුතු කරන්න හදනවා නම් ආණ්ඩුව දුන් පොරොන්දු වලට නිසි මගට ගේන්න අපි ආණ්ඩුව ඇතුලේ විපක්ෂය ලෙස කටයුතු කරනවාය කියලා. අද අපි ඉටු කරමින් ඉන්නේ ඒ මැතිවරණ පොරොන්දුවයි.

ආණ්ඩුවේ කුළුඳුල් ඇමති මණ්ඩල රැස්වීමට විසිවෙනි සංශෝධනය ගෙනාපු වෙලාවේ එහි අභ්‍යන්තර සාකච්ඡාවක් නොකර සම්මත කර ගත්තහම අපි මේ පළවෙනි රැස්වීමනෙ ඔන්න ඔහෙ යන්න දෙමු කියලා හිතුවේ නෑ. අපි ඒකට එරෙහිව අරගල කළා. මොකද ජනතාවට දුන්න මැතිවරණ පොරොන්දුව රකින්න.

ඊළඟට සෞභාග්‍යය දැක්මෙ 58 පිටුවේ පැහැදිලිව කියනවා නැගෙනහිර ජැටිය සංවර්ධනය කරන්නේ ආණ්ඩුවයි. බටහිර ජැටිය නම් හවුල් ව්‍යාපාරයක් ලෙස සංවර්ධනය කරනවා කියලා. නමුත් නැගෙනහිර ජැටිය ආණ්ඩුවේ සංවර්ධනය කිරීම වෙනුවට විකල්පයක් තෝර ගත්තම අපිට නැවතත් ආණ්ඩුවට දුන් පොරොන්දු ඉටු කරන්න කියලා ආණ්ඩුවට බලපෑම් කරන්න සිද්ධ වුණා. මේ දිනවල New Fortress Energy ගිවිසුම සම්බන්ධයෙන් අපි විරෝධය දක්වන්නේත් අමාත්‍ය මණ්ඩලය තුළ අර විසිවෙනි සංශෝධනය වගේම සංවාදයකින් තොරව අනුමත කර ගත්ත නිසයි. එය රටට අහිතකර නිසයි. ජනතාවට අපි පොරොන්දු වුණ සෞභාග්‍යයේ දැක්මට එය පටහැනි නිසයි .

එසේ නම් නම් අපි මේ ඉටු කරමින් ඉන්නේ 2020 ජූලි 18 ජනතාවට ලබා දුන්නු මැතිවරණ පොරොන්දුවයි. ඒ නිසා අපි සෑම මොහොතකම අපි ජනතාවට දුන්නු පොරොන්දු ඉටු කරනවා. මේ ජනතාවට දුන්නු පොරොන්දුව ඉටු කරද්දි මේ ඛනිජ තෙල් සංස්ථාවේ භූමියේ මේක පවත්වන නිසා රාජ්‍ය දේපල අපහරණය කරනවාදෝ කියලා කාටහරි චෝදනාවක් එල්ල කරන්න පුළුවන්. ඒ නිසා අපි කියන්න ඕනේ මේ උත්සවයට යන සියලුම වියදම දරලා තියෙන්නේ මම පෞද්ගලිකව මිසක් සංස්ථාවෙන් කිසිම දෙයක් අරගෙන නෑ. . ඒ විතරක් නෙවෙයි අපි මෙතැනට ආවේ සංස්ථාවට දායාද කරලා යන්න මිසක් සංස්ථාවෙන් කිසිම දෙයක් අරගෙන යන්න නෙමෙයි.

දීර්ඝ කාලයක් මේ මුතුරාජවෙල තෙත්බිම් පරිසරයට අහිමි වෙමින් පවතිනවා කියන සමාජයේ කතිකාවතක් තියෙන අතරේ මුතුරාජවෙල පරිසරය රැකගැනීමට අපේ මට්ටමින් දායක විය යුතුයි කියලා කල්පනා කළ නිසා තමයි මේ උත්සවය මෙම ස්ථානයේදී පවත්වන්න අපි තීරණය කළේ . අවසාන වශයෙන් පරිසරය පිවිතුරු කරන්න අපිත් සමග පැළ සිටුවන්නටත් ආණ්ඩුව පිවිතුරු කරන්නට වැරදිදේට වැරදියි කියන්නටත් අපෙත් එක්ක එකතු වෙන්නයි ඔබ සැමට ආරාධනා කරනවා.

එම අවස්ථාව සඳහා ශාස්ත්‍රපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් ඇතුළු මහා සංඝරත්නය, ජේෂ්ඨ පරිසරවේදී සමන්ත ගුණසේකර මහතා, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි නීතිඥ දර්ශනී ලහදපොල මහත්මිය, බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ ඩී ආර් ඔල්ගා මහත්මිය, ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති මොහොමඩ් උවයිස් මහතා, පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන ලේකම් උපුල් විජේසේකර මහතා ඇතුළු පිරිසක් සහභාගි විය.

– media unit
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: යුගදනවු ගිවිසුම සෞභාග්‍යයේ දැක්මට විරුද්දයි.. සම්මත කලේ සංවාදයකින් තොරවයි.. අප ඒකට රණ්ඩු කරනවා..
යුගදනවු ගිවිසුම සෞභාග්‍යයේ දැක්මට විරුද්දයි.. සම්මත කලේ සංවාදයකින් තොරවයි.. අප ඒකට රණ්ඩු කරනවා..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhM0Vn3DPgkRPPyugl2TXCCv4beYfbQZSZSBlVpmQbZKSD-Tv3wEmU77QroCUNOf1qv2LA2Hjl9FMBXLZyybJNDT5Q2CzxHsb_eyFBks30Tpc5NqdbQgf6H1WIrwmERdKsjVEceaEYwrnQu/s320/gammanpila-news.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhM0Vn3DPgkRPPyugl2TXCCv4beYfbQZSZSBlVpmQbZKSD-Tv3wEmU77QroCUNOf1qv2LA2Hjl9FMBXLZyybJNDT5Q2CzxHsb_eyFBks30Tpc5NqdbQgf6H1WIrwmERdKsjVEceaEYwrnQu/s72-c/gammanpila-news.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/11/blog-post_687.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/11/blog-post_687.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy