අදියර තුනක් යටතේ මෙම බැඳුම්කර වෙන්දේසිය සිදුවන අතර එහි පළමු අදියර තරඟකාරී වෙන්දේසිය වන අතර දෙවැන්න තරඟකාරී නොවන වෙන්දෙසියයි. තුන්වන අදියර...
අදියර තුනක් යටතේ මෙම බැඳුම්කර වෙන්දේසිය සිදුවන අතර එහි පළමු අදියර තරඟකාරී වෙන්දේසිය වන අතර දෙවැන්න තරඟකාරී නොවන වෙන්දෙසියයි. තුන්වන අදියර ලෙස හඳුන්වා දී ඇත්තේ අනිවාර්ය පැවරීමයි. මෙම නව ක්‍රමය විවෘතව සිදුවන හෙයින් බැඳුම්කර මිලදී ගන්නේ කවුද, කීයටද ගෙන ඇත්තේ යන්න පිළිබඳ ජනතාවට ඒ මහෝතේම දැන ගත හැකි බව හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේය. මෙම ක්‍රමය තුළ පොළී අනුපාතය පාලනය කිරීමට ආණ්ඩුවට හැකි බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
නිශාන්ත ප්‍රියදර්ශන
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=cW6PLgTPhSk&feature=youtu.be[/youtube]
COMMENTS