ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතාට එරෙහිව චෝදනා 43ක් එල්ල කරමින් රාවණා ලංකා ජාතික සංවිධානය නැමැති සංවිධානයක ...
ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතාට එරෙහිව චෝදනා 43ක් එල්ල කරමින් රාවණා ලංකා ජාතික සංවිධානය නැමැති සංවිධානයක සභාපති සහ ජාතික සංවිධායක යැයි පවසන ශ්‍රී නිශ්ශංක මායාදුනනේ හෙවත් ගල්කන්ද පුරන්වත්තලාගේ නිශ්ශංක නැමැති අය අද (09) මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඉදිරියේ පැමිණිල්ලක් ගොනු කර තිබේ.
මහනුවර පැවැත්වූ අවසන් රන්දෝලි පෙරහරේ අලි කුලප්පුවෙන් පසු පැරණි පෙරහරක් සජීවි පෙරහැර සේ පෙන්වා ජනාධිපතිවරයා ඉදිරියේම ජනාධිපතිවරයා ඇතුළු සමස්ථ ලෝක බෞද්ධ ජනතාව මුලා කිරීම, දළදා මාලිගාවට අයත් ඉඩම් නීති විරෝධී ලෙස විකිණීම සහ ව්‍යාපාරික සමාගම් ලෙස ලියාපදිංචි කිරීම, කෝටි 26ක් වටිනා මියන්මාර් ඇතාගේ ගනුදෙණුව, කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයාව සිටිය දී රත්තරන් කිලෝ 9.3ක් අතුරුදන් කිරීම හා රන් බුදු පිළිම අතුරුදහන් වීම ඇතුළු චෝදනා 43ක් ඇතැයි පැවසේ.
පුරන්වත්ත නැමැත්තා විසින් දළදා මාලිගාවේ අවසන් රන්දෝලි පෙරහර පිළිබඳව කළ හෙළිදරව් කිරීම් කීපයක් සම්බන්ධව මහනුවර දළදා මාලිගාවේ මාධ්‍ය අංශය විසින් මීට මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඉදිරියේ කළ පැමිණිල්ලකට අනුව ප්‍රකාශයක් ලබා දීමට පැමිණීමෙන් පසුව ඔහු දියවඩන නිලමේවරයාට එරෙහිව මේ පැමිණිල්ල ගොනුකර තිබිණි.
දළදා වහන්සේ දළදා මාලිගාව තුළ වැඩ ඉන්නවා දැයි සැක...
තමන් මේ ඉදිරිපත් කරන සියලුම චෝදනා සම්බන්ධව තමන් සතුව ලිඛිත සාධක සහ සාක්ෂි උවමනාවටත් වඩා ඇති බවත්, දළදා වහන්සේ දළදා මාලිගාව තුළ වැඩ ඉන්නවා දැයි සැක සිතන තරමට සිදුවෙමින් ඇති මේ දූෂණ සහ වංචා පිළිබඳව අද උදෑසන වනවිට ජනාධිපතිතුමාට, අගමැති තුමාට කතානායක තුමාට, පර්ලිමේන්තුව නියෝජනය කරන ජනතා නියෝජිතයන් 225ට, මහානායක හිමිවරුන් ඇතුළ මහා සංඝරත්නයට යවා ඇතැයි ද ඔහු පැවසීය.
“ බෞද්ධයන්ගේ රජ්ජුරුවො තමයි මේ වංචා කරන්නේ. මේ විනාශ කරන්නේ සමස්ථ ලෝක බෞද්ධ ජනතාවගේ උරුමය. මේ වනවිට ප්‍රදීප් නිලංග දෑලට එරෙහිව මේ රටේ නීතිය නැවතිලා තිබෙන්නෙ. ඔහුට විරුද්ධව වංචා දූෂණ විමර්ශන නැවතිලා. ඔහු තව අවුරුදු දෙකයි හෝ තුනයි මේ තනතුර දරන්නෙ."
-srilankamirror
COMMENTS