ඉන්දීය රජය මගින් අලුතින් ඉදිකර අද විවෘතකරනු ලබන කුෂි නගර් ජාත්‍යන්තර ගුවන් තොටුපළට පළමු ගුවන් යානය යවා ඇත්තේ ශ්‍රී ලංකාවෙන් බව වාර්තා වේ. ...
ඉන්දීය රජය මගින් අලුතින් ඉදිකර අද විවෘතකරනු ලබන කුෂි නගර් ජාත්‍යන්තර ගුවන් තොටුපළට පළමු ගුවන් යානය යවා ඇත්තේ ශ්‍රී ලංකාවෙන් බව වාර්තා වේ.
එම ගුවන් තොටුපළ වෙත පිවිසෙන පළමු ගුවන් යානය ලෙස සහභාගී වීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් අද (20) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබේ.
මෙම ගුවන් ගමන සදහා 111 දෙනෙකු මෙම ගුවන් යානයෙන් පිටත්ව ගොස් ඇති අතර, එයින් 95 දෙනෙකු භික්ෂුන් වහන්සේලා වීම විශේෂිතය.
මීට අමතරව අමාත්‍ය නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී.වී.චානක, සිසිර ජයකොඩි සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ ඇතුළු නිලධාරීන් පිරිසක් ද එක් වී සිටියහ.
ශ්‍රී ලාංකික වන්දනාකරුවන්ගේ දඹදිව චාරිකා තවදුරටත් පහසු කරලීම පිණිස මේ ගුවන් තොටුපල වඩාත් ප්‍රයෝජනවත් වන බව පැවසේ.
මෙම ගුවන් තොටුපළ විවෘත කිරීමේ අවස්ථාවට ඉන්දීය රජය වෙනුවෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහභාගී වන අතර, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ක්‍රීඩා සහ යෞවන කටයුතු පිළිබඳ අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාත් සහභාගී වීමට නියමිතය.
මෙම පිරිස ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1147 දරන ගුවන් යානයෙන් අද දින අලුයම 05.20 ට කටුනායක ගුවන් තොටුපළෙන් , ඉන්දියාවේ කුෂි නගර් බලා පිටත්ව ගියහ .
මෙම පිරිසට සුභ පැතීම සදහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භාග්ලේ සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .

COMMENTS