හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ආධාරකරුවන් දෙපිරිසක් අතර ඇති වුවේ යැයි කියන ගැටුමකින් තුවාල ලැබු තරුණයන් දෙදෙනෙකු නාවලපිටිය දිස...
හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ආධාරකරුවන් දෙපිරිසක් අතර ඇති වුවේ යැයි කියන ගැටුමකින් තුවාල ලැබු තරුණයන් දෙදෙනෙකු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.
නාවලපිටිය නගර සභාවේ සභාපති අමල් ප්‍රියංකර මහතාට අයත් නාවලපිටිය හයින්පොඩ් ප්‍රදේශයේ පිහිටි හෝටලයක ඉකුත් (15) දින පස්වරුවේ සිංහල හින්දු අලුත් අවුරුදු සාදයක් පවත්වා ඇති අතර , එම සාදයට හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහභාගි වි ගැටුමට ප්‍රථම මහින්දානන්ද අලුත්ගමගේ මහතා එම හෝටල් පරිශ්‍රයෙන් පිටව ගොස් ඇත.
ඉන් අනතුරුව තවදුරටත් සාදය පවත්වා ඇති අතර , එම සාදයට කොළඹ ප්‍රදේශයේ ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාට සහ රජයට එරෙහිව පැවැත්වෙන උද්ඝෝෂණයට සහයෝගය දැක් වු අයෙකු එම සාදයට සහභාගි විමත් සමග දෙපාර්ශවය අතර ගැටුමක් හටගෙන ඇත.
ගැටුමෙන් තරුණයන් දෙදෙනෙකුට තුවාල සිදු වි ඇති අතර, එම තරුණයන් දෙදෙනා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු එම තරුණයන්ගේ ඥාතින් (16) දින පස්වරුවේ තරුණයන් දෙදෙනාට පහර දුන් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක් සිදු කලහ.
පහර දුන්නේ යැයි කියන සැකකරුවන් අත්අඩංගුවට නොගැනිම සම්බන්ධයෙන් අප නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක හරෙන්ද්‍ර කළුගම්පිටිය කල විමසුමකට කියා සිටියේ සිද්ධය සම්බන්ධයෙන් මේ වන විට විමර්ෂණයක් ආරම්භ කර ඇති බවයි.
– හැටන් රංජිත් රාජපක්ෂ

COMMENTS