අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයෙන් ඉවත් වීමේ සුදානමක් ඇති බවට අන්තර්ජාල මාධ්‍ය වාර්තා පළ කරයි. රට තුළ ඇති විරෝධතාවයන් සහ පා...
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයෙන් ඉවත් වීමේ සුදානමක් ඇති බවට අන්තර්ජාල මාධ්‍ය වාර්තා පළ කරයි.
රට තුළ ඇති විරෝධතාවයන් සහ පාර්ලිමේන්තුවේ තත්ත්වයන් සලකමින් සහ වෙනත් තරුණ දේශපාලනඥයෙකුට අගමැතිධුරය ලබාදීමට එම තනතුරෙන් ඉවත් වනු ඇති බවද වාර්තාවන්හි සඳහන් වේ.
මේ අතර අග්‍රාමාත්‍ය ධුරය සඳහා ඩලස් අලහප්පෙරුම, නාමල් රාජපක්ෂ, රමේෂ පතිරණ යන මහත්තුරුන්ගෙන් නම් ද යෝජනා වී ඇති බව පැවසේ.
අප්‍රේල් මුල් සතියේ ද අග්‍රාමාත්‍යවරයා ධුරය අතහැරීමට සූදානමින් සිටි නමුත් ප්‍රබල අමාත්‍ය පිරිසකගේ බලපෑමෙන් එම තීරණය අත්හිටවනු ලැබීය.
කෙසේ වෙතත් අග‍්‍රාමාත්‍යවරයා ධුරය අතහැරියොත් ආණ්ඩුවේ විශාල පිරිසක් ස්වාධීන වී ආණ්ඩුව බිද වැටෙවු ඇති බව මන්ත්‍රීවරුන් පිරිසක් පෙන්වා දී ඇත. එනිසා තවදුරටත් ධුරයේ රැඳී සිටින ලෙස අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි ද වාර්තා වෙයි.

COMMENTS