කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ගොවීන්ගේ විරෝධතාවයට සම්බන්ධ බවට වාචිකව අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කළ බවට චෝදනා කරමින් ස...
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ගොවීන්ගේ විරෝධතාවයට සම්බන්ධ බවට වාචිකව අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කළ බවට චෝදනා කරමින් සමස්ත ලංකා ගොවි සම්මේලනයේ ජාතික සංවිධායක සහ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා විසින් රුපියල් මිලියන 500 ක වන්දි ඉල්ලා ලිපියක් යවා තිබේ.
අලුත්ගමගේ ඇමතිවරයාට රුපියල් මිලියන 500 ක මුදලක් දින 14 ක් තුළ වන්දි වශයෙන් ගෙවන ලෙස ඉල්ලා නීතිඥ සුනිල් වටගල මහතා හරහා මෙම ඉල්ලීම් ලිපිය යවා ඇත.
සති දෙකක් ඇතුළත මුදල් නොගෙවන්නේ නම් නීතිමය පියවර ගන්නා බවට අනතුරු අඟවා තිබේ.
වටගල මහතා ප්‍රකාශ කළේ මහින්දානන්ද අලුත්ගමගේ සිදුකළ බව කියන අපහාසාත්මක ප්‍රකාශය පසුගිය ඔක්තෝබර් 17 වැනිදා පෞද්ගලික රූපවාහිනී නාලිකා දෙකක ප්‍රචාරය වූ බවයි.
මහා කන්නය සඳහා පොහොර ඉල්ලා ගොවීන් පාරට ගෙන ඒම සඳහා නාමල් කරුණාරත්න රසායනික පොහොර සමාගම්වලින් මුදල් ලබාගෙන ඇති බවට අලුත්ගමගේ මහතා චෝදනා කර තිබිණ.

COMMENTS