දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආණ්ඩුවේ ඇමතිකමක් ගන්න සුමන්තිරන්ට පාඨලීගෙන් ඇරයුමක්
Homeප්‍රවෘත්ති

ආණ්ඩුවේ ඇමතිකමක් ගන්න සුමන්තිරන්ට පාඨලීගෙන් ඇරයුමක්

PropellerAds

යාපනයේ සංවර්ධනය වෙනුවෙන් ඇමති ධූර ලබාගෙන ආණ්ඩුවට එක්වන ලෙස සුමන්තිරන් මන්ත‍්‍රීතුමා ඇතුළු කණ්ඩායමට ආරාධනා කරන බව මහානගර හා බස්නාහිර සංවර්ධ...

ආණ්ඩුවේ ඇමතිකමක් ගන්න සුමන්තිරන්ට පාඨලීගෙන් ඇරයුමක්

යාපනයේ සංවර්ධනය වෙනුවෙන් ඇමති ධූර ලබාගෙන ආණ්ඩුවට එක්වන ලෙස සුමන්තිරන් මන්ත‍්‍රීතුමා ඇතුළු කණ්ඩායමට ආරාධනා කරන බව මහානගර හා බස්නාහිර සංවර්ධන ඇමති පාඨලී චම්පික රණවක මහතා පවසයි. 

මහානගර හා බස්නාහිර සංවර්ධන ඇමති පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කළේ යාපනයේ ඉදිවන දුරගමන් සේවා බස්නැවතුම සහ පොදු බස් නැවතුම නිරීක්‍ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන්, යාපනය ආණ්ඩුකාර සුරේන් රඝවන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. 

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමන් අමාත්‍යවරයා මේ බව පැවසීය.

“විධිමත් නාගරික මධ්‍යස්ථානයක්  නගර සභාවට ඉදිකර දෙන්න කියලා මා හිතනවා අපේ මුදල් ඇමතිතුමා මෙවර අයවැය කියවීමේදී ඒ ගැන නිල ප‍්‍රකාශය කරයි කියලා. ඒ අනුව එහි වැඩකටයුතු මේ වසරේදී අපට ආරම්භ කිරීමට හැකිවෙයි කියා බලාපොරොත්තු වෙනවා. මම විදුලිබල බලශක්ති ඇමතිවෙලා ඉන්න කාලේ යාපනයේ ඉතා දුර්වල විදුලි සැපයුමක් තිබුනේ, විදුලිය පැය 8 ක් පමණ තමයි තිබුණේ. ඒ වගේම අපේ බලාගාර හොඳ මට්ටමින් තිබුණේ නැහැ. මම වසර 15 කට පස්සේ ලංකා විදුලි බලමණ්ඩලය ලාභදායි ආයතනයක් කළා 2010 වසරේදි. එම ලාභ මුදල් වලින් කරපු එක ආයෝජනයක් තමයි උතුරු ජනනී නමින් යාපනයට වෙනම විදුලි  බලාගාරයක් චුන්නාගම් ප‍්‍රදේශයේ ඉදිකිරීම. එමගින් පුද්ගලික බලාගාර ගසා කෑ සෑහෙන මුදලක් ඉතිරි කරගන්න පුළුවන් උනා.ඒ වගේම අපි වව්නියාව ප‍්‍රදේශයේ සිට චුන්නාගම් දක්වා විදුලි පද්ධතිය ඉදිකිරීම කළා. 100% ක් යාපනයට විදුලිය ලබාදුන්නා. මේ වන විට මම හිතන්නේ යාපනයට විදුලි පිළිබඳ ගැටළුවක් නැහැ."

"ඒ වගේම පුදුමාතලන්, මන්නාම, මුලතිව් ඇතුළු මුළු උතුරු පළාතටම ලබාදුන්නා. විදුලි අත්‍යාවශ්‍ය සේම ජලය ද අත්‍යාවශ්‍යයි, ඒක නිසා මේ විරොධතා වෙනුවට අපි සමගියෙන් යාපනයේ ජල ගැටළුව විසඳීමට කැපවිය යුතුයි. නැතිනම් මේ නගරය පවත්වාගෙන යා නොහැකියි. ජල සම්පාදන මණ්ඩලයට ජනතාවගේ සහය ලබාදුන්නොත් මේ නගරය අපට ශක්තිමත්ව  ගොඩනගන්න පුළුවන් වෙනවා. ඒ වගේම යාපනයේ සංස්කෘතික අනන්‍යතාවය, ඒ වගේම ජනතාවගේ ආත්ම අභිමානය නැංවෙන ආකාරයට අපගේ නාගරික සංවර්ධන කටයුතු සිදුකරන බව මා මේ අවස්ථාවේදී ප‍්‍රකාශ කරනවා. ඒ වගේම මේ නගරයට ඉතාම අත්‍යාවශ්‍ය දෙයක් තමයි කසළ කළමනාකරණය. මම දන්නේ නැහැ මොන වගේ මට්ටමකද තියෙන්නේ කියා නමුත් විද්‍යාත්මක කසළ රඳවනයක් අද අත්‍යාවශ්‍යයි, මේ නාගරික සංවර්ධනය ඉදිරියට ගෙනයන්න. නමුත් හුඟ දෙනෙක් විරෝධතා පැවැත්වුවාට කසළ රඳවන අපි ගොඩනගා ගන්නේ නැතිව අපට නගර ගොඩනගාගන්න බැහැ. අනෙකුත් නාගරික දේවල් පෞද්ගලික අංශත් ගොඩනගයි."

"නමුත් මේ මූලික කාරණා රජය විසින් ඉෂ්ට කළ යුතුයි. අපි දන්නවා මේ යාපනයේ ප‍්‍රධාන දේශපාලන දහරාවේ අවසානයට ඇමති කෙනෙක් හිටියේ තිරුචෙල්වම් ඇමතිතුමා 1968. වසර 50 ක් මේ වන විට ගෙවී තිබෙනවා. විවිධ ඇමතිවරු හිටියත් ප‍්‍රධාන දේශපාලන දහරාවේ ඇමති කෙනෙක් හිටියේ නැහැ. ඒ නිසා අපේ රටේ තිබෙන්නේ අනුග‍්‍රාහක දේශපාලනය. ඇමතිලා තමන්ගේ ප‍්‍රදේශයට කරගන්න වැඩපිළිවෙල නිසාත්, විද්‍යාත්මක ආකාරයට කරුණු සිදු නොවන නිසාත්, යාපනය සංවර්ධනයේ පසුබෑමකට ලක්වෙලා තිබෙනවා. ඒ නිසා විද්‍යාත්මක සංවර්ධනයක් සිදු විය යුතුයි. එහෙම නැතිනම් සුමන්තිරම් මහත්මයලා ආණ්ඩුවට එකතුවෙලා ඇමති ධූර දරලා තමන්ගේ ප‍්‍රදේශවලට එම සංවර්ධනය ගෙන ආ යුතුයි. මා ආරාධනා කරනවා එතුමන්ලාට මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෙනස සිදු කළා වගේම රජයේ මේ සංවර්ධන කොටසත් කරන්න දායක වන්න කියා, මේ දරුවන්ට කර්මාන්ත, රැකියා, අධ්‍යාපනය එක්තරා කාලයකදී විශාල අධ්‍යාපන මධ්‍යස්ථානයක්. එම තත්වය නැවත ගෙඩනගන්න  අපි සියළු දෙනාම කැපවී වැඩකරන බවත් අපේ වගකීම අපි අනිවාර්යයෙන්ම ඉෂ්ඨ කරන බව සඳහන් කළ යුතුයි.“යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසිය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආණ්ඩුවේ ඇමතිකමක් ගන්න සුමන්තිරන්ට පාඨලීගෙන් ඇරයුමක්
ආණ්ඩුවේ ඇමතිකමක් ගන්න සුමන්තිරන්ට පාඨලීගෙන් ඇරයුමක්
http://am.lk/media/k2/items/cache/ff59592a6157e6f019125dd9dad2fc2c_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_868.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_868.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy