ලෝක පූජිත අජාන් බ්‍රහ්මවංසෝ හිමියන් කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ පැය 12ක් රස්තියාදු කිරීමට වගකිවයුතු නිලධාරීන් පිළිබඳ පරීක්ෂණයක් පවත්...
ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්ව සිටින බ්‍රිතාන්‍ය ජාතික අජාන් බ්‍රහ්මවංසෝ හිමියන් 31දා අලුයම බැංකොක් නුවර බලා යෑමට කටුනායක ගුවන්තොටුපොළට වැඩම කර සිටිය ද උන්වහන්සේ නියමිත ගුවන් යානය වෙත රැගෙන නොයාම හේතුවෙන් පැය දොළහකට අධික කාලයක් එහි රස්තියාදු වීමට සිදු වූ අතර පසුව මැලේසියාව බලා පිටත්ව යන වෙනත් ගුවන් යානයකින් පිටත්කර යවා තිබිණි.
අදාළ සිද්ධිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සැලවීමෙන් අනතුරුව ඒ ගැන සොයා පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට දැනුම් දී තිබේ.
ලෝකයම පිළිගත් මහා තෙර නමකට සිදු වූ අපහසුතාවය වෙනුවෙන් කනගාටුව පළ කරන බවත් ඊට වගකිව යුත්තන්ට විනය පියවර ගැනීමට තමා දැනුම් දුන් බවත් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සඳහන් කළේය.
(ලංකාදීප)

COMMENTS