දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තිස්ස අත්තනායක කුමන්ත‍්‍රණයක - අමරසේකර සජිත්ට ලියයි
Homeප්‍රවෘත්ති

තිස්ස අත්තනායක කුමන්ත‍්‍රණයක - අමරසේකර සජිත්ට ලියයි

PropellerAds

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මානව හිමිකම් සංවිධානය සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පතේ යටි අරමුණ...

ජවිපෙ සහ එජාප ක්‍රියාකාරීන් පිරිසක් ජනපති හමුවී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
අගමැති එජාපයේ මන්ත්‍රීන් හදිසියේ රැස්කරයි - එජාප මන්ත්‍රීන්ගෙන් අගමැතිට විශේෂ ඉල්ලීමක්
ප්‍රභාකරන්ගේ උපන්දිනයට සිවාජලිංගම් කේක් කපයි (PHOTOS)
පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මානව හිමිකම් සංවිධානය සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පතේ යටි අරමුණ පිළිබඳව පැහැදිලි කිරීමක් ඉල්ලමින් ජාතික සංවිධාන එකමුතුව කැදවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා විසින් විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

ගරු විපක්ෂ නායක,
සජිත් පේ‍්‍රමදාස මහතා,

ප‍්‍රිය මහත්මයාණෙනි,

පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මානව හිමිකම් සංවිධානය සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පතේ යටි අරමුණ පිළිබඳව

උක්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ පළමුවර කියවීමෙන් පසුව ඊට එරෙහිව ජාතික සංවිධාන එකමුතුව, ගෝලීය ශ‍්‍රී ලාංකික සංසදය සහ විශ්වවිද්‍යාල ආචාර්ය සංසදය ලෙස සංවිධාන තුනක් විසින් ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 121 වැනි වගන්තිය ප‍්‍රකාරව ශේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කරනු ලැබීය. ඒ පිළිබඳව ඔබතුමා දැනුවත්ව සිටියා ද යන්න අපි නොදනිමු.

එහෙත් මේ වන විට ශේෂ්ඨාධිකරණය විසින් එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරය සහ ජනමත විචාරණයක් මගින් පමණක් සම්මත කළ යුතු බවට තීන්දුව ප‍්‍රකාශයට පත්කර ඇති බැවින් ඒ පිළිබඳව ඔබතුමා දැනුවත් වී ඇතැයි අපි සිතමු. (එම නඩු තීන්දුවේ පිටපතක් මෙම ලිපිය සමග අමුණා ඇත.

අදාළ පනත් කෙටුම්පත මගින් සංස්ථාගත කිරීමට යෝජිත මානව හිමිකම් සංවිධානය නම් වූ ආයතනයට රජ්‍යයට අදාල සහ රාජ්‍ය නොවන කටයුතු සඳහා බලතල ලබාදීමට මෙන්ම ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමට සමාන්තර සංවිධානයක් ලෙස දේශීයව සහ ජාත්‍යන්තරව පෙනී සිටීම සඳහා බලතල ලබාදීමට සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක මහතා විසින් උත්සාහයක් ගනු ලැබූ බව ඉතා පැහැදිලිය.

ඒ බව නඩු තීන්දුව මගින් ඉතා පැහැදිලිව දක්වා ඇත. ඒ අනුව එතුමා දැනුවත්ව හෝ නොදැනුවත්ව ශ‍්‍රී ලංකාවට එරෙහිව සිදුවෙමින් පවතින ජාත්‍යන්තර වටලෑමට අදාළ එක් පෙරමුණක අවශ්‍යතාවය ඉටු කිරීමට උත්සාහ කළ බව සැඟවිය නොහැක. රට අභ්‍යන්තරයෙන් ක‍්‍රියාත්මක වන එම සටන් පෙරමුණේ මූලික අරමුණ ශ‍්‍රී ලංකාවේ නීතියට අනුව බෙදුම්වාදී සහ ඉස්ලාම් ආගමික අන්තවාදී බලවේග වලට එරෙහිව කටයුතු කරන අවස්ථාවල ඊට එරෙහිව බලපෑම් කිරීම සහ අදාළ ගැටුම් නිල ආයතනයක් මගින් ජාත්‍යන්තරීකරණය කිරීම බව ඉතා පැහැදිලිය.

අප විසින් ශේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කරනු ලැබුවේ රටට එරෙහිව දියත්වන එම කුමන්ත‍්‍රණය ඉතා බරපතළ බැවිනි. ඊට අමතරව අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ දී පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා විසින් ස්ථාවර නියෝග උල්ලංඝනය කිරීම ද ඉතා බරපතළ තත්වයකි. ස්ථාවර නියෝගවලට අනුව එවැනි පුද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කෙරෙන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත ඉදිරිපත් කළ පසුව එම පනත් කෙටුම්පත ගැසට් කර පාර්ලිමේන්තුවේ න්‍යාය පත‍්‍රයට ඇතුළු කිරීමට පෙර නීතිපතිවරයාගේ අනුමැතිය ලබා ගත යුතුය. එනම් අදාළ පනත් කෙටුම්පත මගින් ව්‍යවස්ථාව උල්ලංඝනය නොවන බවට සහතිකයක් ලබාගත යුතුය. මෙම පනත ඉදිරිපත් කිරීමේ දී එසේ නීතිපතිවරයාගේ අනුමැතිය ලබා ගැනීමට පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා විසින් ක‍්‍රියා නොකිරීම ඉතා වැරැුදි පූර්වාදර්ශයක් නොවේද? ඒ පිළිබඳව විශේෂයෙන් සොයා බැලීමට විපක්ෂ නායකවරයා ලෙස ඔබතුමාට මෙන්ම කතානායකවරයාට බරපතළ වගකීමක් පැවරෙන බව අපගේ විශ්වාසයයි.

මෙම පනත් කෙටුම්පත මීට පෙර 2013 දී වන්නි දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එච් ෆාරුක් මහතා යොදා ගනිමින් සහ 2015දී මඩකළපු දිස්ත‍්‍රික් මන්ත‍්‍රී අලි සහීර් මහතා යොදා ගනිමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට උත්සාහ කර ඇත. එම පනත් කෙටුම්පත පිළිවෙලින් 30.9.2013 සහ 8.9.2015 යන දිනවල ගැසට් කර ඇත. නමුත් එම අවස්ථාවල බොහෝ විට විෂයභාර ඇමතිවරුන්ගේ විරෝධය නිසා අදාළ පනත් කෙටුම්පත පලමුවර කියවීම සඳහා යොමු කිරීමට නොහැකි වූ බව අපි විශ්වාස කරමු. නමුත් මෙවර තිස්ස අත්තනායක මන්ත‍්‍රීවරයා යොදා ගනිමින් නැවත වටයකින් ඒ සඳහා උත්සාහ කිරීම පිළිබඳව ඔබතුමා දැනුවත්ව සිටියා ද යන්න පැහැදිලි නැත. ඊට අමතරව ඒ සඳහා ඔබතුමා සහ සමගි ජන බලවේගය ප‍්‍රතිපත්තිමය තීරණයක් ගනු ලැබුවා ද යන්න දැන ගැනීමේ අයිතියක් පරමාධිපත්‍ය නියෝජනය කරන මහජනතාවට තිබෙන බව ඔබතුමා පිළිගන්නවා ඇත.

එම නිසා ඒ පිළිබඳව සොයා බලා මහජනයාට පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරන ලෙස සහ පාර්ලිමේන්තුව තුළ සිදුවී ඇති අක‍්‍රමිකතාවය පිළිබඳව සොයා බලා නිසි පියවර ගන්නා ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

මේ වගට
ආචාර්ය ගුණදාස අමරසේකර
කැඳවුම්කරු
ජාතික සංවිධාන එකමුතව


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තිස්ස අත්තනායක කුමන්ත‍්‍රණයක - අමරසේකර සජිත්ට ලියයි
තිස්ස අත්තනායක කුමන්ත‍්‍රණයක - අමරසේකර සජිත්ට ලියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhq7s-HjJY9fzsK9rXE8XbOi34qq8sWEQVxMqvzttF0BqkLO2DywAe2FxhXK-10lPMQhhLnlQC8DYUfgd2Vgs_c59TaIkWRjrB1bib0-OyN51Y9ijV01ufYFJmQpRYEOBuSxb_403Nv5cM-/s320/thissa-sajith.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhq7s-HjJY9fzsK9rXE8XbOi34qq8sWEQVxMqvzttF0BqkLO2DywAe2FxhXK-10lPMQhhLnlQC8DYUfgd2Vgs_c59TaIkWRjrB1bib0-OyN51Y9ijV01ufYFJmQpRYEOBuSxb_403Nv5cM-/s72-c/thissa-sajith.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/09/blog-post_825.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/09/blog-post_825.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy