යාපනයේ වැල්වැටිතුරේ ප්‍රදේශයේ කොටි සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ බවට සැලකෙන ගෙවත්තේ ඊයේ (26) උතුරු පලාත් සභා මන්ත්‍රී එම්.කේ. සිව...
යාපනයේ වැල්වැටිතුරේ ප්‍රදේශයේ කොටි සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ බවට සැලකෙන ගෙවත්තේ ඊයේ (26) උතුරු පලාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් ඇතුලු පිරිසක් විසින් කේක් කපා උපන්දින සැමරුමක් සිදු කොට ඇත.
වැල්වැටිතුරේ ප්‍රදේශයේ ප්‍රභාකරන් ඉපිද ඇති බවට සැකකෙරෙන ඉඩම ඊයේ උදෑසන පිරිසක් විසින් ශ්‍රමදානයක් මගින් එලිපෙහෙලි කොට 63 සඳහන් උපන්දින කේක් කපා සමරා ඇති අතර එම අවස්ථාවට මන්ත්‍රී සිවාජිලිංගම් මහතාද සහභාගී වී ඇති අතර ප්‍රභාකරන්ගේ ළඟම ඥාති සබඳතාවයක් ඇත්තේද සිවාජිලිංගම් මන්ත්‍රීවරයා සමගය.
මේ අනුව ප්‍රභාකරන් ඉපිදුන බවට සැලකෙන ගෙවත්තේ පිහිටි තාප්පයක ප්‍රභාකරන්ගේ රැව ඇතුලත් පොස්ටර් අලවා ඊට ඉදිරියෙන් අංක 63 සඳහන් කේක් කපා සැමරීම සිදු කොට ඇත.
කොටි නායකයාගේ 63 වන උපන්දිනයද ඊයෙට යෙදී ඇති හෙයින් ඊයේ දිනයේදී මෙසේ උපන්දින සැමරුමක්සිදු කරන බවට සිවාජිලිංගම් මන්ත්‍රීවරයා පෙරදි මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි.
(වන්නි රොමේෂ් මධුෂංඛ)
COMMENTS