රාජකාරි කරමින් සිටිය දී මොළයේ ඇතිවූ ආසාදනයකින් හදිසියේ අසාධ්‍ය වී මිය ගිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් කම්කරුවෙක් ලෙස සේවය කළ තරුණයෙ...
රාජකාරි කරමින් සිටිය දී මොළයේ ඇතිවූ ආසාදනයකින් හදිසියේ අසාධ්‍ය වී මිය ගිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් කම්කරුවෙක් ලෙස සේවය කළ තරුණයෙක් මුල් අවස්ථාවේ දීම රෝහලකට ගෙන නොගොස් ඔහුගේ නිවසට ඇරලවා බහිරවයෙක් ගසා ඇතැයි උපකල්පනය කරමින් පූජා පැවැත්වූ පුරාවිද්‍යා නිලධාරීන් පිරිසක් ගැන අනුරාධපුරයෙන් වාර්තා වේ.
මියගොස් අත්තේ රොෂාන් කුමාර නැමැති අනුරාධපුරයේම පදිංචි 34 හැවිරිදි තරුණ දෙදරු පියෙකි.
වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.
පහළ මල්වතු ඔය ව්‍යාපෘතියට අදාල පුරාවිද්‍යා කැණීමක් සඳහා යොදවා සිටි කැණීම් කණ්ඩායමට මෙම පුද්ගලයා ඇතුළත් වී සිට ඇත. කැණීම් කටයුතු නිම කර රාත්‍රී කාලයේ දී කැණීම භාර නිලධාරීන් පිරිස මේ තරුණයා ඇතුළු කණ්ඩායමේ කොටසක් කැඳවාගෙන රාත්‍රියේ අවට කැලෑව තුළට ගමන් කරමින් යන අතර තුර මේ තරුණයාට හිසේ අමාරුවක් ඇති වී දරාගත නොහැකි වේදනාවකට ලක් වූ බව කියැවේ. ඒ අවස්ථාවේ දී මේ පිරිසට යළි තමන්ගේ නවාතැන වෙත මේ තරුණයා ද කැටිව යෑමට නොහැකි වී ඇත. ඔවුන් රාත්‍රියේ කැලෑව මැද පහන් කර තිබේ.
අනතුරුව උදෑසන කෙසේ හෝ මෙම පුද්ගලයා ද රැගෙන නවාතැන් ස්ථානය වෙත පැමිණි කැණීම් කණ්ඩායම වාහනයක ඔහුව නන්වාගෙන නිවසට රැගෙන විත් මොහුට බහිරවයෙක් ගැසූ බවත් අද රෑ කැලෑවට ගොස් පූජාවක් දුන්විට සියල්ල යථා තත්වයට පත් වනු ඇති බවත් පවසා පිටව ගොස් බහිරව පූජාවක් පවත්වා තිබේ.
ඒ අතර නිවැසියන්ට කොතෙක් පැහැදිළි කළ ද ඔවුන් කැණීමේ ලොකු මහත්තුරු බහිරව පූජාව පවත්වා තම ඥාතියාව සුව කරන තුරු මේ තරුණ පියාව නිවසේ රඳවාගෙන ඇතැයි සඳහන්ය.
පූජාවෙන් සුව නොවූ පසුව අසල්වාසී සහ හිත මිත්‍ර පිරිස්වල දැඩි බලපෑම නිසා තරුණයා රෝහලට රැගෙන ගොස් ඇති බවත් මොළයට විෂබීජයක් ගොස් ඇති බවට වෛද්‍ය නිර්දේශ ලැබුණු බවත් වාර්තා වේ.
රෝහලට ඇතුළත් කළ දිනට පසු දින, එනම් පසුගිය 13 දා මෙම පුද්ගලයා මිය ගොස් තිබේ.
ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පෙරේදා (14) සිදු කර ඇත.
කෙසේ වෙතත් ගවේෂණයක් කර තහවුරු කරගත් භූමියක කැණීමක් කරන පුරාවිද්‍යා නිලධාරීන් පිරිසක් දිවා කාලයේ කිසිම බාධාවක් නොමැතිව සංචරණ හැකියාව තිබෙද්දී මහ රෑ වනගතවූයේ කුමක් අරභයා දැයි මේ වනවිට පුරවිද්‍යා දෙපාර්තමේන්තුව තුළම ප්‍රශ්න කිරීම් සිදුවන බව වාර්තා වේ.
උපුටා ගැනීම : lankasara

COMMENTS