2017 මැයි 16 වන දින ටෙන්ඩර් අංක L/0178/2017 යටතේ අබලි කේබල් තොගයක් විකිණීම සඳහා සූදානම් කර තිබුණුමුත් 2017 ජුනි 09 වනදා වන විට එම නිවේ...
2017 මැයි 16 වන දින ටෙන්ඩර් අංක L/0178/2017 යටතේ අබලි කේබල් තොගයක් විකිණීම සඳහා සූදානම් කර තිබුණුමුත් 2017 ජුනි 09 වනදා වන විට එම නිවේදනය අවලංගු කර තිබේ. පසුව නැවතත් ජුලි 13 වන දින ටෙන්ඩර් අංක L/0253/2017 යටතේ එම අබලි කේබල් තොගය ම විකිණීමට ටෙන්ඩර් කැඳවා ඇත. මුල් ටෙන්ඩර් නිවේදනයේ සඳහන්ව ඇත්තේ ආරක්ෂක තැන්පතුව රු. 10,000,000 ක් ලෙසය. එහෙත් දෙවන නිවේදනයේ දී එය රු. 500,00 ක් දක්වා අඩු කර තිබේ. ටෙන්ඩර් පත් නිකුත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක තැන්පතුව රු. 50,000 ක් පමණක් බව ටෙන්ඩර් කරුවන්ට දැනුම් දී තිබේ. මුලින් රුපියල් ලක්ෂ සියයක් ලෙස දැක්වුණු ටෙන්ඩර් ආරක්ෂණ තැන්පතුව අවසානයේ රුපියල් පනස් දහසක් දක්වා අඩු කිරීම යනු ඇදහිය නොහැකි සිදු වීමකි. එසේම මෙම ටෙන්ඩර් පත්‍රයෙහි විකිණීමට නියමිත කේබල් තොගයෙහි ප්‍රමාණයක් ආසන්න වශයෙන් හෝ සඳහන් කර නොමැත.
මේ අනුව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරන්නේ මෙහිදී ප්‍රසම්පාදන කාර්ය සංග්‍රහය අමු අමුවේ උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම අදාල අබලි කේබල් තොගය අමාත්‍යවරයාට හිතවත් සමාගම් දෙකකට ලබා දීමට කටයුතු කරමින් සිටින බවය. අදාල කේබල් තොගයෙහි බර සඳහන් නොකිරීමෙන් වංචාවට මුල පුරා ඇති බව පෙන්වා දෙන එම ව්‍යාපාරය හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින්නේ ටෙන්ඩරය විවෘත කිරීමට නියමිත අගෝස්තු 10 වන දිනට පෙර මැදිහත් වී මෙම වංචාව නැවැත් වීමට ක්‍රියා කරන ලෙසය.
COMMENTS