දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඊ-පාස්පෝට් හොර පාරෙන් පිට යයි
Homeප්‍රවෘත්ති

ඊ-පාස්පෝට් හොර පාරෙන් පිට යයි

PropellerAds

ජනාධිපතිවරයාගේ නිර්දේශ පවා නොතකා හැර කැබිනට් මණ්ඩලය ද නොමඟ යවා දියත්ව ඇති මෙම ක්‍රියාවලිය තුළ නියමිත ටෙන්ඩර් පටිපාටි අනුගමනය කර නොමැති බව...

ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන් වෙනුවෙන් කොමිසමක් ඕනෑ - සී. වී. විග්නේෂ්වරන්
හම්බන්තොට වන අලින් අම්බලන්තොටට ඇවිත්
හම්බන්තොට වන අලින් අම්බලන්තොටට ඇවිත්
ඊ-පාස්පෝට් හොර පාරෙන් පිට යයි

ජනාධිපතිවරයාගේ නිර්දේශ පවා නොතකා හැර කැබිනට් මණ්ඩලය ද නොමඟ යවා දියත්ව ඇති මෙම ක්‍රියාවලිය තුළ නියමිත ටෙන්ඩර් පටිපාටි අනුගමනය කර නොමැති බවත් ඒ හමුවේ රජයට බරපතළ මූල්‍ය අලාභයක් මෙන්ම ජාතික ආරක්ෂාවට ද තර්ජනයක් එල්ල වීමේ අවදානමක් ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ බව තහවුරු කරමින් රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ අඩු වියදමක් සහිතව උසස් ප්‍රමිතියෙන් යුතු ආරක් ෂිත නව විද්‍යුත් විදේශ ගමන් බලපත්‍රය සැකසීමට ඇති හැකියාව පෙන්වා දෙමින් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ශක්‍යතා වාර්තාවක් ඉදිරිපත් කර තිබිය දී ඒ පිළිබඳ කිසිදු සැලකිල්ලක් දැක්වීමට වගකිවයුත්තන් ක්‍රියාකර නොමැති බවය.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර ඇති එම ශක්‍යතා අධ්‍යයන වාර්තා මඟින් ගමන් බලපත්‍ර හිමියාගේ විශේෂ තොරතුරු ඇතුළත් විද්‍යුත් චීපය සහිත විදෙස් ගමන් බලපත්‍රය රුපියල් 350ක් වැනි මුදලකට ලබා දීමට හැකි බව පෙන්වා දී ඇත. ඒ වෙනුවෙන් ඇති තාක්ෂණික අවශ්‍යතා සපුරා ගැනීමට රුපියල් මිලියන 700ක මුදලක් අවශ්‍යව ඇති බවත් ඒ හරහා පෞද්ගලික අංශය වෙත ඇදී යන මුදල රජය තුළ රඳවා ගැනීමේ හැකියාව ද පෙන්වා දෙන මූලික ලියවිලි අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ඉදිරිපත් කරන්නට ද මුද්‍රණ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. එහෙත් ඒ පිළිබඳ කිසිදු ප්‍රතිචාරයක් වගකිවයුතු පාර්ශ්ව වෙතින් ලැබී නැත.

පසුගිය අගෝස්තු 01 වන දා ජාතික ඩිජිටල්කරණ වැඩසටහන යටතේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන නව විද්‍යුත් විදේශ ගමන් බලපත්‍රය හඳුන්වා දීමේ නිකුත් කිරීමේ ව්‍යාපෘතිය රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්වයක් යටතේ ක්‍රියාත්මක කළ යුතු බවට අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික අමාත්‍ය එස්.බී. නාවින්න සහ විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනන්දු යන මහත්වරුන් විසින් ඉදිරිපත් කළ ඒකාබද්ධ කැබිනට් සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත්තේ ද ඒ පසුබිමේය.

ඒ පිළිබඳ අප වෙත ලැබී ඇති වැඩිදුර තොරතුරුවලට අනුව මෙරට සඳහා නව විද්‍යුත් විදේශ ගමන් බලපත්‍රයක් හඳුන්වා දීම වෙනුවෙන් මූලික අධ්‍යයන 2015 වර්ෂයේ ආරම්භ වී ඇත. එහි දී විද්‍යුත් විදේශ ගමන් බලපත්‍රයක් වෙනුවෙන් වන අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුතු තාක්ෂණික රාමුව ඉදිරිපත් කිරීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලය වෙත ලබා දී ඇත. පසුව එම නිර්දේශවලින් යුතු නව විද්‍යුත් විදේශ ගමන් බලපත්‍රයක් හඳුන්වා දීමට ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට යාමේ දී එය නවතාICTA (ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක් ෂණ නියෝජිතායතනය) සහ විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ එය දියත් කිරීමට යෝජනා වී ඇත.

අනතුරුව 2017 වසරේ මාර්තු මාසයේ යෝජිත නව විද්‍යුත් විදෙස් ගමන් බලපත්‍රයක් නිකුත් කිරීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීම සඳහා ආර්ථික කටයුතු පිළිබඳ අනුකමිටුවේ අනුමැතිය ඇතිව කැබිනට් සංදේශයක් ඉදිරිපත් කර ඇත. ICTA හි යෝජනාවක් පදනම් කරගෙන ඉදිරිපත් කළ එම කැබිනට් සංදේශය හරහා යෝජනා කර ඇත්තේ මෙරට මුදල් නෝට්ටු මුද්‍රණය කරන බියගම නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි ඩිලාරෝ පෞද්ගලික සමාගම සමඟ ව්‍යාපෘතිය දියත් කිරීමටය. ඒ වෙනුවෙන් ඩිලාරෝ සමාගම් පරිශ්‍රයේ රුපියල් බිලියන 1.2 වියදමකින් යුතුව විශේෂ මුද්‍රණ යන්ත්‍රයක් ස්ථාපිත කරන්නට ද යෝජනා වී තිබිණ.

එහෙත් එම කැබිනට් සංදේශය වෙනුවෙන් වූ ජනාධිපති නිරීක්ෂණ තුළ අදාළ ව්‍යාපෘතිය පැහැදිලි ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය නොකිරීම, විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට බලය හිමි ආගමන විගමන දෙපාර්තමේන්තුව ඊට සහභාගී කර නොගැනීම, ඒ වන විටත් මෙරට මුදල් නෝට්ටු මුද්‍රණය කරන අදාළ සමාගම ඒ වෙනුවෙන් ඉහළ මිලක් අයකිරීම, ව්‍යාපෘතියේ රාජ්‍ය පංගුව තුළ පැහැදිලි අලාභයක් පෙනී යාම ඇතුළු කාරණා රැසක් හේතුවෙන් ඊට කැබිනට් අනුමැතිය හිමි වූයේ නැත.

එසේම අදාළ ව්‍යාපෘතිය සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව, අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ද ඇතුළත් කමිටුවක් සම්බන්ධ කරගන්නා ලෙසත් එම කමිටුවේ නිර්දේශ මත ස්විස් චැලේන්ජ් ක්‍රමය අනුගමනය කර ව්‍යාපෘතිය ලබා දෙන ලෙසත් ඊට ජනාධිපතිවරයා නිර්දේශ එකතු කර තිබුණි.

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව අදාළ ව්‍යාපෘතිය සඳහා ශක්‍යතා අධ්‍යයනයක් ඉදිරිපත් කරන්නට යෙදී ඇත්තේ එම නිර්දේශ අනුව බව වාර්තා කරන රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙන්නේ අදාළ ශක්‍යතා අධ්‍යයන වාර්තා පමණක් නොව මුදල් අමාත්‍යාංශයෙන් පවා මූලික විමසීම් නොකර ICTA හි (ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක් ෂණ නියෝජිතායතනය) ඇතුළු වගකිව යුතු පාර්ශ්ව ඩිලාරෝ පෞද්ගලික සමාගම හරහාම අදාළ ව්‍යාපෘතිය දියත් කිරීමට සූදානම් වන බවය. එසේම මීට පෙර මෙරට විදෙස් ගමන් බලපත්‍ර මුද්‍රණය කිරීම සඳහා ඉන්දුනීසියානු රජයේ මුද්‍රණාලය වෙත ලබා දුන් බවත් ඒ තුළ එක් බලපත්‍රයක් වෙනුවෙන් ඩොලර් 5 ක් වැනි අධික වියදමක් දරන්නට මෙරටට සිදු වූ බව පෙන්වා දෙන අප ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ විශේෂ චීපයක් ඇතුළත් යෝජිත විද්‍යුත් විදෙස් ගමන් බලපත්‍රය සඳහා ඊට වඩා වැඩි මුදලක් දරන්නට සිදු වනු ඇති බවය.

එසේම මේ අයුරින් කටයුතු කිරීම තුළ මෙරට වැසියන්ගේ තොරතුරු අනවශ්‍ය ලෙස පෞද්ගලික සමාගමක් අතට පත්වීම, ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් වීමේ අවදානම, ආගමන විගමන දෙපාර්තමේන්තුව සතු බලතල දුර්වල වීම, රජයට අනවශ්‍ය පිරිවැයක් දරන්නට සිදු වීම සහ අධික මූල්‍ය අලාභයක් සිදුවීම, ව්‍යාපෘතියට සම්බන්ධ අමාත්‍යාංශ වෙත දූෂණ චෝදනා එල්ල වීම මෙන්ම සමස්ත ආණ්ඩුව බලවත් අපකීර්තියකට ලක් වීමේ අවදානමක් ඇති බවත් ඒ හේතුවෙන් මේ පිළිබඳ ආණ්ඩුවේ ප්‍රධානීන් දැඩි අවධානයක් යොමුකළ යුතු බව ද එම ආරංචි පෙන්වා දෙයි.

කාශ්‍යප කොතලාවල

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඊ-පාස්පෝට් හොර පාරෙන් පිට යයි
ඊ-පාස්පෝට් හොර පාරෙන් පිට යයි
http://ift.tt/2vFBPPU
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_708.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_708.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy