සීනි කිලෝවක මිල රුපියල් 210 දක්වා ඉහල ගොස් ඇති බව වෙළෙදපොළ ආාරංචිමාර්ග සදහන් කරයි. පසුගිය සතියේ රුපියල් 160ක මිලකට සීනි කිලෝව මිලදී ගත හ...
සීනි කිලෝවක මිල රුපියල් 210 දක්වා ඉහල ගොස් ඇති බව වෙළෙදපොළ ආාරංචිමාර්ග සදහන් කරයි.
පසුගිය සතියේ රුපියල් 160ක මිලකට සීනි කිලෝව මිලදී ගත හැකිව තිබුණද මේ වනවිට වෙළෙන්දන් විසින් රුපියල් 210 දක්ව මිල ඉහළ දමා තිබීමෙන් පාරිභෝගිකයෝ මහත් අසීරුවට පත්ව සිටිති.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා කියා සිටියේ මෙය විශාල අපරාධයක් වුවත් තමන්ට කළ හැකි කිසිවක් නොමැති බවකි.
දඩ මුදල් වැඩි කිරීමේ පනත් කෙටුම්පත මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇතත් එය මේ දක්වා සම්මත කරගැනීමට නොහැකි වීම තුළ මෙම අපරාධයට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි වී ඇති බවත් අමාත්‍යවරයා සදහන් කොට ඇත.

COMMENTS