දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගෝඨාගේ කීමට වැලිකඩට ගිය බව කියන්නැයි පූජිත් කිව්වා - පොලිස් පරීක්ෂක රංගජීව දේශපාලන පලිගැනීම් සොයන කොමිසම හමුවේ කියයි
Homeප්‍රවෘත්ති

ගෝඨාගේ කීමට වැලිකඩට ගිය බව කියන්නැයි පූජිත් කිව්වා - පොලිස් පරීක්ෂක රංගජීව දේශපාලන පලිගැනීම් සොයන කොමිසම හමුවේ කියයි

PropellerAds

හි ටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කීමට තමා 2012.11.09 දින වැලිකඩ බන්ධනාගාරයට ගිය බව කියන ලෙසත් ඒ ගැන ඉහළට කියන්නම් කියා එවකට ජ්‍යෙෂ...

තව සති10කින් රටට වෙන දේ ඇමැති සුදර්ශනි හෙළි කරයි
ජනාධිපතිගේ කතාවේ ප‍්‍රශ්ණගත තැන් බොහෝමයි - චතුර අල්විස්
බැසිල්ට ඉඩ දී අස්වන රංජිත් බණ්ඩාරට මහ බැංකු අධිපතිකම !
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කීමට තමා 2012.11.09 දින වැලිකඩ බන්ධනාගාරයට ගිය බව කියන ලෙසත් ඒ ගැන ඉහළට කියන්නම් කියා එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා තමා කැඳවා කියූ බවත් ඊයේ (09 දා) පසුගිය රජයේ දේශපාලන පලිගැනීම් පරීක්ෂා කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා කීවේය.

‘‘අමාරුවේ වැටෙන්න එපා. ගෝඨානේ ඔයාට යන්න කිව්වෙ. ඒ බව කියන්න. මම ඉහළට කියන්නම්’’ කියා පූජිත් ජයසුන්දර මහතා තමාට එහිදී කියා සිටි බව ද නියෝමාල් රංගජීව මහතා සඳහන් කළේය.

පූජිත් ජයසුන්දර මහතා කීවත් තමා එවැනි ප‍්‍රකාශයක් ලබා නොදුන් බවත් තමා සත්‍යය පමණක් ප‍්‍රකාශ කළ බවත් සඳහන් කළ රංගජීව මහතා තමාට ගෝඨාභය රාජපක්ෂ මහතා දුරකථනයෙන් කතා කර නොමැති බව කොමිසමට කීවේය.

තමා පහළ මට්ටමේ නිලධාරියෙක් බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා තමා දැක ඇත්තේ පාරේදී වාහනයකින් ගමන් කරන අවස්ථාවක පමණක් බව ද රංගජීව මහතා කොමිසම හමුවේ ප‍්‍රකාශ කළේය.

එදින (2012.11.09) බන්ධනාගාර රැුඳවියන් සහ ආරක්ෂක අංශ අතර බරපතළ ගැටුමක් ඇති වී බන්ධනාගාර රැඳවියන් රැුසක් මරණයට පත් වී තිබිණි.

වැලිකඩ සිදුවීමට තමාගේ නම ගෑවෙනවා කියලා තමා කැඳවූ පූජිත් ජයසුන්දර මහතා කියා සිටි බවත් සාක්ෂිකාරයෝ කීප දෙනෙක් තම නම ප‍්‍රකාශ කර ඇති බව ඔහු තමාට ප‍්‍රකාශ කළ බවත් නියෝමාල් රංගජීව මහතා අධිනීතිඥ මල්ක දේනෙත්ති මහතාගේ මෙහෙයවීම යටතේ කොමිසම හමුවේ සාක්ෂි දෙමින් කියා සිටියේය.

ඒ අවස්ථාවේ පූජිත් ජයසුන්දර මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බව ද පොලිස්පති ධුරය සඳහා තරගයක් පැවති බව ද සඳහන් කළ නියෝමාල් රංගජීව මහතා පැවැති රජයෙන් ලකුණු දමා ගැනීමට මෙසේ කියන්නට ඇතැයි තමා සිතන බව ද කොමිසම හමුවේ අසන ලද ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් කීවේය.

පූජිත් ජයසුන්දර මහතා තමාව කැඳවා ‘‘ගෝඨානෙ යන්න කිව්වෙ’’ කියා තමාට කියා සිටියේ 2015.04.10 දින බව ද ‘‘ගෝඨා’’ කියා සඳහන් කළේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බව ද නියෝමාල් රංගජීව මහතා කොමිසමට කීවේය.

තමා හෝ නාකොටික් අංශයේ කිසිවෙක් එදින (2012.11.09 දින) වැලිකඩ බන්ධනාගාරයට නොගිය බවත්, පොත්පත් ගෙනත් පරීක්ෂා කර බලන ලෙස තමා පූජිත් ජයසුන්දර මහතාට කියා සිටි බවත් රංගජීව මහතා කොමිසමට කීවේය.

පූජිත් ජයසුන්දර මහතාගේ කීමට තමා අසත්‍ය ප‍්‍රකාශ නොකළ බවත්, හැම විටම සත්‍ය පමණක් ප‍්‍රකාශ කළ බවත් මේ නිසා තමාට ඉන්පසුව රාජකාරිමය වශයෙන් ඉතාම භයානක තත්ත්වයකට මුහුණ දීමට සිදු වූ බවත් සාක්ෂිකරු කොමිසමට කිවේය.

තමාට නිර්දේශිත උසස්වීම් පවා නොලැබුණු බව ද පූජිත් ජයසුන්දර මහතා පොලිස්පතිවරයා වූ පසු පොලිස් කොමිසමට යවා ඇති වාර්තාවක් නිසා තමාට එම උසස්වීම් නොලැබුණු බව ද සාක්ෂිකාර නියෝමාල් රංගජීව මහතා පසුගිය රජයේ දේශපාලන පලිගැනීම් පරීක්ෂා කරන ජනාධිපති කොමිසම හමුවේ තවදුරටත් කියා සිටියේය.

මෙම කොමිසම ඊයේ (09 දා) උදේ 10.00 ට එහි සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැුස් විය.

දිවයින


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගෝඨාගේ කීමට වැලිකඩට ගිය බව කියන්නැයි පූජිත් කිව්වා - පොලිස් පරීක්ෂක රංගජීව දේශපාලන පලිගැනීම් සොයන කොමිසම හමුවේ කියයි
ගෝඨාගේ කීමට වැලිකඩට ගිය බව කියන්නැයි පූජිත් කිව්වා - පොලිස් පරීක්ෂක රංගජීව දේශපාලන පලිගැනීම් සොයන කොමිසම හමුවේ කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjhN5h4M4J9ZN5Nb6_8c_S_F4gfvqqdR112ibT5vFjSQMGHV2UImBXGcNlfIvcDL7-izKPD2ARqYMGi7a5K4S44vhyphenhyphen7GTKnr7xve7DV9DJrXndo7rc2L2V0ew3S52FeYJXNAzuHUOIw1dQ/s320/1542861819-niyomal_l.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjhN5h4M4J9ZN5Nb6_8c_S_F4gfvqqdR112ibT5vFjSQMGHV2UImBXGcNlfIvcDL7-izKPD2ARqYMGi7a5K4S44vhyphenhyphen7GTKnr7xve7DV9DJrXndo7rc2L2V0ew3S52FeYJXNAzuHUOIw1dQ/s72-c/1542861819-niyomal_l.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/06/blog-post_379.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/06/blog-post_379.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy