පා ස්කු ඉරිදා මරාගෙන මැරෙණ බෝම්බ ප්‍රහාර මාලාවට නායකත්ව ලබාදුන් සහරාන් හෂීම්ගේ සමීපතමයින් පස් දෙනකු හොරොව්පතාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන...
පාස්කු ඉරිදා මරාගෙන මැරෙණ බෝම්බ ප්‍රහාර මාලාවට නායකත්ව ලබාදුන් සහරාන් හෂීම්ගේ සමීපතමයින් පස් දෙනකු හොරොව්පතාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් රැඳවුම් භාරයේ සිටින ඔවුන්ගෙන් මේ වනවිටත් වැඩිදුර ප්‍රශ්න කෙරේ.
කිවුලේකඩ පදිංචිකරුවකු වන හොරොව්පතාන ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ සංවර්ධන සහකාර නිලධාරීයකු හා කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ රාජකාරි කළ උප ගුරුවරයෙකුද ඒ අතර වේ.
ඔවුන්ගෙන් කරනලද ප්‍රශ්න කිරීම්වලට අනුව සහරාන් පැවැත්වූ දේශනවලට සහභාගී වූවන්ට මස් පිනිස ගවයින් හා මුදල්ද ලබා දී ඇති අනාවරණය වී තිබේ. දේශන සඳහා සහභාගී වන පුද්ගලයින් දෙදෙනකුට එක් ගවයකු බැගින්ද රුපියල් දස දහසක මුදලක්ද දුන් බවයි සැකකරුවන් පවසා ඇත.
– lakbima

COMMENTS