කොළඹ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව අසල උද්ඝෝෂණයක නිරත වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරිකයින් පිරිසක්ව පොලිසිය විසින් ඊයේ (07) අත්අඩංගුවට ...
කොළඹ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව අසල උද්ඝෝෂණයක නිරත වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරිකයින් පිරිසක්ව පොලිසිය විසින් ඊයේ (07) අත්අඩංගුවට ගෙන තිබුණු අතර කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන්ව ඇප මත මුදාහැර තිබිණි.
අධිකරණය විසින් මුදාහැර තිබියදී ඔවුන්ව නැවත අත් අඩංගුවට ගෙන නිරෝධායනයට ගෙන යාමට පොලිසිය කටයුතු කළ අතර ඊට එරෙහිවූ කාන්තාවකට ඉහළ පොලිස් නිලධාරියෙකු විසින් පයින් පහරදෙන ආකාරය දෙරණ මාධ්‍ය ආයතනය විසින්ම වාර්තා කර තිබුණේ පහත ආකාරයෙනි.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය සිය උද්ඝෝෂණය පවත්වා තිබුණේ රට සෑහෙන දුරකට විවෘතව පවතිද්දීය. මීට පෙර රට සම්පූර්ණයෙන්ම වසා තිබියදී කොළඹ තරු පහේ හෝටලයක සාදයක් පැවැත්වීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ප්‍රසිද්ධ මෝස්තර නිරූපිකාවක් ලබාදුන් දුරකථන ඇමතුමකින් සංවේදීවූ පොලිසිය බාර ඇමතිවරයා මානුෂික හේතූන් මත ඇයව නිරෝධායනයට ගෙනගිය බස් රථය හරවා පොලිස් ස්ථානයකට ගෙනැවිත් ඇය ඇතුළු පිරිසට තමන්ගේ ඇඳුම් මළු එතැනට ගෙන්වා ගැනීමට ද අවසර ලබාදී තිබිණි.
වියපත් බඹරුන්ගේ පොලිසියට රට එකක් වුවත් දිව හැරෙනා පැත්ත අනුව නීති දෙකක් ක්‍රියාත්මක කළ හැකිය. මේ ඊට උදාහරණය ...

COMMENTS