දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බදියුදීන්, අසාද් සාලි, හිස්බුල්ලා ගත්තොත් අප හැර යනවා.. විමල්-ගම්මන්පිල එක්ව මහින්දට තීරණාත්මක අනතුරු ඇගවීමක් කරති
Homeප්‍රවෘත්ති

බදියුදීන්, අසාද් සාලි, හිස්බුල්ලා ගත්තොත් අප හැර යනවා.. විමල්-ගම්මන්පිල එක්ව මහින්දට තීරණාත්මක අනතුරු ඇගවීමක් කරති

PropellerAds

ව හාබ්වාදී අන්තවාදයට එරෙහිව ඍජුව සිටගෙන, රිෂාඞ් – සාලි – හිස්බුල්ලා වැනි මෙරට වහාබ්වාදී අන්තවාදයේ පියවරු තමන් ගොඩනගන පාලනයකට වද්දා නොගන්නා ...

ASP එරික්ව පන්නගන්න ආණ්ඩුවේ 6 දෙනෙක් ඇමැතිට ගතු කියලා !
නීති සහාය දෙනව කියල photo අරන් අවභාවිත කළා..! ආයේ කා එක්කවත් පොටෝ ගහන්නේ නෑ….! – දේවානි ජයතිලක ජවිපෙ නිරූපාට චෝදනා කරයි
ඉගෙනගන්න විදිහක් නැතිව අඬපු දරුවාගේ ඉල්ලීම සජිත් ඒ මොහොතේම ඉටු කරයි - (video)
හාබ්වාදී අන්තවාදයට එරෙහිව ඍජුව සිටගෙන, රිෂාඞ් – සාලි – හිස්බුල්ලා වැනි මෙරට වහාබ්වාදී අන්තවාදයේ පියවරු තමන් ගොඩනගන පාලනයකට වද්දා නොගන්නා බව ඍජු ලෙස ජාතිය හමුවේ පවසන ලෙස විපක්‍ෂ දේශපාලන කඳවුරේ සෙසු නායකයන්ගෙන් ඉල්ලා සිටින බව ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පැවසීය.

පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමයේ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද පැවසීය.

‘අප හිතුවා මේ මොහොතේ අප පක්‍ෂ දෙකේ මතය ඒකාබද්ධව ඉදිරිපත් කිරීම වැදගත් කියා. අපේ අදහස පිළිගෙන කටයුතු කළ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතාට පළමුව අපේ කෘතවේදීත්වය පළකර සිටිනවා. අද මේ රට තිබෙන්නේ ඉතාමත් තීරණාත්මක තැනක. ජීවිත 300ක් අහිමි වෙලා, මියගිය දරුවන් දෙස බලාගෙන අම්මාලා හඩනකොට, මියගිය පියවරු ලෙස බලාගෙන දරුවන් දුක් වන කොට ‘අපි ආරක්ෂිතයි’ කියා සතුටු විය හැකි නම් ඊට වඩා මිත්‍යාවක් තවත් නැහැ. රටේ ජනාධිපති කියනවා, ‘ත‍්‍රස්තයින් ඉන්නේ 150යි. එයිනුත් 80%ක් දැන් අල්ලලා ඉවරයි’ කියලා. රටේ හැමතැනම කඩු අහුවෙනවා. ඒවා පෙන්වීම වාරණය කරනවා. වහාබ්වාදී අන්තවාදයට යට වුණු මුස්ලිම් දේවස්ථානවලින් පවා කඩු හසුවෙනවා. මේ කඩු කවර මොහොතක හෝ අපේ ගෙල මතට පතිත විය හැකියි. සාමකාමීව ජීවත් වීමට කැමති සිංහල, දෙමළ, මුස්ලිම්, බෞද්ධ, කිතුණු, ඉස්ලාම් ජනතාවගේ ගෙල මතට කවර මොහොතක හෝ මේවා පතිත විය හැකියි. ඒ පතිත වන දිනය පමණයි අපට නොතේරෙන්නේ.

‘සාමයට ලැදි මිනිසුන් තකතීරුවන් ද?’

ඇතැම් මුස්ලිම් දේශපාලනඥයන් මේ රටේ ජන විඥානයට අපහාස කරනවා. ඔවුන් හිතනවා ‘මේ රටේ සාමයට ලැදි මිනිසුන් තකතීරුවන්’ කියා. ‘තණකොළ කපන්න, උක්්ගස් කපන්න මේ කඩු ගෙනාවා’ කියා පවසන්නේ ඒකයි. මෙවැනි දේ කරන්න එපාෟ කඩු ගැන කටමැත දොඩවන මේ මුස්ලිම් දේශපාලකයෝ කරන කතාවලින් සාමයට ලැදි ජනතාවට ඇති වන වේදනව, මරාගෙන මැරෙන ප‍්‍රහාරවලින් දැනුණු වේදනාවට වඩා වැඩියි.

මේ ආණ්ඩුව මේ රට අද බිංදුවට ඇද වට්ටලා ඉවරයි. සති තුනක් ගියත් මේ වහාබ් ත‍්‍රස්තවාදය මැඩලීමට තවමත් ඒකාබද්ධ අණ දෙන මූලස්ථානයක් නැහැ. දැන් බලන්න, මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදියකුට අයත්ව තිබූ තඹ කර්මාන්ත ශාලාවේ සේවය කළ ත‍්‍රස්ත ක‍්‍රියාවලට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් පිරිස ඇප මත නිදහස් වුණා. ඔවුන් උසාවියට ඉදිරිපත් කර තිබුණේ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නොවෙයි. එය තීරණය කර තිබුණේ දෙමටගොඩ පොලීසිය. පසුගියදා එක් ගරු කටයුතු පොලිස් ස්ථානාධිපතිවරයකු ත‍්‍රස්තවාදී කටයුතුවලට සම්බන්ධ තැනැත්තකු බේරාගැනීමට අල්ලස් දීමට තැත් කළ අයකු නීතියේ රැුහැනට අසුකර දුන්නා. නමුත් අපි දන්නේ නැහැ, මේ ආකාරයට සැකකරුවන් බේරා ගැනීමට ගන්නා උත්සාහයන්වලට පොලිස් නිලධාරීන් මේ ආකාරයටම ප‍්‍රතිචාර දක්වනවාද, කියා. හමුදාවෙන් හෝ කවර පොලීසියකින් හෝ ත‍්‍රස්ත කටයුතුවලට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගත් පසු ඔහු සම්බන්ධයෙන් කටයුතු කළ යුතුව ඇත්තේ ඉහත කී ඒකාබද්ධ අණ දෙන මූලස්ථානයේ උපදෙස් මත, නිසි ආකාරයේ මාධ්‍යගත වීමක් සහිතවයි.

‘වින්දිතයා, ජනපතිට අමතක වෙලා’

දැන් බලන්න, ජනාධිපතිවරයා කියනවා, ‘අපි ඉක්මනින් මුස්ලිම් ජනතාවගේ සිත්තැවුල්වලට පිළියම් යොදන්නම්’ කියා. සිත්තැවුල් තිබෙන්නේ මුස්ලිම් ජනතාවට විතර ද? මේ මරාගෙන මැරෙන ත‍්‍රස්ත ප‍්‍රහාරයේ වින්දිතයා කවුද? සිංහල හා දෙමළ කිතුණු ජනතාවයි. ඔවුන්ගේ සිත්තැවුල්වලට පිළියම් යෙදීමට නොවෙයිද, ප‍්‍රමුඛතාව දිය යුත්තේ ? නවසීලන්තයේ ඉස්ලාම් දේවස්ථානයකදී සිදු වූ සමූල ඝාතනයෙන් පසු එරට අගමැතිනිය පර්දාව පැළඳගෙන ආවේ වින්දිතයන් වෙනුවෙන්. ඇය එතැනදී ඉස්ලාම් බැතිමතුන්ගේ වේදනාව බෙදාගැනීමට තමන් ද සූදානම් බවයි පෙන්වූයේ. නමුත් මේ රටේ නායකයෝ වින්දිතයාට සමච්චල් කරමින් චූදිතයාව සනසනවා. සහරාන්ගේ බිරිය විසූ මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල කළ නිවස පවා බැලීමට ජනාධිපතිවරයා යාමෙන් ජනතාවට දැනුණේ එය නොවේ ද?

‘ජාතියේ ගෙල මතට එල්ල වන කඩු පහර’

අඩුම තරමින් තවමත් රිෂාඞ් බදුර්දීන්ගෙන් ප‍්‍රකාශයක්වත් අරගෙන තිබෙනවා ද? නමුත් වහාබ්වාදී අන්තවාදයේ පියවරුන් හැටියට සැලකෙන රිෂාඞ් බදුර්දීන්ගේ සහ මුජිබර් රහුමාන්ගේ ඉල්ලීම අනුව ‘කඩු පෙන්වන එක නතර කරනු’ කියන නියෝගය නම් ජනාධිපතිවරයාගෙන් ආවා. ඡුන්ද කුට්ටියක් දිහා බලාගෙන ජාතියේ ගෙල මතට පතිත වන කඩු පහර වළක්්වන්න බැහැ. ඡුන්ද කුට්ටියක් දෙස බලාගෙන කරන මේ ප්‍රෝඩාවෙන් සිදු වන්නේ ජාතියේ ගෙල මතට කඩු පහර එල්ල වන එක ළං වෙන එකයි. මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් පිළිගන්නවා,‘මේක සිංහල බෞද්ධ රටක්. අප ජීවත්විය යුත්තේ ඒහා බැඳුණු මහා සංස්කෘතිය අනුවයි’ කියා. නමුත් මේ ආණ්ඩුවේ මුදල් ඇමති කියනවා, ‘මේක සිංහල බෞද්ධ රටක් නොවෙයි,’’කියා. මේ වගේ ඇමතිවරු සිටින ආණ්ඩුවකට මේ වහාබ්වාදී ත‍්‍රස්තවාදය මැඩලීමට තියා එය කරන්නේ කෙසේද, කියා හිතා ගන්නවත් බැහැ.

‘සෙල්ලම් නතර කරනු…

රනිල් වික‍්‍රමසිංහ මහත්තයා කියනවා, ‘විදේශීය යුද විශේෂඥයන්ගේ සහයෝගය ලබාගෙන අපි මේ ප‍්‍රශ්නය විසඳනවා’ කියලා. ඔහුට උවමනා මේ ගැටුම තවදුරටත් අවුලූවා විදේශීය යුද විශේෂඥයන් මේ රට තුළට ගෙන්වා ගන්න. හලාවත සිදුවීම පිටුපස එක්සත් ජාතික පක්‍ෂයේ ශාන්ත නැමති මන්ත‍්‍රීවරයකු සිටිනවා. කුලියාපිටිය සිදුවීම පිටුපස අකිල විරාජ් කාරියවසම් නැද්ද කියා සොයා බලන්න. මේ අයට උවමනා ජාතියේ ගෙල මතට කඩු පහර වදින දිනය ළං කරලා, මේ රට තුළට හැකි ඉක්මනින් ඇමෙරිකන් හමුදාවලට බින්න බහින්න ඉඩ හදලා දෙන්න. ‘කරුණාකර මේ සෙල්ලම නතර කරන්න කියා’ අපි ශ‍්‍රී ලාංකික ජාතියේ නාමයෙන් ඉල්ලා සිටිනවා.

‘වහාබ්වාදී අන්තවාදය වතුකරයටත්…

දැන් බලන්න, වතුකරයේ දෙමළ හින්දු දරුවන් හා මුස්ලිම් දරුවන් ඉගෙනුම ලබන දෙමළ මාධ්‍ය පාසල් 04ක දරුවන් වහාබ් අන්තවාදයට යොමු කර ඇති අන්දම. මේ බව ලංකා කම්කරු කොංග‍්‍රසයේ සෙන්දීල් මන්ත‍්‍රීවරයා අනාවරණය කර තිබෙනවා. දෙමළ දරුවන් අරාබි භාෂාවෙන් කතා කරන කොට, අයි.එස්.අයි.එස්. විඩියෝ හුවමාරු කර ගන්නා විට මේ පිළිබඳව තමන් සොයා බැලූ බවයි ඔහු කියන්නේ. ඒ අනුව ඉහත කී දෙමළ මාධ්‍ය පාසල් 04හි විදුහල්පතිවරුන් සිව්දෙනාට සන්තෝෂම් දී ඒ පාසල්වල ඉරිදා, සෙනසුරාදා දිනවල අරාබි භාෂාව හා කුරානය උගන්වනවා කියා මේ සිසු දරුවන් වහාබ් අන්තවාදයට නතු කිරීමයි කර තිබුණේ. පැරණි මුස්ලිම් පල්ලිවල තිබූ ඉස්ලාම් ධර්මය උගන්වන දහම් පාසල් (මද්‍රසා පාසල්* අන්තවාදියකු බිහි නොකරන බව අපි පිළිගන්නවා. නමුත් වහාබ්වාදයට තතු වූ මුස්ලිම් පල්ලිවල තිබෙන මද්‍රසා පාසල්, අරාබි පාසල් වහාබ් ත‍්‍රස්තවාදයට මග කියන ඒවා. වහාබ් ත‍්‍රස්තවාදයට උඩගෙඩි දෙන, ශරියා විශ්වවිද්‍යාලය, මද්‍රසා පාසල්, ආරාබි පාසල් තහනම් කළ යුතුයි. වහාබ්වාදී ත‍්‍රස්තවාදයට එරෙහි මෙහෙයුම් ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයක සිට සිදු කළ යුතුයි. සියලූ සෙල්ලම් නවතා සැබෑ ලෙස මේ වහාබ්වාදී ත‍්‍රස්තවාදය පරදවන තැනට රටම ගෙන ආ යුතුයි. එහෙම නොකළහොත් මුළුමහත් ජාතියම මේ ආණ්ඩුවේ ප්‍රෝඩාවට එරෙහිව පාරට බැසිය යුතුයි.

ඒ වගේම අපි නියෝජනය කරන විපක්‍ෂයේ කඳවුරටත් කිව යුතු දෙයක් තිබෙනවා. ‘රිෂාඞ් බදුර්දීන් ඇතුළු වහාබ්වාදී අන්තවාදීන්ගේ ඡුන්ද කුට්ටියට කෙළ පෙරන්න එපා. ඒ වහාබ්වාදී අන්තවාදීන්් තමන්ගේ පාලනයකට වද්දාගන්නේ නැහැ, කියන ඍජු තීරණය ගන්න’ කියා අපි අපේ කඳවුරෙනුත් ඉල්ලා සිටිනවා. එහෙම ඍජු තීරණයක් නොගන්නවානම් එහෙම විපක්‍ෂයක ඉන්න අපි ලෑස්ති නැහැ. ඒ නිසා අපේ කඳවුරේ නායකයනට අපි යළිත් කියනවා, ‘මේ වහාබ්වාදී අන්තවාදයට එරෙහිව ඍජුව හිටගන්න’ කියා. ‘වහාබ්වාදී අන්තවාදයේ පියවරුන් වන රිෂාඞ් බදුර්දීන්ලා, අසාත් සාලිලා හෝ හිස්බුල්ලලා අපි ගොඩනගන පාලනයකට ඍජුව වද්දා ගන්නේ නැහැ’ කියන ඍජු මතය අපි විපක්‍ෂයක් ලෙස ජාතිය හමුවේ තැබිය යුතුයි. එහෙම නැතිව ජනතාව සමග හැංගිමුත්තන් සෙල්ලම් කරන්න ආණ්ඩුවට මෙන්ම විපක්‍ෂයටත් සදාචාරාත්මක අයිතියක් නැහැ. අපේ අනාගත පරපුරේ ගෙල මතට කඩු පහර වදින එක නතර කරන්න ඕනේ. ඒකට හොරගල් අහුලමින් ඉඳලා හරි යන්නේ නැහැ. දේශපාලන තක්කඩිකම් කරමින් ඉඳලා බැහැ. ඒ නිසා අපි ‘මේ මහා පොළොව ඉල්ලා සිටින නායකත්වය ලබා දෙන්න. එහෙම නැතිව මේ ප‍්‍රශ්නය සම`ග සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා’ කියන අනතුරු හැ`ගවීම ආණ්ඩුවට මෙන්ම විපක්‍ෂයටත් කරනවා.’’

මෙම මාධ්‍ය හමුවට පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ද එක්ව සිටියේය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බදියුදීන්, අසාද් සාලි, හිස්බුල්ලා ගත්තොත් අප හැර යනවා.. විමල්-ගම්මන්පිල එක්ව මහින්දට තීරණාත්මක අනතුරු ඇගවීමක් කරති
බදියුදීන්, අසාද් සාලි, හිස්බුල්ලා ගත්තොත් අප හැර යනවා.. විමල්-ගම්මන්පිල එක්ව මහින්දට තීරණාත්මක අනතුරු ඇගවීමක් කරති
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgJDE6mSQm48zk8J5N2mpodCdH1Nc8nOGDbayZjU1QTekybkavM6R4wEbia8EiB7P08ZN1NmgGTSoFHPsUl_o_2_v8wrQjq1CleaVBwCqRQogNfTh6zAocJr53Pzw6G_5lN_LOAWB2wsFsl/s320/wimal-udaya.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgJDE6mSQm48zk8J5N2mpodCdH1Nc8nOGDbayZjU1QTekybkavM6R4wEbia8EiB7P08ZN1NmgGTSoFHPsUl_o_2_v8wrQjq1CleaVBwCqRQogNfTh6zAocJr53Pzw6G_5lN_LOAWB2wsFsl/s72-c/wimal-udaya.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_358.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_358.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy