හ දිසි නීතිය යටතේ ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ කන පෙනෙන සේ හිජාබය පැලඳිය යුතුයැයි දක්වා තිබුණු බවත්,ඒ සම්බන්ධයෙන් මුස්ලිම් සමාජයෙන...
හදිසි නීතිය යටතේ ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ කන පෙනෙන සේ හිජාබය පැලඳිය යුතුයැයි දක්වා තිබුණු බවත්,ඒ සම්බන්ධයෙන් මුස්ලිම් සමාජයෙන් මතුවූ ඉල්ලීම සලකා බලා කන වැසෙන සේ හිජාබය පැළඳීමට අවසර ලබාදෙමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසූ බවත් තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මහතා පවසනවා.
මුස්ලිම් කාන්තාවන්ගේ හිජාබය සම්බන්ධයෙන් මතුව තිබූ ගැටලුව විසඳී තිබෙන පෙන්වා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළද ජනාධිපතිවරයා විසින් ඒ සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනය තමන් මෙතෙක් නුදුටු බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
එසේම පරීක්ෂා කිරීම්වලට හා මෙහෙයුම්වලට පැමිණෙන ආරක්ෂක අංශ ඉල්ලීමක් කළහොත් හිජාබය ඉවත් කර එම පරීක්ෂණවලට සහාය ලබාදීමට මුස්ලිම් කාන්තාවන් සූදානමින් සිටින බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

COMMENTS