දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගෝලීය ත්‍රස්තවාදය පරාජය කල නායකයා තේමාවෙන් මෛත‍්‍රී මීලග ජනාධිපතිවරණයට !
Homeප්‍රවෘත්ති

ගෝලීය ත්‍රස්තවාදය පරාජය කල නායකයා තේමාවෙන් මෛත‍්‍රී මීලග ජනාධිපතිවරණයට !

PropellerAds

පා ස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් රට තුළ මතුව ඇති අනාරක්ෂිත තත්ත්වය පාලනය කරනු වෙනුවට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වෙත සීමා පැනවීම තුළින් ආණ්ඩුව ජ...

ඩයස්පෝරාවේ සහාය ගන්න ලංකාවේ ඩයස්පෝරා කාර්යාලයක් අරින්න රනිල් ලෑස්ති වෙයි!
ආණ්ඩුවේ ලොකු තනතුරු පත්කරන්නේ නාමල්ගේ චිට්වලින්!
there are conspirators inside pohottu there are misguided people a serious statement from pohottu secretary general
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් රට තුළ මතුව ඇති අනාරක්ෂිත තත්ත්වය පාලනය කරනු වෙනුවට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වෙත සීමා පැනවීම තුළින් ආණ්ඩුව ජනතාව හමුවේ නිරුවත් වී තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

තරු පහේ ප්‍රජාත්‍රක්තවාදය හා මාධ්‍ය නිදහස පිළිබද කිඹුල් කදුලු හෙලමින්  බියට පත්වූ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදය හා මාධ්‍ය නිදහස අද රෙද්ද පල්ලෙන්  බේරෙන බව පෙන්වා දුන් රණතුංග මහතා ත්‍රස්තවාදය පරාජය කිරීමට නම් ආණ්ඩුව තුල සිටිමින් ත්‍රස්තවාදය පෝෂණය කරන ඇමතිවරුන් හා ආණ්ඩුකාරවරුන් වහා ඉවත් කල යුතු බවද පෙන්වා දුන්නේය. එහෙත් මුස්ලිම් ඡනද නැතිවෙතැයි බියෙන් වෙව්ලන ආණ්ඩුවට එවැනි තීන්දුවක් ගත නොහැකි බවද රණතුංග මහතා කීවේය.

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ ඉතාලියේ මිලානෝ නගරයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් සමඟ පැවැති සුහද හමුවකට 13 වැනි දා සහභාගී වෙමිනි.

මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

අද වෙන කොට රටේ තිබෙන තත්ත්වය තමුන්නාන්සේලා දන්නවා. වසර තිහක ත්‍රස්තවාදයක් නිමා කරලා සාමය උදා කරපු රට අද නැවත වරක් ත්‍රස්තවාදීන්ගේ ගොදුරක් බවට පත්වෙලා තිබෙනවා. දරුවකුට පාසල් යන්න බැරි, වැඩිහිටියකුට රැකියාවට යන්න බැරි භයානක තත්ත්වයක් උදා වෙලා. මිනිස්සු උදේට ගෙදරින් එළියට බහින්නේ නැවතත් නිවසට ඒමට ලැබේදැයි සැකයෙන් යුතුවයි.

මේ තත්ත්වය උදා වුණේ කොහොමද කියලා අපි කල්පනා කරලා බලන්න ඕනේ. 2015 දී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ අපේ ආන්ඩුව විසින් වර්තමාන ජනාධිපතිවරයාට භාර දුන්නේ මර බියෙන් තොර රටක්. සංවර්ධනගේ අරුණලු දකිමින් හිටපු රටක්. ආර්ථිකය මනා ස්ථාවරත්වයකට පැමිණ තිබුණු රටක්. ජාතිවාදය, ආගම්වාදය අවසන් කරලා සමගියෙන් පිරුණු රටක්.

මෛත්‍රිපාල මහත්තයට රට ගොඩනගන්න අමුතුවෙන් කරන්න දෙයක් තිබුණේ නැහැ. එතුමට තිබුණේ මහින්ද මහත්තයා හදලා දීපු රට ඉදිරියට ගෙනියන එක විතරයි. එක්සත් ජාතික පක්ෂයත් හවුල් කරගෙන නිදහස් පක්ෂයේ පිරිසකුත් එකතු වෙලා වසර හතරක් යන්නත් පෙර රටට කරපු විනාශය අපි දැන් අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. විනාශය දැන් ඇස්පනා පිට ඔප්පු වෙලා ඉවරයි.

අපි එදා ඉඳන් කිව්වා අපෙන් පලි ගත්තට කමක් නැහැ ජාතික ආරක්ෂාව අඩු කරන්න එපා කියලා. මේ අය මොකද කළේ? සියලුම බුද්ධි අංශ අඩපණ කළා. ඉතුරු වෙලා හිටපු බුද්ධි නිලධාරීන් යෙදෙව්වේ ජාතික ආරක්ෂාව ගැන හොයන්න නෙමෙයි විපක්ෂයේ අපි ගැන හොයන්නයි. මහින්ද මහත්තයා ඇතුළු අපේ පිරිසගේ පස්සෙන් වැටිලා අපි මොනවද කරන්නේ කියලා හොයන එක තමයි බුද්ධි අංශයේ මෙහෙයුම වුණේ.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ පස්සේ වැටිලා හිටියා මිසක් ත්‍රස්තවාදය, අන්තවාදය ගැන හොයන්න වෙලාවක් ආන්ඩුවට තිබුණේ නැහැ. ආණ්ඩුවේ සම්පූර්ණ යාන්ත්‍රණයම යොදවලා තිබුණේ අපිව හිර කරන්නයි. බලයට ඇවිත් මාස දෙකකින් මහ බැංකුව සුද්ධ කරලා ආර්ථිකය විනාශ කළා. එපා කියද්දි රණවිරුවන් හිර කරලා ජාතික ආරක්ෂාව විනාශ කළා.

දැන් අගමැතිවරයයි ජනාධිපතිවරයයි දෙපැත්ත බෙදිලා බෝලේ පාස් කර කර ඉන්නවා. දෙන්නා දෙපැත්තේ සාංචි මැද්දේ වගේ ජනතාව මැදට වෙලා බලන් ඉන්නවා. මේ සෙල්ලම හරියන්නේ නැහැ. 2015 ඉඳන් මේ දෙගොල්ලෝ ආණ්ඩු කළේ එකට. රට කෑවේ එකට. එහෙනම් කොහොමද එක් පිරිසක් විතරක් වැරැදි වෙන්නේ. ජනාධිපති ප්‍රමුඛ සමස්ථ ආණ්ඩුව මේ ව්‍යසනයට වගකිව යුතුයි. රනිල් කරූ සජිත් ඇතුළු එක්සත් ජාතික පක්ෂ නායකයන්ට මේ චෝදනාවෙන් ගැලවෙන්න බෑ.

ත්‍රස්තවාදය පරාජය කරන්න ජනාධිපතිට, අගමැතිට සහ ආණ්ඩුවට කොන්ද පණ තියෙන්න ඕනේ. මාධ්‍ය සහ සමාජ මාධ්‍ය අවහිර කරා කියලා ත්‍රස්තවාදය පරාජය කරන්න බැහැ. ආණ්ඩුව හදන්නේ ත්‍රස්තවාදය අවසන් කරන්න නෙමෙයි ත්‍රස්තවාදීන්ගේ ක්‍රියා ජනතාවගෙන් වසන් කරන්නයි. මෙහෙම ගියොත් තත්ත්වය තවත් උග්‍ර වෙලා ජනතාව පාරට බහින එක වළක්වන්න බැහැ.

සමහර ඇමැතිවරුන්ගේ කතා රටේ තියෙන අර්බුදය තව තවත් අවුළුවනවා. මංගල සමරවීර කියන ඇඳුම් නිර්මාණ ශිල්පියා කියලා තියෙනවා ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නෙමෙයි කියලා. මංගලගේ කතාව අපි තවත් එක මෝඩ කතාවක් කියලා අහක දාන්න හොඳ නැහැ. මංගල හදන්නේ නිවෙමින් තිබෙන ජාතිවාදයේ ගින්න නැවත අවුළුවන්නයි.

මංගලලා දන්නවා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයට මේ රටේ සිංහලයන්ගේ ඡන්ද ලැබෙන්නේ නැහැ කියලා. ඒ නිසා දැන් හදන්නේ ජාතිවාදය අවුළුවලා රටේ ගැටුම් ඇති කරන්නයි. ජනාධිපතිවරයාට කොන්ද පණ තියෙනවා නම් පියල් නිශාන්ත නෙමෙයි මංගල සමරවීරවයි ප්‍රශ්න කළ යුත්තේ. හැබැයි අන්තවාදය පෝෂණය කරපු රිෂාඩ්ලා, හිස්බුල්ලලා අයින් කරගන්න බැරි ජනාධිපතිගෙන් ඒ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ.

ජනාධිපතිවරයාගේ අරමුණ වෙලා තියෙන්නේ මේ තියෙන තත්ත්වයෙන් ප්‍රයෝජන අරගෙන ලබන පාරත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නයි. අපට දැනගන්න ලැබිලා තියෙනවා ගෝලීය ත්‍රස්තවාදය පරාජය කරපු නායකයා කියලා බෝඩ් එකක් ගහගෙන ජනාධිපතිවරණයට යන්න සූදානම් වෙනවා කියලා. සාමකාමී රට ත්‍රස්තවාදයට ඇදලා දාපු නායකයා විදියට මිසක් වෙන විදියකට ජනතාව හමුවට යන්න මෛත්‍රිට බැහැ

ඒ අස්සෙන් 2015 දී වැඩබැරි යහපාලන ආණ්ඩුව බලයට ගේන්න කඩේ ගිය රතු අලි පැටව් චම්පිකලා වගේ අය කන්ඩායමත් අලුත් වටයකින් ජනතාව හමුවට එන්න හදනවා. හැබැයි අමතක කරන්න එපා අපේ රට මේ උගුලට වට්ටවන්න මූලික වුණෙත් මේ නඩයම තමයි කියලා. චම්පික රණවකලා දැන් කතා කරන්නේ මැරිලා ඉපදිලා වගෙයි.

චම්පික එදා කිව්වේ රාජපක්ෂලා නැතුවට ජාතික ආරක්ෂාව සුරක්ෂිත කරන්න මෛත්‍රිට, රනිල්ට පුළුවන් කියලයි. දැන් ඒ කතා බොරු වෙලා තියෙනවා. චම්පිකලා වෙස් මුහුණු බැඳගෙන ආවට ජනතාව හමුවේ ඒ වෙස් මුහුණු ගලවන්න අපි සූදානම්. රට විනාශ කරපු චම්පික, රාජිත, මංගල ඇතුළු යහපාලන හොර නඩයට පාඩමක් උගන්වන්න කියා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

– ප‍්‍රදීප් අනුර කුමාර


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගෝලීය ත්‍රස්තවාදය පරාජය කල නායකයා තේමාවෙන් මෛත‍්‍රී මීලග ජනාධිපතිවරණයට !
ගෝලීය ත්‍රස්තවාදය පරාජය කල නායකයා තේමාවෙන් මෛත‍්‍රී මීලග ජනාධිපතිවරණයට !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg3z1pa3ttNUeAI7zZXFkkVNfpwn664A1MGy2o1Ot30E43GvEiLrl0A0bT0OF3WdeuBYBdrzc0ZVDtKelTDkDhJax4WJLl9g0HGP8znn2BtgLDvGcTlEEFJnG7vXGeIlhwAEQi01HgZX31W/s320/dcedcaa038efe75bdf493f6cbc7242c9_XL.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg3z1pa3ttNUeAI7zZXFkkVNfpwn664A1MGy2o1Ot30E43GvEiLrl0A0bT0OF3WdeuBYBdrzc0ZVDtKelTDkDhJax4WJLl9g0HGP8znn2BtgLDvGcTlEEFJnG7vXGeIlhwAEQi01HgZX31W/s72-c/dcedcaa038efe75bdf493f6cbc7242c9_XL.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_616.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_616.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy