ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කැමති නම් ආණ්ඩුවෙන් ඉවත්ව යා හැකි බවත් එසේ ඔවුන් ඉවත්ව ගියත් එයින් ආණ්ඩුවේ සංයුතියට ලොකු බලපෑමක් සිදු නොවන බවත් ර...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කැමති නම් ආණ්ඩුවෙන් ඉවත්ව යා හැකි බවත් එසේ ඔවුන් ඉවත්ව ගියත් එයින් ආණ්ඩුවේ සංයුතියට ලොකු බලපෑමක් සිදු නොවන බවත් රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා අවධාරණය කරයි.
"කවදාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය තිබුණෙ නෑ. පහුගිය ජනාධිපතිවරණයට පමණයි අපට ඒ අයගේ සහාය ලැබුණෙ. නැතුව ඒ අයගේ සහාය තිබුණෙ එක්සත් ජාතික පක්ෂයට. ඒක තමයි ඇත්ත කතාව. පහුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජයග්‍රහණය කරවීම සඳහා යම් සහායක් ලබලා දුන්නා, ඒක අපි පිළිගන්නවා වගේම ඒකට අපි ගරු කරනවා.
අපිත් එක්ක පොහොට්ටුව ලකුණෙන් තරග කරපු නිසා යම් ආසන ප්‍රමාණයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිවුණා. නැතිනම් ආසන්න දෙක තුනක්වත් හිමිවෙන්නෙ නෑ. ඒක තමයි ඇත්ත කතාව. නමුත් වෙනම පක්ෂයක් හැටියට එයාලාට සාකච්ඡා කරන්න පුළුවන්, තීන්දු තීරණ ගන්න පුළුවන්. ආණ්ඩුවත් එක්ක ඉන්න පුළුවන්, කැමති නම් යන්න පුළුවන්. ඒකට කිසි බාධාවක් නෑ. හිටියත් ගියත් ආණ්ඩුවේ සංයුතියට ලොකු බලපෑමක් මේකෙන් වෙන්නෙ නෑ, මොකද සුළු පිරිසක් තමයි මන්ත්‍රීවරු හැටියට කටයුතු කරන්නේ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
දිළුම් අමුණුගම මහතා මේ බව පැවසුවේ ඊයේ (10) මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
COMMENTS