උතුරේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු 2020වන විට අවසන් කිරීමට අවධානය යොමුව ඇති බව බිම්බෝම ඉවත් කිරීමේ සංවිධාන එකමුතුව පවසයි. ජාතික සැළැස්මකට...
උතුරේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු 2020වන විට අවසන් කිරීමට අවධානය යොමුව ඇති බව බිම්බෝම ඉවත් කිරීමේ සංවිධාන එකමුතුව පවසයි.
ජාතික සැළැස්මකට අනුව එය සිදු කිරීමට අදාළ යෝජනාවලියක් රජයට බාරදීමට නියමිත බව එම සංවිධාන එකමුතුව සඳහන් කළේය.
මේ අනුව ඩෑෂ්, හලෝ ට්‍රස්ට්, ශාප්, ආදී සංවිධන අතුළු සංවිධාන 5ක් මෙන්නම ශ්‍රී ලංකා යුද හමුදාවද බ්ම්බෝම්බ ඉවත් කිරීමේ කාර්යයට එක්ව සිටියි.
අවසන් යුධ සමයේදී වළ දැමු බිම්බෝම්බ, පුද්ගල නාශක බෝම්බ, යුධ ටැංකි නාශක බෝම්බ, උතුරේ තවත් වර්ග කිලෝමීටර් 27ක ඇති බව එම සංවිධාන පවසයි.
මේ අතර බිම්බෝම් ඉවත් කළ ප්‍රදේශවල මේ වන විට ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු ආරම්භ කළ ඇති බව බිම්බෝම ඉවත් කිරීමේ සංවිධාන එකමුතුව වැඩිදුරටත් පැවසීය.
(දිනසේන රතුගමගේ)
COMMENTS