දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සාගර ගේ ගම්මන්පිල විරෝධය ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවට ඒමේ විරෝධය මැඩ පැවැත්වීමට ගහපු ගේම් එකක් ?
Homeප්‍රවෘත්ති

සාගර ගේ ගම්මන්පිල විරෝධය ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවට ඒමේ විරෝධය මැඩ පැවැත්වීමට ගහපු ගේම් එකක් ?

PropellerAds

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා විසින් තෙල් මිල වැඩිකිරීම සම්බන්ධයෙන් අමාත්‍ය උදය ගම්මන්පිල ඉල්ලා අස්විය යුතු බවට නිව...

නිදහස් පක්ෂ සංවත්සරයේදී ලොකු වෙනසක් 
දෙවන අගනගරය කඩුවෙලට
පාර්ලිමේන්තුව අසල ඒකාබද්ධ විපක්ෂය විරෝධයක්
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා විසින් තෙල් මිල වැඩිකිරීම සම්බන්ධයෙන් අමාත්‍ය උදය ගම්මන්පිල ඉල්ලා අස්විය යුතු බවට නිවේදනයක් නිකුත් කිරීම විමල්-ගම්මන්පිල කඳවුරේ ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවට ඒමේ විරෝධය මැඩ පැවැත්වීම සඳහා සිදුකරන ලද උපාය මාර්ගික මෙහෙයුමක් බවට දේශපාලන ලෝකයේ කතා බහක් ඇතිවී තිබෙනවා.

ද්විත්ත පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර හෝ ජනාධිපති ධූර දැරීම වළක්වාලමින් 19 වන සංශෝධනයේදී පනවා තිබූ වගන්ති ඉවත් කිරීම පිළිබඳව 20 වන සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරන අවස්ථාවේදී දැඩි විරෝධයක් රට තුල ඇතිවිය.

කෙසේ වෙතත් එම වගන්ති ද සමගින් මාස 6ක් තුල නව විවස්තාවක් ගෙන එන බවට රජය එම අවස්ථාවේ පොරොන්දු විය. මේ වන විට එම කාල සීමාව ඉක්මවා ගොස් ඇත.

20 වන ආණ්ඩුක්‍රම විවස්තා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා දීම පිළිබඳව 2020 ඔක්තෝම්බර් 22 බොරැල්ල එන් එම් පෙරේරා කේන්ද්‍රයේ දී අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල,වාසුදේව නානායක්කාර සහබාගි වූ මාධ්‍ය හමුවකදී මේ පිළිබඳව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙලෙස පැවසීය…

"මම හිතනවා ලැජ්ජාවක් බයක් තියෙන කිසිම ද්විත්ත පුරවැසියෙක් මේ කෙටිකාලය ඇතුලත පාර්ලිමේන්තුව ඇතුලට රිංගන්න කටයුතු කරන එකක් නෑ කියලා. ලැජ්ජා බය දශමයක්වත් තියෙනවනම් කිසිම ද්විත්ත පුරවැසියෙක් මේ කෙටිකාලය තුල මේ ඇරිච්ච දොරෙන් ඔලුව දාන එකක් නෑ කියලා හිතනවා."

සම්පුර්ණ මාධ්‍ය හමුව

මේ අතර ඇමරිකානු ද්විත්ත පුරවැසියෙක් වන බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීම සඳහා සුධනම් වන බවට පසුගිය සතියේ මාධ්‍ය වාර්තා පල විය. එය තහවුරු කරමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් පෙරේදා (28) කියා සිටියේ තම පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා වන බවත් ඔහුව පාර්ලිමේන්තු ගෙන ඒම සඳහා අමුතුවෙන් කැම්පේන් කිරීම අනවශ්‍ය බවත් පැවසීය.

අදාළ මාධ්‍ය හමුව..

මේ සියලු කාරණා එකින් එකට පෙළ ගස්සවා බලන විට පසුගිය කාලය තුල සිදුකෙරෙනු උපාය මාර්ගික මෙහෙයුම් පිළිබඳව වැටහීමක් ගත හැකිය..

උපුටා ගැනීම : colombotoday


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සාගර ගේ ගම්මන්පිල විරෝධය ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවට ඒමේ විරෝධය මැඩ පැවැත්වීමට ගහපු ගේම් එකක් ?
සාගර ගේ ගම්මන්පිල විරෝධය ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවට ඒමේ විරෝධය මැඩ පැවැත්වීමට ගහපු ගේම් එකක් ?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhSgeduGpLJqjtZWUJNPIBDFTEmcs_RGgyuINiPHslr-NK9VbtH-e45sYZvGa0HDI2Zp3rvrQKDaEO_-H-5s8ZzI8-Q6d8QSEZ8XG-n4Eq5jKEwHMMcfpMBKOgjiX2CO5XHa-97VcHUrL4/s320/basil-wimal.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhSgeduGpLJqjtZWUJNPIBDFTEmcs_RGgyuINiPHslr-NK9VbtH-e45sYZvGa0HDI2Zp3rvrQKDaEO_-H-5s8ZzI8-Q6d8QSEZ8XG-n4Eq5jKEwHMMcfpMBKOgjiX2CO5XHa-97VcHUrL4/s72-c/basil-wimal.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/07/blog-post_16.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/07/blog-post_16.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy