දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නීතියක් නැති අශිලාචාර තැනකට රට අරන් යනවා... දුමින්ද නිදහස් කිරීම අධිකරණයටත් කළ අපහාසයක් - සමගි ජන බලවේගය
Homeප්‍රවෘත්ති

නීතියක් නැති අශිලාචාර තැනකට රට අරන් යනවා... දුමින්ද නිදහස් කිරීම අධිකරණයටත් කළ අපහාසයක් - සමගි ජන බලවේගය

PropellerAds

දුමින්ද සිල්වා මහතා නිදහස් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය අධිකරණය කළ අපහාසයක් බවත්, මේ රට නීතියක් නොමැති රටක් බවට ලෝකයා හමුවේ තහවුරු වන බවත...

'රජය ගැන ලැජ්ජා වෙනවා' - මක්කම වන්දනාවේ කෝටාව ගැන අසාද් සාලි හෙළි කරයි (AUDIO)
මහින්දට මැලේසියාවේදී විරෝධයක්
මෙරට තහවුරු වී ඇති ප්‍රජාතන්ත්‍රවාදය මහලේකම්වරයාගේ පැසසුමට
දුමින්ද සිල්වා මහතා නිදහස් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය අධිකරණය කළ අපහාසයක් බවත්, මේ රට නීතියක් නොමැති රටක් බවට ලෝකයා හමුවේ තහවුරු වන බවත් සමගි ජන බලවේගය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි. සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කොට තිබේ.

එහි මෙසේද සදහන්ය.

ප්‍රජාතන්ත්‍රවාදි පාලනය තුළ වැදගත්ම සාධකය ලෙස රටක අධිකරණ ක්‍රියාදාමය හැදින්වේ. වර්තමානයේ ශ්‍රී ලංකාවේ නීතියේ ස්වාධීපත්‍ය පමණක් නොව ස්වාධීනත්වය ද අභියෝගයට ලක්ව ඇති බව දුමින්ද සිල්වාට ලබා දුන් විශේෂ ජනාධිපති සමාව තුලින් පැහැදිලි වේ.

එකි සමාව ලබාදීමට ජනාධිපතිවරයා නිසි ක්‍රමවේදය අනුගමනය කර ඇද්දැයි නීතිඥ සංගමය නගන ප්‍රශ්න තුලින් ගැටලුවක් ද පැන නගි.

වර්තමානයේ ජනාධිපතිවරයා කටයුතු කරනුයේ ආණ්ඩුව නම් මම යැයි සිතමින් බව පෙනේ. පාර්ලිමේන්තුව අධිකරණය තමාට රිසි පරිදි ක්‍රියා කළ යුතු බව එතුමාගේ ක්‍රියාදාමයන් තුලින් පෙන්නුම් කෙරේ.

මෙය රටේ ප්‍රජාතන්ත්‍රවාදි පාලනයට බරපතළ අනතුරකි. දැනටමත් ජාත්‍යන්තර සංවිධාන ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබදව ප්‍රශ්න කරමින් සිටි. යුරෝපා සංගමය පසුගියදා සම්මත කළ යෝජනාව තුල රටේ අනාගත ආර්ථිකයය ද විශාල අභියෝගයකට ලක්ව තිබේ. දේශපාලන පලිගැනීම් පිලිබද ජනාධිපති කොමිසම යනුවෙන් අපකීර්තිමත් කොමිසමකින් නිර්දේශයන් ලබා ගනිමින් අධිකරණය ලබාදුන් තීන්දු වෙනස් කිරිමට නීතිපතිතුමාට බලපෑම් එල්ල කොට තිබේ. අමාත්‍ය මණ්ඩලය හරහා අධිකරණ තීන්දු වෙනස් කරලිමට උත්සාහ දරයි.

මෙවැනි ක්‍රියාකාරකම් තුලින් පැහැදිලි වන්නේ රටේ නීතියක් හෝ ශීලාචාර පැවැත්මක් නොමැති තැනකට රට ගෙන යන බවයි.

ත්‍රි පුද්ගල මහාධිකරණයක් මගින් නියම කල දඩුවමක් ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරුවරයා ඇතුළු පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් මගින් තහවුරු කල දඩුවමක් මෙලෙසට විධායක බලය යොදා වෙනස් කරන්නෙනම් පැහැදිලිවම එය රටේ යහපාලනය පිලිබදව ප්‍රශ්නයක් ඇති කරන්නකි.

මෙම සිදුවිම ඉතාමත් සංවිධානාත්මකව සිදු කල බව නොරහසකි. දේශපාලන පලිගැනීමේ කොමිසමට කිසිසේත් අදාළ නොවන දුමින්ද සිල්වාගේ නඩුකරය කොමිසමේ කාර්ය අවසන් වන මොහොතේ බාර ගැනීමත් ඒ සා බරපතල තීන්දුවක් දේශපාලන පලිගැනීමකට ලඝු කිරිමට කටයුතු කිරිම මෙම තීන්දුව දුන් එවකට කටයුතු කල අගවිනිසුරුතුමා ඇතුළු විනිසුරුතුමන්ලාට ද කල අපහාසයකි.

දුමින්ද සිල්වාට සමාව ලබාදෙන ලෙස ඉල්ලා මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබාගැනීම ද මෙම නිර්ලජ්ජිත තීරණය ගැනීමට පසුබිම සැකසිමක් බව පැහැදිලි වේ.

රටේ ජාත්‍යන්තර ප්‍රතිරූපය දිනෙන් දින පිරිහීමට ලක්කරන ආණ්ඩුව මෙම ක්‍රියාව තුලින් ශිෂ්ඨ සම්පන්න ලෝකයෙන් අපගේ මාතෘ භුමිය තව දුරටත් හුදකලා කරනු ඇත.

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට මේ රටේ ජනතාව බලය ලබාදුන්නේ නීතිය තමාට ඇවැසි ලෙස භාවිතා කිරිමට නොවේ.

දුමින්ද සිල්වාට එල්ල වුයේ මිනිමැරුම් චෝදනාවකි. එම මිනිමැරීම තුල වින්දිත පාර්ශ්වයක් ද සිටි. ආණ්ඩුව තමාගේ දේශපාලන හිතවතාට සමාව දෙමින් සිදුකරනුයේ වින්දිත පාර්ශ්වයන්ට නීතියෙන් ලබා දුන් සාධාරණත්වය අහිමි කිරිමයි. මෙවැනි සිදුවිම් සිදුවිය හැක්කේ ගෝත්‍රික වැඩවසම් වහල් පාලනයක් තුල පමනි.

තමාට ව්‍යවස්ථාවෙන් හිමි බලයක් ජනාධිපතිවරයා විසින් අයුතු ලෙස භාවිතා කිරිම සමගි ජන බලවේගය ඉමහත් පිළිකුලෙන් යුතුව හෙලා දකිමු. ජනාධිපතිවරයා ⁣දුන් මෙම වැරදි පූර්වාදර්ශය තුලින් රටේ අනාගතය අනතුරකට හෙලා ඇත. එබැවින් වහාම මෙම නියෝගය හකුලා ගනිමින් නීතියේ ස්වාධීපත්‍ය සහ ස්වාධීනත්වයත් ගරු විනිසුරුතුමන්ලාගේ ගෞරවයත් සුරකින ලෙස ජනාධිපතිවරයාට බලකරමු.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නීතියක් නැති අශිලාචාර තැනකට රට අරන් යනවා... දුමින්ද නිදහස් කිරීම අධිකරණයටත් කළ අපහාසයක් - සමගි ජන බලවේගය
නීතියක් නැති අශිලාචාර තැනකට රට අරන් යනවා... දුමින්ද නිදහස් කිරීම අධිකරණයටත් කළ අපහාසයක් - සමගි ජන බලවේගය
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjNce7XcdWl-F5b4eRCgCUs9ZtgGY3MtmTaLTcZ-ESAtzhWCxI38Q979TMe9h5Z8dgbCPAJoNBd1NiobhjeD8Tfk7Uy6-kT-xFxsQzRZyvoyHNL-Ab_LZTolxmBxpfDyvfsbCeJhHlTfjI/s320/SJB-4-scaled.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjNce7XcdWl-F5b4eRCgCUs9ZtgGY3MtmTaLTcZ-ESAtzhWCxI38Q979TMe9h5Z8dgbCPAJoNBd1NiobhjeD8Tfk7Uy6-kT-xFxsQzRZyvoyHNL-Ab_LZTolxmBxpfDyvfsbCeJhHlTfjI/s72-c/SJB-4-scaled.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_302.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_302.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy