දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'රජය ගැන ලැජ්ජා වෙනවා' - මක්කම වන්දනාවේ කෝටාව ගැන අසාද් සාලි හෙළි කරයි (AUDIO)
Homeප්‍රවෘත්ති

'රජය ගැන ලැජ්ජා වෙනවා' - මක්කම වන්දනාවේ කෝටාව ගැන අසාද් සාලි හෙළි කරයි (AUDIO)

PropellerAds

මෙවර 2240ක පිරිසකට පමණක් මක්කම වන්දනාවට සහභාගී වීමට අවස්ථාව ලැබී ඇති බවත් මීට පෙර අවස්ථාවන්හි ඊට අමතරව 600කට යාමට අවස්ථාව ලැබුණද මෙවර එම අ...

2017 අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි
'පගාව ගන්න තැන් කිව්වොත් වර්ජන කරාවි' - ජනපති
කොකේන් කිලෝ 800 අැල්ලූ නිලධාරියාට උසස්වීමක්
'රජය ගැන ලැජ්ජා වෙනවා' - මක්කම වන්දනාවේ කෝටාව ගැන අසාද් සාලි හෙළි කරයි (AUDIO)

මෙවර 2240ක පිරිසකට පමණක් මක්කම වන්දනාවට සහභාගී වීමට අවස්ථාව ලැබී ඇති බවත් මීට පෙර අවස්ථාවන්හි ඊට අමතරව 600කට යාමට අවස්ථාව ලැබුණද මෙවර එම අවස්ථාවද අහිමි වී ගොස් ඇති බවත් ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය.

හජ් වන්දනාව සඳහා ලබාදී ඇති කෝටාව සම්බන්ධයෙන් මේවන විට ඇති වී තිබෙන ගැටලූව පිළිබඳ අසාද් සාලි මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු මෙසේ සඳහන් කළේය.

පසුගිය වසරේද 600ක් ලැබෙන විට මුස්ලිම් ආගමික කටයුතු විෂය භාර අමාත්‍යවරයා හා ඔහුගේ සොහොයුරා මක්කම වන්දනාවේ ගොස් තිබූ බවත් මෙවරද මෙවැනි ප්‍රශ්නයක් ඇතිවූ විට ඇමතිවරයා එංගලන්තයට ගොස් ඇති බවත් මක්කම යන බැතිමතුන්ගේ කටයුතු සොයා බැලීමට කවුරුත් නොමැති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

සෞදි රජයට විරුද්ධව මේ කාලසීමාව තුළ විවිධ ප්‍රකාශ සිදු කළ බවත් සෞදියට කිසිදු කාන්තාවක් නොයවන බවට තලතා අතුකෝරල ඇමතිවරියද ප්‍රකාශ කර තිබූ බවත් රන්ජන් රාමනායක ඇමතිවරයා සෞදි තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණය කළ බවත් පවසන අසාද් සාලි මහතා මෙවැනි සිදුවීම් නිසා සෞදි රජය සමග පැවති මිත්‍රශීලි භාවය පළුදු වී ඇති බවත් මාලදිවයිනට, බංගලාදේශයට මක්කම වන්දනා කිරීමේ අවස්ථාව වැඩි කර ඉල්ලූ විට ඊට එරටින් අවසර දුන් බවයි. 

මෙරට මුස්ලිම් කටයුතු අමාත්‍යංශයට මක්කම වන්දනාවට අවස්ථාව වැඩි කරන්නැයි කියා ලිපියක් ලියා ගැනීමට පවා නොහැකි බවත් ජනපති හෝ අගමැති මේ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගත් බවත් ඒ පිළිබඳ රජයේ කිසිදු අයෙකු සොයා නොබැලූ බවත් ඒ නිසා රජය පිළිබඳ කණගාටුව පළ කරන බවත් ඔහු අවධාරණය කළේය.

මේවන විට හජ් වන්දනාවට 8000ක් පමණ පිරිසක් ඉල්ලුම් කර ඇති බවද සඳහන් කළ අසාද් සාලි මහතා ඉතිහාසයේ කවදාවත් සිදුනොවුණ දේවල් යහපාලන ආණ්ඩුව පත් වූ දිනයේ සිට සිදු වන බවත් 2010 මක්කම හජ් වන්දනාවට 6500ක් මෙරටට කෝටාව ලැබුණු බවත් ඊට අමතරව තානාපති කාර්යාලයෙන් එරට වැඩ කරන ලාංකිකයින් 350කටද අවස්ථාව සලසා දුන් බවත්ය.

එම අවස්ථාවේදී තානපතිවරයාගේ බලය මත තවත් 150ක වීසා ප්‍රමාණයක් ලැබුණු බවත් එදා 7000කට වැඩි පිරිසක් මක්කම වන්දනාවේ ගිය බවත් ඔහු සඳහන් කළේය.

මෙවර එම වීසා ලබා දීමේ වගකීම සඳහා පත් කර ඇති පුද්ගලයා මුස්ලිම් අයෙකු ලෙස තමා පිළිනොගන්නා බවත් එනිසා මුස්ලිම් පුද්ගලයෙකු පත් කරන ලෙස වසර දෙකක කාලය තුළ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දැන්වුවද කිසිදු පියවරක් නොගත් බවත් අසාද් සාලි මහතා පැවසීය.

මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව බෞද්ධ කටයුතු අමාත්‍යංශය සමග පවත්වාගෙන ගියේ නම් වාසි හිමිවන බව හා එය වෙන් කර තිබීම හේතුවෙන් ප්‍රශ්න වැඩිවී ඇති බව තමාට ආරක්ෂක ලේකම්වරයාද පෙන්වාදුන් බවද ඔහු වැඩිදුරටත් පැවසී ය.

එම හඩපටය පහතින්,

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'රජය ගැන ලැජ්ජා වෙනවා' - මක්කම වන්දනාවේ කෝටාව ගැන අසාද් සාලි හෙළි කරයි (AUDIO)
'රජය ගැන ලැජ්ජා වෙනවා' - මක්කම වන්දනාවේ කෝටාව ගැන අසාද් සාලි හෙළි කරයි (AUDIO)
http://ift.tt/2bGY9Po
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/audio.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/audio.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy