දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගොවියන්ට පොහොර නැතත්: ආණ්ඩුවේ පොහොර කතාවට කෝටි 8ක කැම්පේන් එකක් !
Homeප්‍රවෘත්ති

ගොවියන්ට පොහොර නැතත්: ආණ්ඩුවේ පොහොර කතාවට කෝටි 8ක කැම්පේන් එකක් !

PropellerAds

කාබනික පොහොර වගාව පිළිබඳ ජනමතයක් ඇතිකරලීමට රුපියල් කෝටි 8 ක ප්‍රචාරක ව්‍යාපෘතියක් සඳහා වන කැබිනට් පත්‍රිකාවක් මේ වන විට සකස් කරමින් තිබෙන ...

බියර් 100කින් අඩුවෙයි : සැර අනුව මත්පැන් බදු වෙනස් වෙන්නේ මෙහෙමයි.
වැලිකඩ ඝාතනය ගැන ජනපතිට සන්දේශයක් !
ලංකාඊනිව්ස් වාරණයට මාධ්‍ය සංවිධාන විරෝධය.
කාබනික පොහොර වගාව පිළිබඳ ජනමතයක් ඇතිකරලීමට රුපියල් කෝටි 8 ක ප්‍රචාරක ව්‍යාපෘතියක් සඳහා වන කැබිනට් පත්‍රිකාවක් මේ වන විට සකස් කරමින් තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශ ආරංචිමාර්ග පවසයි. අදාල කැබිනට් පත්‍රිකාව අනුමත කරන තෙක් අදාල වැඩසටහන් සකස් කර ප්‍රචාරය කිරීම සඳහා සුදුසු පියවර ගන්නා ලෙස කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්.රණසිංහ විසින් 2021.06.05 දිනැති ලිපියක් මගින් ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා ට දැනුම් දී ඇත.

මෙම ප්‍රචාරක කොන්ත්‍රාත්තුව දියයුත්තේ කාටදැයි කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් නොනිල දැනුම්දීමක් කර ඇතැයි ද ජනමාධ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව මෙම ප්‍රචාරක කොන්ත්‍රාත්තුව හිමිවීමට නියමිතව ඇත්තේ, ජනප්‍රිය ගායන ශිල්පින් දෙදෙනෙකුගේ ප්‍රචාරක ආයතනයටය. වෙනත් කිසිදු ආයතනයකට මෙම ප්‍රචාරක වැඩසටහන ලබා නොදිය යුතු යැයි අමාත්‍යවරයා විසින් උපදෙස් දී ඇතැයි ද පැවසේ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ මාධ්‍ය විශේෂඥයින්/ පරිපාලන සේවා නිලධාරීන් 16 දෙනෙකු සිටිය දී, මෙම ප්‍රචාරක ව්‍යාපෘතියේ සම්බන්ධිකරණ කටයුතු පවරා ඇත්තේ රාජ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් ලෙස තාවකාලික පත්වීමක් ලබා ඇති හරීන් සපරමාදු වෙත ය.

දැවැන්ත අර්බුදයක් අභියස …

මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා සමඟ ඇතිකර ගත් ගැටුමක් හේතුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර පසුගියදා ඉල්ලා අස්විය.

රටේ වාර්ෂික රසායන පොහොර අවශ්‍යතාව වන මෙට්‍රික් ටොන් ලක්ෂ 12 ක් ගෙන්වීම රජය විසින් තහනම් කර තිබේ. මේ වන විට රට පුරා බරපතල පොහොර හිඟයක් මතුව ඇති අතර රජය සීමිත පොහොර බෙදා හැරීමක් සිදු කර ඇත.

ලංකාවේ කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන්ම කාබනික පොහොර මත පමණක් ගොඩනැගීමට නම් පෙහොර ටොන් ලක්ෂ එක්දහස් දෙසීයක් (123,003,100) අවශ්‍ය වේ. එබැවින් පොහොර තහනම වගා ක්‍රියාත්මක කිරීමෙන් දැවැන්ත ආහාර හිඟයක් රටේ ඇතිවිය හැකි බවට විශේෂඥයින් අනතුරු අඟවති.

ඇමතිතුමාගේ ප්‍රකාශය

මෙවැනි ප්‍රචාරක මෙහෙයුමක් සිදුකිරීමට කටයුතු කර ඇද්දැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් අප කළ විමසීමේ දී ඔහු ප්‍රකාශ කර සිටියේ, කාබනික පොහොර බෙදාහැරීමේ කටයුතු සඳහා ලියාපදිංචිය පිළිබඳ ප්‍රචාරක වැඩපිළිවෙළක් ඇති නමුත් මෙවැනි ප්‍රචාරක මෙහෙයුමක් සිදු නොවන බවයි.

උපුටා ගැනීම : infosrilanka


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගොවියන්ට පොහොර නැතත්: ආණ්ඩුවේ පොහොර කතාවට කෝටි 8ක කැම්පේන් එකක් !
ගොවියන්ට පොහොර නැතත්: ආණ්ඩුවේ පොහොර කතාවට කෝටි 8ක කැම්පේන් එකක් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjGtDMniXnjy6Lm70cpjmv62_gCu6PrieEn1ZlL1H5AxUEXh-ABZsiW9YBxR99Wg3P_drnFsQm-_1fBYWZQdMj8YchgBx4uJxvcroC9i6pUbVG7qS20o6OyDUJ-jVRcUqaGezJ9XLz7gJ8/s320/farmers.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjGtDMniXnjy6Lm70cpjmv62_gCu6PrieEn1ZlL1H5AxUEXh-ABZsiW9YBxR99Wg3P_drnFsQm-_1fBYWZQdMj8YchgBx4uJxvcroC9i6pUbVG7qS20o6OyDUJ-jVRcUqaGezJ9XLz7gJ8/s72-c/farmers.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/06/8.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/06/8.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy