දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලංකාඊනිව්ස් වාරණයට මාධ්‍ය සංවිධාන විරෝධය.
Homeප්‍රවෘත්ති

ලංකාඊනිව්ස් වාරණයට මාධ්‍ය සංවිධාන විරෝධය.

PropellerAds

ලංකාඊනිව්ස් වෙබ් අඩවියට (www.lankaenews.com) පිවිසීම ශ්‍රී ලංකාවේ අවහිර කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය සංවිධාන රාශියක් තම අප්‍රසාදය පල කර තිබේ. ...

චීනයේ වූහන් සිට ගෙන්වූ සිසුන්ද 72 නිදහස් දිනය අභිමානයෙන් සමරයි
චීනයේ වූහන් සිට ගෙන්වූ සිසුන්ද 72 නිදහස් දිනය අභිමානයෙන් සමරයි
සිරිසේන-රනිල් නිදහස් උලෙල වර්ජනයේ.. කලකට පසු චන්ද‍්‍රිකා නිදහස් උලෙලට එයි.. සජිත් හා ආර්යාවද එක්වෙයි

ලංකාඊනිව්ස් වෙබ් අඩවියට (www.lankaenews.com) පිවිසීම ශ්‍රී ලංකාවේ අවහිර කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය සංවිධාන රාශියක් තම අප්‍රසාදය පල කර තිබේ.

තින්දුව ගැන යළිත් සිතා බලන්න - වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය

පැවති ප්‍රජාතන්ත්‍ර විරෝධි රාජපක්ෂ පාලන සමය පෙරලා දමා යහපාලනයක් මෙරට තුල ස්ථාපිත කිරිම සදහා විවිධ තර්ජණ හමුවේ වුව වෙබ්මාධවේදින් තිරාණනාත්මක මැදිහත්විමක් සිදුකරන ලද අතර වෘත්තීය වෙබ් මාධ්‍ය වේදීන්ගේ සංගමය යනු එම පිරිසේ එකතුව බවත් ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය හේතුකොට ගෙන ලංකා ඊනිව්ස් වෙබ් අඩවිය ද ඇතුළුව වෙබ් අඩවි 08 ක් එකල වාරණයකට ලක්ව තිබු බවත් පවසන වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය මේ සිදුකර ඇති වාරණය පිළිබදව යහපාලනයක් යටතේ කිසිලෙසකින් වත් සිදුනොවිය යුතුව ඇති බව අවධාරණය කරයි.

එසේම ආචාරධාර්මික වෙබ් මාධ්‍ය කලාවක් මෙරට තුල ස්ථාපිත කිරිම අරමුණු කොට ගෙන අප විසින් සකසා ඇති ආචාරධර්ම වලට එලෙසින්ම අනුකුල නොවන අකාරයේ මාධ්‍යකරණයක ලංකා ඊනිව්ස් වෙබ් අඩවිය නියැලුනද එය වාරණයකට ලක්කිරිම කිසිසෙත්ම අනුමත නොකරන බවත් මෙම වාරණ තින්දුව ගැන යළිත් සිතා බලන ලෙසත් එම සංගමය රජයෙන් ඉල්ලා සිටියි.

ආණ්ඩුව ප්‍රකාශයක් කල යුතුයි - වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සංගමය 

ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය ශ්‍රී ලංකාව තුල අවහිර කිරීමට සිය දැඩි විරෝධය පල කරන බව වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සංගමය ද පවසයි.

මාධ්‍ය නිදහස ශපථ කරමින් බලයට පැමිණි යහපාලන ආණ්ඩුවේ මෙවැනි පියවර ජනතාව සහමාධ්‍ය සමාජය කිසිසේත් බලාපොරොත්තු නොවන්නක් බවත් මෙම වාරණ නියෝගය නිකුත් කළ විදුලි සංදේශ නියාමන කොමිසම පවතින්නේ ජනාධිපතිවරයා යටතේ වීමත්, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පවතින්නේ ජනාධිපතිවරයාගේ සහෝදරයාගේ යටතේ වීමත් මෙම හදිසි වාරණයේ සුවිශේෂී කාරණයක් බවත් ඔවුන් පෙන්වා දෙයි.

එසේම ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය වාරණයට ලක් කිරීම පිළිබඳ ආණ්ඩුව වහා ප්‍රකාශයක් සිදුකළ යුතු බව ද එම සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි. 

ඊ නිව්ස් අවහිර ඉවත් කළ යුතුයි - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට ප්‍රවේශ වීමේ හැකියාව තාක්ෂණිකව අවහිර කිරීම මඟින් එම වෙබ් අඩවියට එරෙහිව නිල නොවන වාරණයක් මේ වන විට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මකව ඇති බවත්, එය වහාම ඉවත් කළ යුතු බවත්, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

මෙම ක්‍රියාවෙහි වගකීම් පැවරෙන ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් අමතා තොරතුරු විමසීමට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය උත්සාහ කළ ද එයට ප්‍රතිචාර නොලැබුණු බවද එහි දැක්වේ.


ලංකාඊනිව්ස් අවහිර කිරීම ගැන තොරතුරු ඉල්ලයි

ලංකාඊනිව්ස් වෙබ් අඩවියට (www.lankaenews.com) පිවිසීම ශ්‍රී ලංකාවේ අවහිර කිරීම සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන්නැයි එහි ප්‍රධාන කර්තෘ සඳරුවන් සේනාධීර තම නීතිඥයා මාර්ගයෙන් වැඩ බලන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් සුදර්ශන ගුණවර්ධනගෙන් ඉල්ලා සිටී.

වැඩ බලන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කළ ලිපියකින් නීතිඥ උපුල් කුමරප්පෙරුම ඉල්ලා සිටින්නේ, වෙබ් අඩවිය අවහිර කිරීම යම්කිසි අධිකරණ නියෝගයක් මත සිදු කළේද නැත් නම් වෙනත් ආයතනයක හෝ පුද්ගලයෙකුගේ උපදෙස් මත සිදු කළේ ද, එසේ සිදු කළේ නම් ඒ කුමන නීතියක් යටතේ ද සහ කුමන හේතුවක් මත ද යන්න පිළිබඳව විමසා බලන ලෙසට තම සේවාදායකයා උපදෙස් දී ඇති බවයි.


වෙබ් අඩවිය අවහිර කිරීම සම්බන්ධයෙන් තම සේවාදායකයාට කිසිදු පූර්ව දැනුම් දීමක් හෝ හේතු විමසීමක් හෝ හේතු දැක්වීමක් හෝ වෙනත් ආකාරයක දැනුම් දීමක් හෝ සිදු කර නොමැති අතර, එය හුදු ඒකපාර්ශ්වික තීරණයක් ලෙසට සිදු කර ඇති බවට තම සේවාදායකයා උපදෙස් දී ඇති බව නීතිඥ කුමරප්පෙරුම තම ලිපියෙන් වැඩිදුරටත් කියා සිටී.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලංකාඊනිව්ස් වාරණයට මාධ්‍ය සංවිධාන විරෝධය.
ලංකාඊනිව්ස් වාරණයට මාධ්‍ය සංවිධාන විරෝධය.
http://ift.tt/2AxbRx9
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_443.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_443.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy