දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බදු වැඩිකරන ප්‍රචාර බොරු - මුදල් අමාත්‍යංශය.
Homeප්‍රවෘත්ති

බදු වැඩිකරන ප්‍රචාර බොරු - මුදල් අමාත්‍යංශය.

PropellerAds

නව දේශීය ආදායම් පනත මඟින් විවිධ ක්ෂේත්‍රවලට බදු වැඩිකර ඇතැයි කරන චෝදනාවල කිසිදු සත්‍යතාවයක් නැතැයි මුදල් හා මාධ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයක...

'පවිත්‍රාගේ සද්දේ හැටියට වැඩ නෑ' - පී. හැරිසන්
මහනුවර මහා නගරයක් කරන සැලැස්ම 2017දී
විද්‍යා පීඨ බඳවාගැනීමේ ක්‍රම 2ක් නිසා අර්බුදයක්

නව දේශීය ආදායම් පනත මඟින් විවිධ ක්ෂේත්‍රවලට බදු වැඩිකර ඇතැයි කරන චෝදනාවල කිසිදු සත්‍යතාවයක් නැතැයි මුදල් හා මාධ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයකු පැවසිය.

පසුගියදා පාර්ලිමේන්තුවේ දී සම්මත කරන ලද නව දේශීය ආදායම් පනත මඟින් විවිධ ක්ෂේත්‍ර අලුතෙන් බදුවලට යටත් කර ඇතැයි ද ඇතැම් ක්ෂේත්‍ර සඳහා බදු වැඩිකර ඇතැයි ද පලවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් කල විමසීමකදී එම ප්‍රකාශකයා එබව සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ එම ප්‍රකාශකයා මෙසේද කියා සිටියේය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අදාළ වෘත්තීය සමිති මෙන්ම පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂවලින් ලැබුණු යෝජනා ද ඇතුළත් කරමින් මෙම පනත සම්මත කරන ලදි.

මුල සිටම බොරු ප්‍රචාර :

මෙම නව පනත මඟින් පන්සල්, පල්ලි දේවාල ද ඇතුළුව ආගමික සිද්ධස්ථානවලින් බදු අය කරන බවට මුල සිටම විවිධ ප්‍රචාරයන් ගෙන යන ලදි.

එමෙන් ම ශ්‍රී ලංකික ශ්‍රමිකයන් විදේශයන්හි සිට එවන මුදල් බදු වලට යටත් කරන බවත් ප්‍රචාරය විය.

මෙම කරුණුවල කිසිදු සත්‍යතාවයක් නැති අතර ආගමික සිද්ධස්ථාන හා විදේශ ශ්‍රමිකයන්ගේ මුදල් සඳහා මෙම නව පනත ක්‍රියාත්මක කිරීමට පෙර පැවති තත්ත්වයම තවදුරටත් පවතිනු ඇත.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතිරිකිරීම්වලින් ලැබෙන පොලී ආදායමට ද බදු අය කරන බවට විවිධ ප්‍රචාරයන් ගෙන යන ලදි.

එහිදී ද කිසිදු සත්‍යතාවයක් නොමැති අතර ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතිරිකිරීම් මත වන පොලී ආදායම මසකට රු.125,000 දක්වා බදුවලින් නිදහස් කොට ඇත. එවන් පොලී ආදායමක් ලබන්නට නම් රුපියල් ලක්ෂ 150 ඉක්ම වූ තැන්පතුවක් තිබිය යුතු වේ.

බදු ක්‍රමය සරල කිරීම :

මෙම නව බදු පනත මඟින් බදු ක්‍රමය සරල කර ඇති අතර විවිධ පුද්ගලයන්, සමාගම් හා ආයතන වෙත විවිධ මාදිලියේ බදු සහන අක්‍රමිකව ලබා දුන් ක්‍රමවේදයන් අහෝසි කර ඇති අතර සියලු ආයෝජකයන් හට තම ආයෝජනයන් සඳහා ලබා ගත හැකි බදු සහන පිළිබඳව මෙම පනත මඟින් නිශ්චිතව සඳහන් කර ඇත.

එමඟින් රජය පොරොන්දු වූ යහපාලන ක්‍රමවේදයන් රාජ්‍ය පාලනය තුළ ක්‍රියාත්මක කළ හැකි අතර බදු සහන පතා දේශපාලඥයන් පසු පස යාමේ අවශ්‍යතාවය ද පැන නො නගියි.

උපයන විට ගෙවීමේ (PAYE) බදු සඳහා වන වාර්ෂික සීමාව රුපියල් ලක්ෂ 7 1/2 සිට රුපියල් 12 ලක්ෂය දක්වා වැඩිකර ඇති බැවින් දැනට එම බදු ගෙවමින් සිටින රැකියා නියුක්ත බොහෝ පිරිස උපයන විට බදු ගෙවීමෙන් නිදහස් වනු ඇත.

කොටස් වෙළඳ පොළ ව්‍යාපාර ප්‍රාග්ධන බද්දට යටත් වන්නේ යැයි ඇතැම් ක්ෂේත්‍ර වෙතින් මත පළ වී තිබුණි.

කොටස් වෙළඳ පොළේ ලයිස්තු කර ඇති කිසිදු සමාගමක් ප්‍රාග්ධන බද්දට යටත් වන්නේ නැත. එමෙන්ම කොටස් අලෙවි කිරීමෙන් ලබන ආදායම ද ප්‍රාග්ධන බද්දෙන් නිදහස් කර ඇත.

සේවක අර්ථ සාධක අරමුදල් ප්‍රතිලාභීන්ට නව බදු පනතෙන් බද්දට යටත් වන බව විවිධ ප්‍රචාර ගෙන ගිය ද කිසිදු අර්ථසාධක ප්‍රතිලාභියෙකු බදු ගෙවිය යුතු වන්නේ නැත.

රෝහල් සේවා හෝ ගාස්තු:

මෙම නව පනත මඟින් රෝහල් සේවා හෝ ගාස්තු සඳහා කිසිදු බද්දක් පනවා නොමැත.

පෞද්ගලික රෝහල් ව්‍යාපාර ආයතනයක් ලෙස ඔවුන්ගේ ගිණුම් වසර අවසානයේ ලබන ආදායම මත ගෙවනු ලබන බද්ද පමණක් 28% දක්වා වැඩිකර ඇත.

මෙය රෝහල් හා සෞඛ්‍ය සේවා ආයතනවල වාර්ෂික ලාභ මත අය කරනු ලබන බද්දක් වන බැවින් එමඟින් රෝගීන් වෙත සපයනු ලබන සේවාවන්හි ගාස්තු වැඩිවීමකට හේතුවන්නේ නැත.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බදු වැඩිකරන ප්‍රචාර බොරු - මුදල් අමාත්‍යංශය.
බදු වැඩිකරන ප්‍රචාර බොරු - මුදල් අමාත්‍යංශය.
http://ift.tt/2f6SxAL
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_502.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_502.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy