යාපනය නගර්කෝවිල් ප්‍රදේශයේදී අධිබලැති ක්ලේමෝ බෝම්බයක් සහ පතුරම් තොගයක් සමග හිටපු මුහුදු කොටි සාමාජිකයෙකු ඊයේ (28) දින අත්අඩංගුවට ගත් බවට ...
යාපනය නගර්කෝවිල් ප්‍රදේශයේදී අධිබලැති ක්ලේමෝ බෝම්බයක් සහ පතුරම් තොගයක් සමග හිටපු මුහුදු කොටි සාමාජිකයෙකු ඊයේ (28) දින අත්අඩංගුවට ගත් බවට යාපනය ආරක්ෂක සේනා මූළස්ථානය පවසයි.
යාපනය යුදහමුදා බුද්ධි අංශයට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව යුදහමුදා බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් විසින් නගර කෝවිල් වෙරලආසන්නයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී තාවකාලික පැල්පතක බිම වලදමා තිබියදී අදාල ක්ලේමෝ බෝම්බය සමගින් ටී.56 පතුරම් 14 ක්, පිස්තෝල පතුරම් 45 ක් 12.7 වර්ගයේ පතුරම් 01 ක්, ඩෙටනේටර් නූල් මීටර් 02 ක් සොයාගනු ලැබීය.
එහිදී අදාල ක්ලේමෝ බෝම්බ වලදැමූ බවට සැකෙරෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමේදී අනාවරනය වී ඇත්තේ ඔහු හිටපු මුහුදු කොටි සාමාජිකයෙකු බවටත් පුනරුත්තාපනය වී ඇති බවටත්ය.
අදාල ක්ලේමෝ බෝම්බය එම ස්ථානයේ වලදමා සඟවාගෙන තිබීමට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතර යම් විනාශකාරී ක්‍රියාවකට සූදානම් වූවේද යන්න පිළිබඳව සැක සහිත බැවින් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා යාපනය පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයට භාරදීමට පියවර ගත් බවට යුදහමුදාව වැඩිදුරටත් පැවසීය.

COMMENTS