මහනුවර පොලිස් කොට්ඨාශය තුළ පසුගිය දිනවල සිදු වූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු මහසෝන් බලකායේ ප්‍රධානි අමිත් වීරසිංහ ඇතුළු ...
මහනුවර පොලිස් කොට්ඨාශය තුළ පසුගිය දිනවල සිදු වූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු මහසෝන් බලකායේ ප්‍රධානි අමිත් වීරසිංහ ඇතුළු 35 දෙනා මේ මස 28 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
ඒ ඔවුන් අද පෙරවරුවේ තෙල්දෙණිය මහේස්ත්‍රාත් එම්.එච්.ෆරික්ඩින් මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ මහසෝන් බලකායේ ප්‍රධානි අමිත් වීරසිංහ අනුරාධපුර රිමාන්ඩ් බන්ධනාගාරය වෙතත් සෙසු සියලුදෙනා පල්ලෙකැලේ, දුම්බර බන්ධනාගාරය වෙතත් යළි රැගෙන ගොස් තිබේ.
COMMENTS