දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ක්‍රිකට් කළමනාකරණ කමිටුව නීත්‍යානුකූල නෑ; නාමල් පස්සට ගැසූ ගැසට්ටුව
Homeප්‍රවෘත්ති

ක්‍රිකට් කළමනාකරණ කමිටුව නීත්‍යානුකූල නෑ; නාමල් පස්සට ගැසූ ගැසට්ටුව

PropellerAds

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවේ සභාපති ලෙස පත්කර ඇති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා හා එහි භාණ්ඩාගාරික සුජීව මුදලිගේ මහතා එම කමිට...

අගමැතිත් අසමත්, ලබන සතියේ සිට විරෝධතාවක්!
සනත් නිශාන්ත ගෝඨාගෝගමට ගහලා සති ගාණක් ඇතුළෙ හිටියා! අන්න ඒ පාර සනත්ගෙ අයියා ජගත් සමන්ත තෙල් පෝලිමේ හිටපු මනුස්සයෙකුටයි-පොලිසියේ කෙනෙකුටයි ගහලා! පවුලම චණ්ඩි වගේ! (VIDEO)
ධම්මික පෙරේරා නිසා වසර 44ක පාර්ලිමේන්තු රහසක් එළියට! රනිල් බේරුණෙත් ඒ නිසාද?
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවේ සභාපති ලෙස පත්කර ඇති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා හා එහි භාණ්ඩාගාරික සුජීව මුදලිගේ මහතා එම කමිටුවේ අදාළ ධූරයන් දැරීමට නුසුදුස්සන්වීම හේතුවෙන් එම කමිටුවේ බලය ක්‍රියාත්මක කිරීමට නීත්‍යානුකූල ගැටලු මතුව ඇතැයි වාර්තා වේ.

2013 අංක 33 දරණ ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජන ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනතේ 14 වන වගන්තියේ 3 වන උප කොටසේ ඇ වගන්තිය යටතේ අර්ජුන ද සිල්වා ක්‍රිකට් කළමනාකරණ කමිටුවේ සභාපති ලෙස කටයුතු කිරීමට නුසුදුස්සකු වේ.

එසේම, එම කමිටුවේ භාණ්ඩාගාරික ලෙස නම් කර ඇති සුජීව මුදලිගේ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ගිණුම් විගණනය කරන ප්‍රයිස් වෝටර් හවුස් කූපර්ස් ප්‍රයිවට් ලිමිටඩ් විගණන ආයතනයේ සාමාජිකයෙක්වීම හේතුවෙන් ඔහුට ද අදාළ ධූරය දැරිය නොහැකිය.

මහාචාර්යවරයාට එම කමිටුවේ කටයුතු කිරීමට නම් ජාතික තහනම් උත්තේජන නිවාරණ ආයතනයෙන් ඉවත් විය යුතු වන අතරම මුදලිගේ මහතාට ද අදාළ ධූරය දැරීමට සිය රැකියාවෙන් ඉවත්වීම අනිවාර්ය බව නීති විශාරදයෝ පෙන්වාදෙති.

නාමල්ගේ පස්සට ගැසට් ගැසීමේ කලාව

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක කමිටු නිල කාලය මෙම වසරේ පෙබරවාරි මාස 20 වැනිදා අවසන් වූ අතර එහි සාමාජිකයන් තව දුරටත් බලයේ රැදී සිටීම නීත්‍යානුකූල නැති බව කෝල්ස් ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ සභාපති නිශාන්ත රණතුංග මහතා ලිඛිතව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත දැනුම්දී තිබිණි.

මේ අනුව එය නීතිපතිවරයා වෙත යොමුකර එහි ඇති සත්‍යතාව පැහැදිලි කර ගැනීමට අමාත්‍යවරයා කටයුතු කර තබිණි.

එසේම පසුගිය මාර්තු 04 වැනිදා ලිපියක් මගින් සිය ක්‍රිකට් විධායක කමිටුව නීත්‍යානුකූල බව පෙන්වා දීමට එහි සභාපති ශම්මි සිල්වා මහතා ද කටයුතු කර තිබිණි.

කෙසේවුවද, 2020 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විගණන වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කිරීමට වත්මන් ක්‍රිකට් විධායක කමිටුව පියවර ගෙන තිබුණේ පසුගිය පෙබරවාරි මාසයේ 25 වැනිදාය.

එලෙස නිල කාලය තුල විගණන වාර්තා ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ක්‍රීඩා පනතට අනුව වත්මන් ක්‍රිකට් විධායක කමිටුව පූර්ණ ක්‍රීඩා තහනමකට ලක් කළ යුතු බවට ද මේ අතර චෝදනා එල්ලවී තිබේ.

මේ අනුව ඔවුන්ට ඉදිරි ක්‍රිකට් නිලවරණයටත් ඉදිරිපත් වීමට නොහැකි බව කොටසකගේ මතය වී ඇත.

කෙසේවුවද, නීතිපතිවරයාත් වත්මන් ක්‍රිකට් විධායක කමිටුව නීති විරෝධී බව මේවන විට තහවුරු කර ඇත.

නීතිපතිවරයා එසේ නිර්දේශ ලබාදී තිබියදී හිටි හැටියේ ක්‍රිකට් විධායක කමිටු නිල කාලය මෙම මස 05 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් කටයුතු කර තිබේ.

විශේෂත්වය වන්නේ අදාළ ගැසට් පත්‍රය නාමල් රාජපක්ෂ මහතා නිකුත් කර ඇත්තේ අතීතයට බලපාන ලෙසය.

නීති විශාරදයින් කියා සිටින්නේ නීතීඥයකු ද වන ඔහු අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ සට කපට කමක් සඳහා වුවද එය නීත්‍යානුකූල නොවන බවයි.

මේ අතර, අදාළ කාරණා සම්බන්ධයෙන් ක්‍රිකට් වලට සම්බන්ධ පිරිසක් ඉදිරියේදී අධිකරණයේ පිහිට පැතීමට සූදානම්වන බවද  වාර්තා වේ.

-srilankamirror
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ක්‍රිකට් කළමනාකරණ කමිටුව නීත්‍යානුකූල නෑ; නාමල් පස්සට ගැසූ ගැසට්ටුව
ක්‍රිකට් කළමනාකරණ කමිටුව නීත්‍යානුකූල නෑ; නාමල් පස්සට ගැසූ ගැසට්ටුව
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi2ZXm6UEQs_oo39cD8IZ_8-LPFHPty_E0g7pdtHF37mwvZeg0ECDtcIfJ-IEQNE3lvQ4MXZy1MGwTRxwwh2-vnb88SrhRY848Y35qwOH4QaNBgjXyVnWGXpC5DPOLpPOL8hRewy9FpigU/s320/namal-cricket.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi2ZXm6UEQs_oo39cD8IZ_8-LPFHPty_E0g7pdtHF37mwvZeg0ECDtcIfJ-IEQNE3lvQ4MXZy1MGwTRxwwh2-vnb88SrhRY848Y35qwOH4QaNBgjXyVnWGXpC5DPOLpPOL8hRewy9FpigU/s72-c/namal-cricket.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/04/blog-post_17.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/04/blog-post_17.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy