ජනාධිපතිවරයාට සහ රජයට එරෙහිව හෙට (20) සිට දැවැන්ත විරෝධතා මාලාවක් ආරම්භ කිරීමට තීරණය කළ බව ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය කියා සිටී. ම...
ජනාධිපතිවරයාට සහ රජයට එරෙහිව හෙට (20) සිට දැවැන්ත විරෝධතා මාලාවක් ආරම්භ කිරීමට තීරණය කළ බව ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය කියා සිටී.
මේ ඒ පිළිබඳ කරුණු දැක්වූ සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න යන මහත්වරුන් මෙසේ කියා සිටියේය.
අගමැතිත් අසමත් - මද්දුම බණ්ඩාර
"රට වැහෙන තත්ත්වයට අද ඇවිල්ල තියෙනවා, තෙල්ටික ගෑස් ටික කෑම ටික විදුලිය කිසි දෙයක් ප්‍රවාහනය නැවතිලා..ආණ්ඩුවේ කාර්යාල වහලා. ජනාධිපතිත් අසමත්වෙලා තියෙනවා. ඒ වගේම අගමැතිත් අද අසමත් වෙලා තියෙනවා. මේ දෙන්නම යවන්න අවශ්‍ය සටන අපි ආරම්භ කරනවා." යැයි රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.
ප්‍රශ්නයට විසඳුම සර්වපාක්ෂික ආණ්ඩුවක් - රාජිත
"එන සතිය අපි විරෝධතා සතියක් වශයෙන් ජනාධිපතිවරයා ගෙදරයනතුරු සටන් බලවේගයක් අපි ආරම්භ කරනවා...ජනාධිපතිවරයාවත් යවලා රනිල් වික්‍රමසිංහටත් අපි අයින් වෙන්නෙයි කියල..මේ රටේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් හැදීම තමයි ප්‍රශ්නයට තිබෙන එකම විසඳුම." යැයි රාජිත සේනාරත්න මහතා පැවසීය.
COMMENTS