දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කිසිවෙකුට පරිසරයට හානි කිරීමට මහා සංඝරත්නයෙන් ඉඩක් නෑ – බෞද්ධ උපදේශක සභාව අවධාරණය කරයි
Homeප්‍රවෘත්ති

කිසිවෙකුට පරිසරයට හානි කිරීමට මහා සංඝරත්නයෙන් ඉඩක් නෑ – බෞද්ධ උපදේශක සභාව අවධාරණය කරයි

PropellerAds

බු ද්ධ චරිතය, ත්‍රිපිටකය සහ බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳ වැරදි අර්ථකතන දෙමින් දුර්මත පතුරවන අය ගැන සොයා බලා ගත යුතු පියවර රජයට නිර්දේශ කිරීමට ක...

සජිත් මෙහෙයවූ ඇල්පිටිය අන්ත පරාදයි.. රනිල් මෙහෙයවා 40%යි.. ප‍්‍රතිශත මෙන්න
පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ ධර්ම සංගායනාවක් පවත්වනවා-සජිත්
ඇල්පිටිය කොට්ඨාශ 17න් 17ම පොහොට්ටුව දිනා ගනී.. සජිත්ට එකක්වත් නෑ..
බුද්ධ චරිතය, ත්‍රිපිටකය සහ බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳ වැරදි අර්ථකතන දෙමින් දුර්මත පතුරවන අය ගැන සොයා බලා ගත යුතු පියවර රජයට නිර්දේශ කිරීමට කමිටුවක් පත් කෙරේ. බෞද්ධ උපදේශක සභාව ඊයේ (19) පස්වරුවේ 09 වැනි වතාවට ජනාධිපති කාර්යාලයේ දී රැස් වූ අවස්ථාවේ ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන්වහන්සේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත කළ ලිඛිත ඉල්ලීමට ප්‍රතිචාර ලෙස කමිටුව කඩිනමින් ස්ථාපනයට තීරණය කෙරිණ.

පුරාවිද්‍යා චක්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද, විද්‍යෝදය පරිවේනාධිපති පූජ්‍ය බලංගොඩ සෝභිත, අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද, සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද, රාමඤ්ඤ මහා නිකායේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නැදගමුවේ විජයමෛත්‍රී, රජ රට විශ්ව විද්‍යාලයේ කුලපති මිරිසවැටිය විහාරාධිකාරී පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක, මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන, ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි යන ස්වාමින් වහන්සේ එහි සාමාජිකයන් ලෙස පත් කරනු ලැබ සිටිති.

“ශ්‍රී ලංකාව ථෙරවාදී බෞද්ධ මූලස්ථානයයි. බෞද්ධ ප්‍රතිරූපකයෝ සහ වංචනික භික්ෂු ප්‍රතිරූපකයෝ බෞද්ධ මූලික ඉගැන්වීම් විකෘති කිරීමේ උත්සාහයක නිරතව සිටිති. පිරිසිදු ථෙරවාදී බුදුදහම විනාශ කර දැමීමේ සැලසුම්සහගත කුමන්ත්‍රණය වැළැක්වීමට රජය කඩිනමින් මැදිහත් විය යුතුය. දුර්මතධාරින් ශාස්ත්‍රීයව පරාජය කිරීමට වැඩපිළිවෙළක් අවශ්‍යයයි ද මහා සංඝරත්නය අවධාරණය කළහ.

සම්බුද්ධ ශාසනය සහ ත්‍රිපිටකය රැක ගැනීමේ මෙහෙවරේ නිරත භික්ෂුන් වහන්සේට මෙම දුර්මතධාරීහු සංවිධානාත්මකව නින්දා අපහාස එල්ල කරමින් සිටිති. ඒ පිළිබඳව කණගාටුව පළ කළ මහා සංඝරත්නය සමාජ මාධ්‍ය ජාල හරහා ගෙන යන මේ වැඩපිළි‍වෙළ කෙරෙහි ද කඩිනම් අවධානය යොමු කිරීමේ වැදගත්කම පෙන්වා දුන්හ.

ඇදහිලි හා රෝග ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යන ස්ථාන නියාමනය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද සාකච්ඡා කෙරිණ.

ත්‍රිපිටකය රැක ගනිමින් සංරක්ෂණය කිරීම යනු අපගේ බෞද්ධ උරුමයත්, සංස්කෘතියත් ආරක්ෂා කිරීමයි. ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීමෙන් පමණක් එය සුරක්ෂිත නොවන බව පෙන්වා දුන් මහා සංඝරත්නය ත්‍රිපිටක සංරක්ෂණ පනත කඩිනමින් කෙටුම්පත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළහ.

2600 වන සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් යෝජනා කෙරුණු බෞද්ධ ග්‍රන්ථ නියාමන පනත සවිබල ගැන්වීම පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ. කෙටුම්පත මහා නායක ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කර මසක් තුළ සංශෝධන සහ යෝජනා ලබා ගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය විය.

පුරාවස්තු රැකගනිමින් ජාතික උරුමය තහවුරු කිරීමට පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනයට කටයුතු කෙරුණු අතර එහි ප්‍රගතිය ද සමාලෝචනය කෙරිණ.

අපේ රටේ බොහෝ පුරාවිද්‍යා ස්මාරක යනු බෞද්ධ උරුමයකි. පුරාවිද්‍යාත්මකව කාසියක් හෝ පෞරාණික භාණ්ඩයක් දෙස හෝ බලන අයුරින් පමණක් ඒ දෙස බැලීම සුදුසු නොවන බව පෙන්වා දුන් මහා සංඝරත්නය තීරණ ගැනීමේ දී අදාළ නිකාය මූලස්ථානවල අදහස් හා යෝජනා අනුව කටයුතු කිරීමේ අවශ්‍යතාව ද පැහැදිළි කළහ.
ආරණ්‍ය සේනාසන පවත්වාගෙන යාමේ දී භික්ෂුන් වහන්සේට රාජ්‍ය නිලධාරීන්ගෙන් එල්ල වී ඇති ගැහැට පිළිබඳව ද ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කළ මහා සංඝරත්නය උන්වහන්සේට නිදහස්ව ආරණ්‍ය සේනාසනවලට වැඩවිසීමට අවශ්‍ය පරිසරය සකසා දෙන ලෙස ඉල්ලා සිටියහ.

පරිසරය සහ සතා සීපාවා රැක ගැනීමට අතීතයේ පටන් මහා සංඝරත්නය සුවිශාල කැපවීමක් කළහ. භික්ෂුන් වහන්සේගෙන් කිසිදා පරිසරයට හානියක් නොවන අතර, කිසිවෙකුට පරිසරයට හානි කිරීමට උන්වහන්සේලාගෙන් ඉඩක් නොලැබෙන බව ද අවධාරණය කෙරිණ.

තවමත් රටේ ජනගහණයෙන් 75%ක් පමණ වන ග්‍රාමීය ජනතාව දිගුකලක සිට විවිධ වූ ආර්ථික, සමාජ ගැටළු සමුදායකින් පීඩා විඳිති. ඔවුන්ගේ ගැටලු සොයා බැලීමට ගමින් ගමට යමින් ජනාධිපතිතුමා දෙන ආදර්ශය අගය කළ උන්වහන්සේ ඊට ද එරෙහිව ඇතැම් පිරිස් ගෙන යන සාවද්‍ය ප්‍රචාර නිසා ගමට යාම නතර නොකරන්නැයි ඉල්ලා සිටියහ.


වත්මන් රජය බලයට පත් කිරීමට අතිබහුතර ජනතාවක් කැපවීමෙන් ක්‍රියා කළහ. ජනතාව අනුමත කළ එම ප්‍රතිපත්ති මාලාව සැමදා ආරක්ෂා කළයුතුය. අවශ්‍ය වන්නේ තමා ආරක්ෂා කිරීම නොව ජනතාව අනුමත කළ ප්‍රතිපත්තිය ආරක්ෂා කිරීම බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

රජයට එරෙහි විවිධ මඩ ප්‍රහාර දියත් වී ඇත්තේ මේ ප්‍රතිපත්ති මාලාවට එරෙහිව බව පැවසූ ජනාධිපතිතුමා ඒ සඳහා ඇතැම් පිරිස් විශාල මුදලක් වැය කරමින් සිටින බවත්, මේ කුමන්ත්‍රණ කඩිනමින් ජනතාවට හෙළි කළ යුතු බවත් කියා සිටියේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කිසිවෙකුට පරිසරයට හානි කිරීමට මහා සංඝරත්නයෙන් ඉඩක් නෑ – බෞද්ධ උපදේශක සභාව අවධාරණය කරයි
කිසිවෙකුට පරිසරයට හානි කිරීමට මහා සංඝරත්නයෙන් ඉඩක් නෑ – බෞද්ධ උපදේශක සභාව අවධාරණය කරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEixKN6DH-fk5xEWg8xDrrm8Tx7wfbF4uCp_h5hzfxisPrioQ4pZCSdqjj15n47cd8MxihZCoiYi54vOcvrLSiRA0vUwSlw7ZomFV8e2atNCNPTquidw3QILVAOYZHecQtHMAOx1i7ne3JE/s320/gota-budhist-monk.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEixKN6DH-fk5xEWg8xDrrm8Tx7wfbF4uCp_h5hzfxisPrioQ4pZCSdqjj15n47cd8MxihZCoiYi54vOcvrLSiRA0vUwSlw7ZomFV8e2atNCNPTquidw3QILVAOYZHecQtHMAOx1i7ne3JE/s72-c/gota-budhist-monk.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/03/blog-post_267.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/03/blog-post_267.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy