දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ ධර්ම සංගායනාවක් පවත්වනවා-සජිත්
Homeප්‍රවෘත්ති

පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ ධර්ම සංගායනාවක් පවත්වනවා-සජිත්

PropellerAds

නිර්මල බුදු දහම සම්බන්ධයෙන් පවතින විවිධ මතවාද නිරවුල් කිරීම සඳහා පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් ධර්ම සංඝායනාවක් පැවත්වීමට තමන් කටයුතු කරන බව නව ...

ශ‍්‍රීලනිප-පොහොට්ටු සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂකකම මෛත‍්‍රීට දිය යුතුයි.. අගමැතිකම මහින්දට දෙනවා.. ජනපති-අගමැති දෙකම එක පක්‍ෂයකට දෙන්න බෑ..
රතන හිමිගේ උපවාසය Visit කරන්න ආ දුමින්ද දිසානායක පන්නා දමයි.. විරෝධය මැද පොලිස් ආරක්‍ෂාව මැද ආපසු යයි..
ඉල්ලා අස්වනු.. බදියුදීන්ට ජනාධිපති දන්වයි..
නිර්මල බුදු දහම සම්බන්ධයෙන් පවතින විවිධ මතවාද නිරවුල් කිරීම සඳහා පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් ධර්ම සංඝායනාවක් පැවත්වීමට තමන් කටයුතු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අද පස්වරුවේ මහරගම පැවති මහා සඟ සමුළුව අමතමින් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ බුදුදහමට ලබාදී තිබෙන සුවිශේෂී ස්ථානය ව්‍යවස්ථාවට පමණක් සීමා නොකර ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිය යුතු බවයි.

මනුදම් රකින රටක් - දැය රකින රජයක් යන මැයෙන් සංවිධාන කළ මහා සඟ සමුළුව අද පස්වරුවේ මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වුණේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගිත්වයෙන්.

මෙහිදී මහා සංඝරත්නය විසින් පිළියෙළ කළ දසවැදෑරුම් යෝජනාවලියක් සජිත් ප්‍රේමදාස මහතා වෙත ඉදිරිපත් කරනු ලැබුවේය.

අනතුරුව එම යෝජනාවලිය සජිත් ප්‍රේමදාස මහතා වෙත භාරදෙනු ලැබුවේය.

එහිදී අදහස් දැක්වු සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ බුදු දහමට ලබා දී ඇති සුවිශේෂි ස්ථාවරය තවදුරටත් රැක ගනිමින් එම සුවිශේෂි ශක්තිය ව්‍යවස්ථාවට පමණක් සීමා නොකොට ප්‍රායෝගික ආගමික ක්‍රියාදාමයන් තුළින් ක්‍රියාවට නැංවීමට සැදී පැහැදී සිටිනා බවයි.

එසේම ධර්මධර විනයධර උගත් භික්ෂුන් වහන්සේලා මූලික කරගනිමින් පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ ධර්මසංගායනාවක් පැවැත්වීමට කටයුතු කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලයක් රට තුළ ස්ථාපිත කර අප රට බෞද්ධ ශිෂ්ඨාචාරයේ නව කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන්නට කටයුතු කරන බවත් රටේ ඇති සියලුම පුරා විද්‍යා ස්මාරකයන් ස්ථිරසාරව සුරැකීමේ ජාතික වැඩසටහනක් කඩිනමින්ම ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා සඳහන් කළේය.

ප්‍රායෝගික බෞද්ධයෙක් ලෙස තම පියා බුද්ධ ශාසනයට සිදු කළ සේවාව තවදුරටත් ශක්තිමත් කරමින් සම්බුද්ධ ශාසනයේ ස්වර්ණමය යුගය නිර්මාණය කිරීමට තමන් කටයතු කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ ධර්ම සංගායනාවක් පවත්වනවා-සජිත්
පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ ධර්ම සංගායනාවක් පවත්වනවා-සජිත්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj_cESY2th3Zs60r7qhbWV_greXMHcKhj3QjFqNMo3SJ39-EDohEPPwD0-6XpHSZZbSkszU_e6ljhChUSDxII5Fz48ZI2-obuY4PzZlmq4uNDE1YdP8Qa6uKNCq_4EjH8c1NKHkNbs1Tqim/s320/sajith-saga.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj_cESY2th3Zs60r7qhbWV_greXMHcKhj3QjFqNMo3SJ39-EDohEPPwD0-6XpHSZZbSkszU_e6ljhChUSDxII5Fz48ZI2-obuY4PzZlmq4uNDE1YdP8Qa6uKNCq_4EjH8c1NKHkNbs1Tqim/s72-c/sajith-saga.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_573.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_573.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy