දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

පාස්කු කොමිසම පත් කලේ අපේ ආණ්ඩුව නොවේ.. එනිසා එහි වගකීම අපේ නොවේ - නිමල් ලාන්සා

අ පි පාස්කු කොමිෂන් එකෙන් බලාපොරොත්තු වුනේ පාස්කු ප්‍රහාරය සිදු කළේ කවුද? පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වුනේ කවුද? හොයන්න මිසක් වෙනත් කාරණා නොව...

පි පාස්කු කොමිෂන් එකෙන් බලාපොරොත්තු වුනේ පාස්කු ප්‍රහාරය සිදු කළේ කවුද? පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වුනේ කවුද? හොයන්න මිසක් වෙනත් කාරණා නොවන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ ඊයේ (26) මාතර, දෙයියන්දර මාර්ග සංවර්ධන කටයුතු ආරම්භ කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා,

“පාස්කු ප්‍රහාරය සිදුවුනේ යහපාලන කාලයේ. ඒ නිසා එහි වගකීම වෙන කාටවත් පවරන්න බැහැ. ආරක්ෂක කටයුතු නිසියාකාරව සිදු නොකිරීම, බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට පත් කිරීම, දේශපාලන පලිගැනීම් නිසා ආරක්ෂාව බිංදුවට වැටුනා. ඒ නිසා තමා පාස්කු ප්‍රහාරය සිදුවුනේ.

දෙවනි කාරණය පාස්කු ප්‍රහාරය පිළිබද සෙවීමට මෙම කොමිෂන් එක පත් කළේ යහපාලන ආණ්ඩුව. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා. මේ කොමිෂන් එකත් ඒ ආණ්ඩුව කාලේ පත්කරපු එකක් නිසා එහි වගකීමත් අපි භාර ගන්නේ නැහැ කියලා පැහැදිලිව කියන්න ඕනේ. මොකද සමහර තීන්දූ තීරණ ගැන සමාජයේ මත ගැටුමක් ඇවිල්ලා තියෙනවා.

විශේෂයෙන් කියන්න ඕනේ කතෝලික ජනතාව නියෝජනය කරන කෙනෙක් හැටියට මෙම කොමිෂන් වාර්තාව නිසා මේ රටේ කිසියම් සිංහල බෞද්ධ සංවිධානයකට සිත් රිදවීමක් වෙලා තියෙනවනම් අපගේ කණගාටුව ප්‍රකාශ කරනවා. ඒ වගේම කියන්න ඕනේ කොයිම වෙලාවකවත් සිංහල බෞද්ධ සංවිධාන ගැන හොයන්න කියලා කතෝලික ජනතාව නියෝජනය කරන අපි හෝ කතෝලික සභාව කීවේ නැහැ. මේක මේ වෙනත් කාරණයක් කරලා තියෙන්නේ.

ඒ නිසා යම් පුද්ගලයකුට හෝ යම් පාර්ශවයකට ප්‍රශ්නයක් වෙලා තියෙනවනම් ඒක අපි හෝ කතෝලික සභාව කරපු කාර්යභාරයක් නෙමේ. මේ කොමිෂන් සභාව විසින් කරපු කාර්යභාරයක්. ඒ වාර්තාව පදනම් කර ගෙන මේ රටේ සිංහල බෞද්ධ ජනතාව හා කතෝලික ජනතාව අතර ප්‍රශ්න ඇති කිරීම සඳහා තමයි කවුරු හරි උත්සාහ කරලා තියෙන්නේ කියල මට හිතෙන්නේ.

පාස්කු ප්‍රහාරය සිද්ධ වුණාම කතෝලික ජනතාවට විශාල සහයෝගයක් දුන්නේ ගරුතර ස්වාමීන් වහන්සේලා, බෞද්ධ නායකයෝ, බෞද්ධ ජනතාව. මේ රට සිංහල බෞද්ධ රටක්. මේ රටේ වැඩිපුර ඉන්නේ සිංහල බෞද්ධ ජනතාව. බෞද්ධ සංස්කෘතිය අනුව, ඒ නායකයෝ දෙන අනුශාසනා අපි පිලිගන්නවා.

කතෝලික මන්ත්‍රීවරු ලෙස අපි කියන්නේ පාස්කු ප්‍රහාරය වාර්තාව නිසා යම් කිසි සිත්තැවුලක් සමහර සංවිධානවලට වෙලා තියෙනවා නම් පාස්කු ප්‍රහාරය පිලිබද සොයා බලපු ඒ කමිටුවට අපගේ විරෝධය ප්‍රකාශ කරනවා. ඒ කටයුත්ත කිරීම පිළිබඳව. පාස්කු ප්‍රහාරය එල්ල කළේ මේ රටේ බෞද්ධ ජනතාව නෙමෙයි. ස්වාමීන් වහන්සේලා නෙමෙයි. මේ ප්‍රහාරය එල්ල කළේ ත්‍රස්තවාදීන්. ඒ ත්‍රස්තවාදීන්ට උදව් කළේ කවුද? අනුබල දුන්නේ කවුද කියන එක අපි බලාගෙන හිටියේ. ඒක මෙම කොමිසම් වාර්තාවේ නැහැ. ඒ නිසා මෙම කොමිසම් වාර්තාව පිළිබඳව අපට අප්‍රසාදයක් තියෙනවා කියලා කියන්න ඕන. .” යැයි රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා කීය.

මාධ්‍ය ඒකකය
ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය


COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28612,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාස්කු කොමිසම පත් කලේ අපේ ආණ්ඩුව නොවේ.. එනිසා එහි වගකීම අපේ නොවේ - නිමල් ලාන්සා
පාස්කු කොමිසම පත් කලේ අපේ ආණ්ඩුව නොවේ.. එනිසා එහි වගකීම අපේ නොවේ - නිමල් ලාන්සා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjq8WwtO5Ei_tdSB1SnJYPb9xH9P2ZaFDdOqMthbCqOBpJD-EyfD-849hkOweBkJMZtSIbmMevcFibxX-IaPxoUnlDx3-6vaHjC80qWDL99AX6cLr8rDYlZFN8-KIfNkYg-ext0USFgjf0/s320/lanza.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjq8WwtO5Ei_tdSB1SnJYPb9xH9P2ZaFDdOqMthbCqOBpJD-EyfD-849hkOweBkJMZtSIbmMevcFibxX-IaPxoUnlDx3-6vaHjC80qWDL99AX6cLr8rDYlZFN8-KIfNkYg-ext0USFgjf0/s72-c/lanza.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/02/blog-post_465.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/02/blog-post_465.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy