ඉ දිරි ජනාධිපතිවරණයෙන් පසු ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සහ මහින්ද රාජපක්‍ෂ මහතාගේ බාර කාරත්වයට පත් වන අප රට යළි දියුණු රටක් ලෙස ගොඩ නැන්වීමට ,පවත...
ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සහ මහින්ද රාජපක්‍ෂ මහතාගේ බාර කාරත්වයට පත් වන අප රට යළි දියුණු රටක් ලෙස ගොඩ නැන්වීමට ,පවත්නා දේශපාලන සංස්කෘතියේ ද වෙනසක් සිදු විය යුතු බවත් ඒ සඳහා සියලු දේශපාලන පක්‍ෂ නායකයන් යුගයට ගැලපෙන ලෙස වෙනස්ව සිතිය යුතු බවත් ,විපක්‍ෂ නායක පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවැසීය .
මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් යහපාලකයන් බාර ගත් අප රට මේ වන විට තිබෙන්නේ අඳුරු තැනක බව කී ඒ මහතා ,එයින් ගොඩ ඒම සිතන තරම් පහසු ක්‍රියාවලියක් නොවන බව ද සඳහන් කළේය .
හෙට්ටිගේ මහතා මේ බව කීවේ ,” ජනාධිපතිවරණය සහ රටේ අනාගතය ” මැයෙන් අකුරැස්ස – බංගම,තිහගොඩ – හතමුණ ,පල්ලේගම ,කපිලවත්ත ,දෙනියාය ඉහළගම ,හක්මණ – මාකඳුර ,බෙරලපනාතර කොටපොළ – බෝදෙනිය ,හිගුරුපනාගල ,වෙල්ගම්ගොඩ ප්‍රදේශවාසීන්ගේ ආරාධනයෙන් පැවැති සුහද හමු වලට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි .
එහිදී හෙට්ටිගේ මහතා මෙසේද කීය .
” රට වැටී ඇති අයහපත් තැනින් ගොඩ ගන්න තිබෙන එකම තැන ජනාධිපතිවරණයයි .දැක්මක් සහිත නායකයකු වන ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධූරයට සුදුසු යැයි බහුතර පොදු ජනතාවගේ ද ආශීර්වාදය ලැබී තිබෙනවා .
යහපාලනය නිසා රටම අවුල් .මිනිසුන් මානසික පීඩනයට ලක් වෙලා .දහ දෙනෙකුගෙන් හතර දෙනෙකු මානසික රෝගී තත්වයෙන් පසු වන බව වාර්තා වෙනවා .සමාජය තුළ වෛරය ක්‍රෝධය පැතිරිලා .සමහරුන් අන් අයගේ චරිත ඝාතනය කරමින් දේශපාලනය කරනවා .මේ අයට දැක්මක් නෑ .තිබෙන්නේ ආත්මාර්ථකාමී හැඟීම් පමණයි .
ජාති ආගම් භේද ඇතිවෙන්න ඉඩ දී පාලකයන් තම බලය තහවුරු කර ගැනීමට උත්සාහ කරනවා . පසු ගිය වසර හතරකට වැඩි කාලයක් තුළ අප එය හොඳින් දැක්කා .එයින් සිදු වූයේ සියලු ජන කොටස් අතර අවිශ්වාසය ඇති වීමයි .ඒ නිසා අන්තවාදයට ඉඩ ලැබුනා .ජාතිවාදී – ආගම්වාදී ගිනි දැල් මතු වුණා .මේ දේශය නැවත මනුස්සකමින් යුත් මිනිසුන්ගෙන් පිරී යා යුතුයි .
රටේ ආරක්ෂාව ශක්තිමත් නොකර ආර්ථිකය නන්වන්න බෑ .රටේ ආරක්ෂාවට මුල් තැන දෙන්නේ ඒ නිසයි .ගම් 25000 ඉලක්ක කර ගත් සංවර්ධන සැළැස්ම ඉදිරියේදී ක්‍රියාත්මක වෙනවා .ඒ මගින් වැටී ඇති ගැමි ආර්ථිකය යළි ශක්තිමත් වේවි . දේශාභිමානී හැඟීමෙන් යුත් මනසින් යුතුව අප සියලු දෙනා රට වෙනුවෙන් වැඩ කරන්න ඕනෑ .
රට පළමු තැන තබා කටයුතු කරන සහෝදරයන් දෙදෙනෙක් අතට රට පාලනය කිරීමේ බලය ලැබීමෙන් අනාගතය ගැන බිය විය යුතු නෑ .බල තල ගැටුමක් නෑ .යහපලනයට ජනතාව කීවේ එළ හරකා සහ මි හරකා එකට බැඳුන වගේ කියල .ගෝඨාභය මහතා සහ මහින්ද මහතා එක් ව හදන ආණ්ඩුව ගැන ප්‍රගතිශීලි ජනතාව අපේක්ෂා සහගතව බලා සිටිනවා .එය නව යුගයක ආරම්භයයි .සියලු ජන කොටස් වලට සාමයෙන් – සමගියෙන් ජීවත් විය හැකි රටක් නිර්මාණය වේවි .
යහපාලන ආණ්ඩුවේ මහජන මුදල් විනාශ කළ අයට දඬුවම් දිය යුතුයි .වැරැදි ලෙස නීතිය ක්‍රියාත්මක කළ අය ගැන සොයා බලන්න ඕනෑ . වෛරකාරී දේශපාලනය නිසා යහපාලනය ඉතිහාසයේ අසාර්ථක ම ආණ්ඩුව වුණා .රාජ්‍ය නිලධාරීන් හිරේ යැවීමෙන් රජ්‍ය සේවයම අකර්මන්‍ය වුණා .අනාගතයේ එවැන්නක් සිදු නොවන ලෙස රාජ්‍ය නිලධාරීන්ට ආරක්ෂාව ලැබෙන නීතිමය පසු බිමක් හැදෙන්න ඕනෑ .” යැයි ද හෙට්ටිගේ මහතා පැවැසීය

COMMENTS