දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

පාසැල් සිසුවියන්ට නොමිලේ දෙන පෑඩ් එකෙන් දියවන්නාවේ උන් ගහන ගැහිලි මෙන්න!

6 වසරේ සිට උසස්පෙළ ශ්‍රේණිවල ඉගෙනුම ලබන දැරියන් සඳහා අවශ්‍ය සනීපාරක්ෂක තුවා රජය විසින් නොමිලේ ලබා දීමට කටයුතු කරන බවට පුවතක් ඊයේ දිනයේ වාර...

6 වසරේ සිට උසස්පෙළ ශ්‍රේණිවල ඉගෙනුම ලබන දැරියන් සඳහා අවශ්‍ය සනීපාරක්ෂක තුවා රජය විසින් නොමිලේ ලබා දීමට කටයුතු කරන බවට පුවතක් ඊයේ දිනයේ වාර්තා වූ අතර පසුගිය ජනාධිපතිවරණ සමයේද සනීපාරක්ෂක තුවා මාතෘකාව මැතිවරණ වේදිකාවේ උණුසුම් මාතෘකාවක් වුයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සියලු කාන්තාවන්ට සනීපාරක්ෂක තුවා නොමිලේ ලබා දීමට සුදානම් බවට මැතිවරණ පොරොන්දුවක් ලබා දීමත් සමඟිනි.

බැලු බැල්මට පාසැල් සිසුවියන්ට අවශ්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබා දීම ඉතාමත් හොඳය, එය රජය ජාතව වෙනුවෙන් ගත හොඳ තීන්දුවක් ලෙස පිටතින් බැලු විට සැමට පෙනෙන දෙයක් වුවත් මෙම සනීපාරක්ෂාව පසුපස ඇති දේශපාලන ඩීල් එකනම් මහා විශාලය. එදා සජිත් පෑඩ් නොමිලේ දෙන්න හැදුවේ ඔහුට මාධ්‍ය අනුග්‍රහය සපයන ප්‍රධාන රුපවාහිනි නාලිකාව අයත් ව්‍යාපාර සමුහයේ නිෂ්පාදනයක් රජයට විකුණා ගැනීමට ගැසූ ප්ලෑන් එකකට බව දන්නෝ දනිති. මේ අද සිදුවන්නේද එයට සමානම සිදුවීමකි.

රජයට සම්බන්ධ හෝ අදාළ විෂභාර අමාත්‍යවරයාට සමීප ගජ මිතුරකුට අයත් සමාගමක පෑඩ් තොගය පිටින් රජයට විකුණා කෝටි ගණන් ලාභ ලැබීම මෙහි මුලික අරමුණ වන අතර එහි කොමිස් පංගුව මෙයට සම්බන්ධ පිරිස අතර මිලියන ගණනින් බෙදී යනු ඇත. එසේ නොවන්නේනම් මෙම දීමනාවට රජය වියදම් කරන මුදල පාසැල් සිසුවියන් වෙත මුදල් ආධාර ලෙස ලබා දෙන්නට හැකියාව තිබෙන මුත් අප ඉහත කී කොමිස් ඩීල් නිසා මුදල් වෙනුවට යම් සමාගමකට අයත් නිෂ්පාදනයක්ම නොමිලේ කියමින් ඇඟේ ගසන්නට ඔවුන් පිඹුරුපත් සකසයි.

ජනතාවට නොමිලේ කියමින් දෙන බොහෝ දේවල් දෙන්නේ සැබෑවටම ජනතාවට නොමිලේ දීමට නොව ඒ හරහා කොමිස් කුට්ටි සාක්කුවේ දමාගැනීමට පොරකන රජයේ ඉහල නිලධාරීන්ගේ හා දියවන්නාවේ 225න් පිරිසකගේ අවශ්‍යතාවය සහ ඔවුන්ට ගානක් හම්බ කරගන්නට අවශ්‍ය නිසා බව මතක තබාගත යුතුය, ඔය නොමිලේ දෙන ඒවාට බදු ගෙවන්නේ රටේ ජනතාවම වන බැවින් ඔවුන්ට කිසිවක් නොමිලේ ලැබෙන්නේ නැත, නොමිලේ සියල්ල ලැබෙන්නේ දේශපාලකයින්ට හා රාජ්‍ය නිලධාරීන්ට බව සියලු දෙනා සිහියේ තබාගත යුතුය.

-thetruth


COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28609,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාසැල් සිසුවියන්ට නොමිලේ දෙන පෑඩ් එකෙන් දියවන්නාවේ උන් ගහන ගැහිලි මෙන්න!
පාසැල් සිසුවියන්ට නොමිලේ දෙන පෑඩ් එකෙන් දියවන්නාවේ උන් ගහන ගැහිලි මෙන්න!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhNMBODXeRziph1wTiTcqkNdXMMZTKzU0Rj62YOtx5ouWz69VYIBadzGMk4Sdr1TdgtWz31lFsTgupzxNS8o_3aswzhjZ2UCvfqp6fOT5QnzMMdNSnOdBzznXUm78juBNmdnN7ESVryVrw/s320/pads.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhNMBODXeRziph1wTiTcqkNdXMMZTKzU0Rj62YOtx5ouWz69VYIBadzGMk4Sdr1TdgtWz31lFsTgupzxNS8o_3aswzhjZ2UCvfqp6fOT5QnzMMdNSnOdBzznXUm78juBNmdnN7ESVryVrw/s72-c/pads.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/01/blog-post_12.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/01/blog-post_12.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy