දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගොඩනැගිලි ඉදිකිරීම් බලපත්‍රය දෙසතියකින් - ලියාපදිංචිය අන්තර්ජාලය ඔස්සේ
Homeප්‍රවෘත්ති

ගොඩනැගිලි ඉදිකිරීම් බලපත්‍රය දෙසතියකින් - ලියාපදිංචිය අන්තර්ජාලය ඔස්සේ

PropellerAds

කොළඹ මහ නගර සභාව විසින් නිකුත් ‍කරන ගොඩනැගිලි ඉදිකිරීම් බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රියාවලිය කඩිනම් කෙරේ. මේ අනුව මෙම ගොඩනැගිලි ඉදිකිරීම් බලපත්...

මහජන දිනය මගහරින ඇමතිවරුන්ට රතු එළි!
සිරිසේන හිරු සලකුණ කණපිට ගහයි.. චමුදිතලා ප‍්‍රශ්ණ අහන්න වෙලාව අයදිති (VIDEO)
වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි
ගොඩනැගිලි ඉදිකිරීම් බලපත්‍රය දෙසතියකින් - ලියාපදිංචිය අන්තර්ජාලය ඔස්සේ

කොළඹ මහ නගර සභාව විසින් නිකුත් ‍කරන ගොඩනැගිලි ඉදිකිරීම් බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රියාවලිය කඩිනම් කෙරේ.

මේ අනුව මෙම ගොඩනැගිලි ඉදිකිරීම් බලපත්‍රය දෙසතියකින් පමණ බලපත්‍ර අයදුම්කරුට ලබා ගත හැකි බවත් ඒ සදහා වන ලියාපදිංචිය අන්තර්ජාලය ඔස්සේ සිදු කර ගැනීමට හැකි බවත් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.

සිය අයදුම්පත ඇතුළු ලිපිලේඛන නගර සභාව වෙත බාර දීමෙන් පසු අදාළ පරිශ්‍රය නිරීක්ෂණය කිරීමට පැමිණෙන දිනයද බලපත්‍රය සුදානම් වීමෙන් පසු එය රැගෙන යාමට පැමිණෙන ලෙසද අයදුම්පත්ලාභියාට කෙටි පණිවිඩයක් ඔස්සේ දැනගැනීමට හැකිවේ.

තවද ගොඩනැගිලි ඉදිකිරීම් බලපත්‍රයකට අදාළ ලිපි ලේඛන බලපත්‍ර අයදුම්කරුවකු විසින් කාර්යාලයට බාරදුන් අවස්ථාවේ සිට බලපත්‍රය නිකුත් කරන තෙක් කුමන අංශයක කුමන ක්‍රියාවලියකට යටත්ව තිබේදැයි යන වග අදාළ කාර්යමණ්ඩලයට සිය පරිගණක පද්ධතිය ඔස්සේ දැනුවත් වීමටද හැකියාව ලැබේ.

මෙම පහසුකම නිල වශයෙන් ආරම්භ කිරීම නොබෝදා කොළඹ මහ නගර සභා පරිශ්‍රයේදී සිදු කෙරුණු අතර එහිදී අදහස් දැක්වු ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා පිළිඹද ඇමති හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ “අද වන විට මුළු ලෝකයම ඉතා වේගයෙන් ඩිජිටල්කරණයට පරිවර්තනය වෙමින් තිබෙනවා. මේ නිසා අද බෝහෝ වැඩකටයුතු පහසුවට ඉක්මනට කර ගන්න හැකිවී තිබෙනවා. රාජ්‍ය ආයතනයකට නොපැමිණ ජනතාවට සිය නිවසේ සිටම ඇතැම් සේවාවන් අද ලබා ගැනීමට හැකිවී තිබෙනවා. මෙම ඩිජිටල්කරණය නිසා දුෂණ අක්‍රමිකතාවයන් වළක්වාගැනීමටද මගක් වී තිබෙනවා. රාජ්‍ය ආයතන ජාල ගත කිරීමේ ක්‍රියාවලිය යටතේ රාජ්‍ය ආයතන 3500ක් ජාල ගත කිරීම අපේක්ෂාවයි. කොළඹ නගර දෙකක් ආදර්ශ සුහුරු නගර බවට පත් කිරීමට බලාපොරොත්තු වෙනවා.“

ජාත්‍යන්තර ව්‍යාපාර ශ්‍රේණිගත කිරීමේ දර්ශකයේ පෙරට ඒමට මෙවැනි සේවා පහසුකම් ලබා දීම ඉතා වැදගත් බවත් කොළඹ නගරවාසීන්ට මෙවැනි පහසුකමක් ලබා දීම ගැන සතුටු වන බවත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමති හර්ෂද සිල්වා මහතා මෙහිදී අදහස් දක්වමින් සදහන් කළේය.

කොළඹ පුරපතිනී රෝසි සේනානායක මහත්මිය පැවසූවේ “මෙම ගොඩනැගිලි ඉදිකිරීම් බලපත්‍රය ලබා ගැනීම සදහා පසුගිය කාලයේ නගරවාසීන්ට විවිධ දුෂ්කරතාවයන් රැසකට ලක්වීමට සිදුවුණා. නමුත් දැන් දින කිහිපයක් ඇතුලත එම පහසුකම ජනතාවට ලබා ගැනීමට හැකි වී තිබෙනවා. මා නගරවාසීන්ට පොරෝන්දුවක් වුණා කොළඹ නගරය සුහුරු නගරයක් කරන බවට ඒ අද ඒ පොරොන්දුව අපි ඉටු කරමින් සිටිනවා.“

www.colombo.mc.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ගොඩනැගිලි ඉදිකිරීම් බලපත්‍රය ලබා ගැනීම සදහා ලියාපදිංචි විය හැකිවේ.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය රොහාන් සමරජීව, නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී දමිත් හෙට්ටිහේවා, නියෝජිතායතනයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉන්දික ද සොයිසා, ව්‍යාපෘති කළමණාකරු චාමේන්ද්‍ර තිලංක පෙරේරා මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගොඩනැගිලි ඉදිකිරීම් බලපත්‍රය දෙසතියකින් - ලියාපදිංචිය අන්තර්ජාලය ඔස්සේ
ගොඩනැගිලි ඉදිකිරීම් බලපත්‍රය දෙසතියකින් - ලියාපදිංචිය අන්තර්ජාලය ඔස්සේ
http://am.lk/media/k2/items/cache/6642e77e17a68fb43a41065fd69a2f36_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_380.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_380.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy