දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සිංහල ධීවර පවුල් උතුරෙන් එළවා දැමීම, ‘සහජීවනය ද?’ ‘ජාතිවාදී බෙදුම්වාදය ද?’ ආණ්ඩුවට ප්‍රශ්න පත්‍රයක් (VIDEO)
Homeප්‍රවෘත්ති

සිංහල ධීවර පවුල් උතුරෙන් එළවා දැමීම, ‘සහජීවනය ද?’ ‘ජාතිවාදී බෙදුම්වාදය ද?’ ආණ්ඩුවට ප්‍රශ්න පත්‍රයක් (VIDEO)

PropellerAds

අද උතුර නැගෙනහිර පුරාවිද්‍යා ස්ථාන ඉතා දරුණු ලෙස වනසා දමමින් ඇති බවටත් ඔවුන්ගේ ඊනියා සහජීවනය බිඳ වැටේ යැයි සිතා ඒ පිළිබඳව ජනාධිපතිවරයා, අග...

වසර 54ක රහස් ලිපිගොනු හෙළි කරන්න ට්‍රම්ප් සුදානම්.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ප‍්‍රමාදයෙන් ගුරුවරු ලක්ෂයකට උසස්වීම් නෑ
දයාන් ‘එළියට’ සරත් එළියට.
සිංහල ධීවර පවුල් උතුරෙන් එළවා දැමීම, ‘සහජීවනය ද?’ ‘ජාතිවාදී බෙදුම්වාදය ද?’ ආණ්ඩුවට ප්‍රශ්න පත්‍රයක් (VIDEO)

අද උතුර නැගෙනහිර පුරාවිද්‍යා ස්ථාන ඉතා දරුණු ලෙස වනසා දමමින් ඇති බවටත් ඔවුන්ගේ ඊනියා සහජීවනය බිඳ වැටේ යැයි සිතා ඒ පිළිබඳව ජනාධිපතිවරයා, අගමැතිවරයා මෙන්ම බුද්ධශාසන, උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ද නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවටත් පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර මහතා චෝදනා කරයි.

ඊයේ (23) බොරැල්ල එන්. එම්. පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙසේ චෝදනා කළේය.

උතුරේ මහ ඇමති සී. වී. විග්නේෂ්වරන් සිදු කරන ලද ජාතිවාදී ප්‍රකාශ අද මංගල සමරවීර වැනි දකුණේ ඇමතිවරුන් ද අනුමත කිරීම කණගාටුවට කරුණක් බවත් උතුරේ බුදු පිළිම, රණවිරු ස්මාරක ගැලවීමට උත්සාහ කරන විග්නේෂ්වරන් දැන් ‘නාගදීපය’ වැනි ‘බුදුන්ගේ පාපහස’ ලැබූ බෞද්ධ උරුමයන්හි සිංහල නාම පුවරු ගැලවීමට සූදානම් වන බවත් ගුණසේකර මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

අපගේ පුරාවිද්‍යාත්මක උරුමයන් යනු මේ රටේ සභ්‍යත්වයේ උරුමය බවත් ඒවා වනසා දමා කොටි නායකයකු වන තිලීපන්ගේ ස්මාරක අද උතුරේ ඉදිවෙමින් පවතින බවත් එවැනි තත්වයකදී නීතිය ක්‍රියාත්මක නොවී එය නමමින් ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

එසේම නයාරු නැමති ධීවර ගම්මානයේ සිටි සිංහල ධීවර පවුල් එළවා දමා ඇති බවත් උතුරේ මුහුද අයිති දෙමළ ධීවරයන්ට පමණක් බවට එම පළාත් සභාව යෝජනා සම්මත කර ඇති බවත් මේවාට කියන්නේ ‘ජාතිවාදී බෙදුම්වාදය’ නොවේ නම් වෙන කුමක්දැයි මෙහිදී උදයශාන්ත ගුණසේකර මහතා ප්‍රශ්න කර සිටියේය. යාපනය නයාරු ප්‍රදේශයෙන් සිංහල ධීවර පවුල් එළවා දැමූ විග්නේෂ්වරන්ලා අද නැදුන්කර්නි ප්‍රදේශයේ දෙමළ පවුල් 1500ක් බලහත්කාරයෙන් පදිංචි කරවීම ද සහජීවනය නාමයෙන් සිදු වන බවත් එම පවුල් අතුරින් පවුල් 450කටම මෙරට පුරුවැසිභාවය පවා නොමැති බවත් ගුණසේකර මන්ත්‍රීවරයා අනාවරණය කර සිටියේය.

උතුරේ හා නැගෙනහිර දෙමළ- මුස්ලිම් දේශපාලනඥයන් ජාතිවාදය වැපුරුවත් එහි වෙසෙන දෙමළ හා මුස්ලිම් ජනතාව ජාතිවාදී බෙදුම්වාදය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බව ද ඒ මහතා සඳහන් කළේය.

අක්කරෙයිපත්තුව සාගම වට්ටමඩුව දැගැබ ඩෝසර් කිරීම, සමන්තුරේ වලතාපිටිය ගම්මානයේ පුරාවස්තු විනාශය, දීඝවාපිය පරිවාර චෛත්‍ය භූමිය ආක්‍රමණය කර ව්‍යාජ බලපත්‍ර සැකසීම, මුහුදු මහා විහාරය සතු අක්කර 700ක ඉඩමෙන් අක්කර 697ක්ම ආක්‍රමණය කිරීම අම්පාර දිස්ත්‍රික්කය තුළ සිදුව ඇති බවත් යාන් ඔය දාගැබ ඩෝසර් කිරීම, අරිසිමලේ ප්‍රධාන ආරණ්‍ය සේනාසන භූමිය ආක්‍රමණය කිරීම, කුච්චවේලි පුරාවිද්‍යා ඉඩම ආක්‍රමණය කර ව්‍යාජ බලපත්‍ර සැකසීම, පුල්මුඬේ නාගලෙන නම් විහාරයට අයත් භූමිය ආක්‍රමණය කිරීම, සාම්පූර් සුදු කුඩා දාගැබ මුළුමනින්ම ඩෝසර් කිරීම, සෙම්බුමලේ පුද බිමේ පිහිටි දාැගබ කඩා දමා එහි ගඩොලින් කෝවිලක් තැනීම ආදිය ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය තුළ සිදුව ඇති බවත් මන්නාරම මාතොට ඉපැරණි වරාය අසල අශ්වලාඩමක හැඩය සහිත දිය අගල පස්වලින් පිරවීම, මන්නාරම වෙරළ පුරාවිද්‍යා සංරක්ෂිතය තුළ ඉපැරණි බෞද්ධ සිද්ධස්ථාන මත හින්දු කෝවිල් ගොඩනැගීම මන්නාරම දිස්ත්‍රික්කය තුළ සිදුව ඇති බවත් යාපනය දිස්ත්‍රික්කයේ ද දැඩි සේ පුරාවිද්‍යා ස්ථාන වනසා දමන බවත් උදයශාන්ත ගුණසේකර මහතා මෙහිදී අනාවරණය කර සිටියේය.

එම වීඩියෝව පහතින්,

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සිංහල ධීවර පවුල් උතුරෙන් එළවා දැමීම, ‘සහජීවනය ද?’ ‘ජාතිවාදී බෙදුම්වාදය ද?’ ආණ්ඩුවට ප්‍රශ්න පත්‍රයක් (VIDEO)
සිංහල ධීවර පවුල් උතුරෙන් එළවා දැමීම, ‘සහජීවනය ද?’ ‘ජාතිවාදී බෙදුම්වාදය ද?’ ආණ්ඩුවට ප්‍රශ්න පත්‍රයක් (VIDEO)
http://am.lk/media/k2/items/cache/aa507f6c8bf4d1362b61264c6b1edea8_S.jpg
https://i.ytimg.com/vi/OPA9E_ANSio/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/video_11.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/video_11.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy