දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කෝටි 1880ක් ණයට අරන් හදපු නෙළුම් කුළුණෙන් ආදායම බිංදුවයි ලු
Homeප්‍රවෘත්ති

කෝටි 1880ක් ණයට අරන් හදපු නෙළුම් කුළුණෙන් ආදායම බිංදුවයි ලු

PropellerAds

චී නයේ එක්සිම් බැංකුවෙන් රුපියල් කෝටි 1880ක පමණ ණය මුදලක් ලබාගෙන ඉදිකළ 'නෙළුම් කුළුණ' ඉකුත් 2019 සැප්තැම්බර් මස 16 වන දින විවෘත කළ...

විවාහයක් වෙනුවෙන් අත්සන් කිරීමට ඇති බව පවසා අගමැති කොමිෂන් සභාවෙන් නැගිට යයි
එජාප අපේක්‍ෂක පොරයෙන් සුළු පක්‍ෂ අර්බුදයේ.. පක්‍ෂ රැසක් පොහොට්ටුවට එක්වෙයි !
ජනපතිගේ හඬ පටයෙන් සජිත් අර්බුදයකට !
චීනයේ එක්සිම් බැංකුවෙන් රුපියල් කෝටි 1880ක පමණ ණය මුදලක් ලබාගෙන ඉදිකළ 'නෙළුම් කුළුණ' ඉකුත් 2019 සැප්තැම්බර් මස 16 වන දින විවෘත කළත් පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් ඉන් කිසිදු ආදායමක් ලබාගැනීමට හැකි වී නැතැයි අනාවරණය වේ. 

මෙම ණය මුදලට අදාළව වසරකට පොලිය පමණක් රුපියල් මිලියන 560ක් පමණ ගෙවීමට සිදුව ඇතැයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් 'මව්බිම' ට පැවැසීය.

දකුණු ආසියාවේ ඇති උස ම කුළුණ වන මෙය ලෝකයේ උස ම කුළුණු අතර 19 වන ස්ථානයේ තිබේ. 

කැරකෙන අවන්හලකින් (Rotate Restaurant) ද සමන්විත 'නෙළුම් කුළුණ' නැරඹීමට කොවිඩ්-19 වසංගත තත්ත්වය නිසා දෙස් විදෙස් සංචාරකයන් නොපැමිණීම හේතුවෙන් මෙම කුළුණේ ආදායම් මාර්ග ඇහිරීගොස් ඇත.

මෙම කුළුණ සන්නිවේදන මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට සැලසුම් කර තිබූ අතර එහි ඇති මහල් කුලියට දීමේ කටයුතු ද මෙතෙක් සාර්ථකව සිදුවී නැතැයි හෙතෙම කීය.

මේ සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් විමසීමට දින දෙක තුනක් ම උත්සාහ ගත්ත ද ඔහුගේ කාර්යාලයීය දුරකතන විමසීම්වලට කිසිවකුගෙන් පිළිතුරක් නැත.

මේ සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් 'මව්බිම' කළ විමසීමේදී ඒ මහතා කියා සිටියේ, 2016 වසරේදී විවෘත කිරීමට තිබූ මෙම කුළුණේ වැඩකටයුතු ඉකුත් පාලන කාලය තුළ ඇදි ඇදී කෙරුණු බවයි.

සංචාරකයන් ආකර්ෂණය කර ගනිමින් විශේෂ සංචාරක කලාපයක් නිර්මාණය කිරීමට එවකට සිටි රාජපක්ෂ රජය සැලසුම් කර තිබුණ ද 2015 වසරෙන් පසු ඒ කටයුතු සියල්ල වෙනසකට භාජන වූ බව ද ඇමතිවරයා සඳහන් කළේ ය.

කෙසේ වෙතත් නෙළුම් කුළුණ හා ඒ ආශ්‍රිත ප්‍රදේශය දෙස් විදෙස් සංචාරකයන්ට ආකර්ෂණය වන පරිදි සකසා මෙම කුළුණ ඉදිකිරීමෙන් බලාපොරොත්තු වූ ආදායම් ලබාගැනීමට අවශ්‍ය කටයුතු යොදන බව ද ඒ මහතා පැවසීය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කෝටි 1880ක් ණයට අරන් හදපු නෙළුම් කුළුණෙන් ආදායම බිංදුවයි ලු
කෝටි 1880ක් ණයට අරන් හදපු නෙළුම් කුළුණෙන් ආදායම බිංදුවයි ලු
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhu65LQlEr4vbwiGhufF4gLwpfsHWZ6wG_KgRZuqDvHx5-l6EPAuG_z322dsKHrdwXG24IkRft8V0FQRubY_BdCLkpNMvD6aqwdZv6TI3V2YetdY8_qi-q5fVw4al94OacRhHL0wNEaa60/s320/600915418c8fc_Lotu+Tower.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhu65LQlEr4vbwiGhufF4gLwpfsHWZ6wG_KgRZuqDvHx5-l6EPAuG_z322dsKHrdwXG24IkRft8V0FQRubY_BdCLkpNMvD6aqwdZv6TI3V2YetdY8_qi-q5fVw4al94OacRhHL0wNEaa60/s72-c/600915418c8fc_Lotu+Tower.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/01/1880.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/01/1880.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy